Biriyaani (2021) Sinhala Subtitles | නීරසය රසය බිරියානිය..! [සිංහල උපසිරසි] [18+]
කාගෙත් කතාබහට ලක්වුණු, ගොඩදෙනෙක් ඉල්ලපු මලයාලම් චිත්‍රපටයකට තමයි අද මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. මලයාලම් සිනමාපටයක් කිව්වට මේක එසේ මෙසේ චිත්‍රපටයක් නම් නෙමේ. සම්මාන මහ ගොඩකට උරුමකම් කියපු චිත්‍රපටයක්. හැබැයි ඒ හින්දම නෙමේ මේ චිත්‍රපටය ගැන හැමෝම කතාබහ කරන්න ගත්තෙ නම්. විශේෂයෙන්ම අපේ ලංකාව තුළත් දැඩි කතාබහකට ලක්වෙන්නේ මේකේ තියෙන අමු ගතිය නිසා. කිසිම දර්ශනයක් ෆිල්ටර් කරලා නම් නෙමේ අමු අමුවේම පෙන්නන්න මේ බිරියානි කියන මලයාලම පියවර අරන් තියෙනවා. වැඩිහිටි ලිංගික දර්ශන විතරක්ම නෙමේ, බලන්න අසීරු වෙනත් දර්ශන පවා මේකේ අන්තර්ගතයි. ඉතින් මේ හින්දම සමහරු මේක බලන එක අතරමග නැවැත්තුව කියලත් ආරංචියි. කොහොමින් කොහොම හරි කියන්න තියෙන්නේ මලයාලමක් වුණු පලියටම මේක අරන් ගිහින් පවුලේ අය ඉස්සරහ නරඹන්න නම් ලෑස්ති වෙන්න එපා. ගෙදරින් එලියට බහින්නයි වෙන්නේ. 18+ ඈයෝ තනිපංගලමේ බලන එක ඇඟට ගුණයි.
අනතුරු ඇඟවීම මුලින්ම කරලා දැන් සූදානම මේ සිනමාපටය ගැන කතා කරන්නයි. බිරියානි දිනාගත්තු විචාරක ප්‍රසාදය වගේමයි සම්මාන ගණනත් මහ ගොඩක්. කලින් කිව්වත් වගේ බිරියානි ගැන කතාබහ කරන්න මුල්ම හේතුකාරකය වුනේ ඒක. ඉතින් මේ තියෙන්නේ බිරියානි දිනාගත්තු සම්මාන ලැයිස්තුව.
- හොඳම නිළිය, කේරළ රාජ්‍ය සම්මාන උළෙල – 2020
- හොඳම නිළිය – BRICS තරඟකාරී අංශය, 42වන මොස්කව් සිනමා උළෙල.
- හොඳම චිත්‍රපටය වෙනුවෙන් NETPAC සම්මානය, 20වන ඒෂියාටීකා සිනමා උළෙල, රෝමය.
- හොඳම චිත්‍රපටය වෙනුවෙන් ජූරියේ තිළිණය, බැංගලෝර් ජාත්‍යන්තර සිනමා උළෙල.
- හොඳම චිත්‍රපටය, කලයිඩස්කොප් ඉන්දියන් සිනමා උළෙල, බොස්ටන්.
- හොඳම නිළිය, කලයිඩස්කොප් ඉන්දියන් සිනමා උළෙල, බොස්ටන්.
- දෙවන හොඳම නිළිය වෙනුවෙන් කානි කුසුර්ති, Imagine සිනමා උළෙල, මැඩ්රිඩ්, ස්පාඥය.
- හොඳම තිර රචනය වෙනුවෙන් පද්මරාජන් සම්මානය.
- හොඳම තිර රචනය වෙනුවෙන් කේරළ සිනමා විචාරක සම්මානය.
- IFFC මහජන ප්‍රසාද සම්මානය.
- හොඳම නිළිය, IFFC සම්මානය.
