Arthdal Chronicles AKA Aseudal Yeondaegi [S01 : E03] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි]
“පරණ කියමනක් තිබෙනවා,
කන්මොරු දුවන්නට පටන් ගත් විට,
සතුරන්ගේ සියලුම අශ්වයින් ඌව අනුගමනය කරන බවට.”
වහාන් ගෝත්‍රික ජනතාව සමඟ ඉයාර්ක්හි හැදී වැඩෙන ඉයුන්සම්ගේ අදහස් වහාන් ජනතාවට වඩා වෙනස්. ඔහුට හීන පෙනෙනා බව දැනගන්නා එහි ජනයා ඔහුට පිටුවහල් වීමට නියෝග කළත් ඔහු තමන්ගේ මිතුරිය සහ වහාන්වල ප්‍රධාන මාතාවගේ උරුමක්කාරිය වන ටාන්‍යාගේ උපකාර ඇතිව තවත් මද කලක් රැදී සිටීමට අවසර ලබා ගන්නවා. මේ අතර ටාගොන් තම පියාගේ නියෝගයන්ට අනුව ඉයාර්ක් වෙත පැමිණෙන්නේ ඉයාර්හි භූමිය තමා යටතට ගෙන වහලුන් ලෙස මිනිසුන් සොයා ගැනීමේ වුවමනාවෙන්. ඔහුගේ ඩේකන් හමුදා සේනාවෝ කැලයට වැදී කැලයේ සිටින සියලුම ගෝත්‍රක ජනයා වහළුන් ලෙස ගෙන යාම හෝ මරා දැමීම කරන මුත් එවේලෙහි තම පිරිස සමඟ නොසිට තමා අළුත සොයාගත් අශ්වයා වන දූරි සමඟ සිටීම නිසා ඉයුන්සම් හසු වන්නේ නැහැ.
තමා පුහුණු කිරීමට සිතූ අසු සමඟ තම ජනයා ගළවාගැනීමට යන ඉයුන්සම්ට ඔවුන් ගළවාගැනීමට නොලැබුණත් ටාන්‍යා විසින් කුම් හෙවත් වහාන්හි සිහිනය ලෙස නම් කරන ලද නමත් රැගෙන ඉයුන්සම් පිටවයන්නේ කෙදිනක හෝ ඔවුන්ව ගළවාගැනීමේ අදිටනින් යුතුවයි. ඔහුට ඔහුගේ අසු සමඟ පැන යාමට ඉඩ ලැබේවිද? කන්මොරු යනු කවරෙක්ද? එසේනම් කන්මොරු සමඟ සිටින්නා අරාමුන් හේසුල්ලාද? ඔහුගේ ජනයා ගළවා ගැනීමට නම් ඉයුන්සම් කුමක් කළ යුතුද? ගෝත්‍රිකයින්ගේ පැල්පත් ඇති ස්ථානයේ සිට ඔහුට මුණ ගැසෙන්නෙ කවුරුන්ද? මේ අතර නැවත ආර්ත්දල් වෙත කැඳවීමක් ලැබෙන ටාගොන් එහි යාවිද? යාමට පෙර ඔහු සිදු කිරීමට උත්සාහ දරන්නේ කුමක්ද?
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2250 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sub ekata thanx
Yemin (2019) කට්ටියම එකතු වෙලා පුලුවන්නම් මේකට සබ් කරන්නකො
meka download karanna link ekak danna
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
good job akki.. okkoma denna
බොහොම ස්තූතියි
Thank you
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