- ජූරියේ විශේෂ සම්මානය, තමිල්නාඩු ස්වාධීන සිනමා උළෙල
- ජූරියේ විශේෂ සම්මානය, 67වන ජාතික සිනමා සම්මාන උළෙල 2021
ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.4ක අගයක් දිනාගෙන තියෙන මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙන්නේ Kani Kusruti, Shailaja Jala ඇතුළු කිහිපදෙනෙක්. වැඩිය හුරුපුරුදු අය නම් නෙමේ වෙන්නැති. ඔය අතරේ මේ බිරියානිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sajin Baabu විසින්. ඔහුවත් බහුතරයකට හුරු නැතිව ඇති. නමුත් මින් පස්සේ නම් මේ කවුරුත්ම නුපුරුදු වෙන එකක් නැහැ. ඒ මේ හැමෝම අරන් තියෙන නිර්භීත පියවර නිසාවෙන්. ඒ පියවර : සමාජයේ පවතින නොරහසක් වුණු ඒ අඳුරු පැතිකඩ නැවතත් සිහිගැන්වීම වෙනුවෙන් මොවුන් සිදු කළ සිනමාත්මක ප්‍රවේශයට බොහෝ විචාරකයින් ප්‍රේක්ෂකයින් ඔවුන්ගේ නොමද ප්‍රසාදය පළ කරා. “කදීජා සහ බිරියානි, මලයාලින්ගේ විඥානයේ මුල් බැසගනීවි, අපේ සමාජයේ සෑම වැරැද්දක්ම පිළිඹිබු කරනා කැඩපතක් විදිහට”, විචාරකයින් එහෙම කියනවා.
බිරියානි අති සංවේදී කතාවක්. වෙලාවකට පපුව හාරගෙන යන තරමටම. ඔබ චිත්‍රපටය බලන්න ගන්නේ මොන හේතුව මතද යම් ටැග් එකක් මතද අන්න ඒ හේතුව මගක් දුර යද්දි අමතක කරලා මේ ජීවමාන ඛේදවාචකයේ කොටස්කාරයෙක් වෙන්න ගනීවි. සැකයක් නැහැ, ඒක එහෙමමයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
8181 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thank you…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks brother thank you very much
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thnzzzzz bro
සබ් එකකුත් නැති නිසාම කල් දදා හිටපු චිත්‍රපටයක්. දැන් නම් බලන්නම ඕනේ….බොහොම ස්තූතියි….
Thanks brother
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thanks for sub
Sunny-2021 sub dennko
සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා .!!
Thanks
උපසිරසියට ස්තුතියි මචන්
Thanks brother
උපසිරසියට තුති
බොහොම ස්තුතියි මේ වගේ යථාර්ථවාදී ෆිල්ම් වලට සබ් ගේනවට හැමදාම බලන එකම රාමුවේ ෆිල්ම්වලින් මිදිලා
how to download it..?
baiscopedownloads.co site eken gnna
Thanks bro
සිංහල උපසිරසියට ස්තුතියි
පරක්කු වෙලා හරි මුලින්ම බයිස්කෝප් එකෙන් සබ ලැබුනේ
Sunny මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙමු
Patta
සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.
Hail Hydra
Thanks brother ..keep going ..
Sthuthiyi saho
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Thank u sub ekata…..
jayasuryage SUNNY ekatath ikmanatama sub denna puluwan nn
ගොඩාක් ස්තූතියි.
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
තෑන්ක්ස් සබ් එකට සහෝ
මේකනම් ලැබෙයි කියලා හිතුවේ නැ
ස්තුතියි සහෝ
උපසිරසියට ස්තුතියි
Sub akta thanks
Sub ekata thanks! Maestro telugu film ekatath sub denna ..
නීරස රස බිරියානියට ස්තූතියි මල්ලි.
දෙනකන් බලන් හිටියේ,තැන්ක්ස් මයුර
ඇති යාන්තම් මෙන්න දීලා.. දෙනව කිව්ව දවසෙ ඉඳන් බලාගෙන හිටියේ.. තෑන්ක්ස් සබ් එකට අයියේ.. එක්සෑම් ඉවර උන ගමන් බැලිල්ලක් තමා ඉතින්..