My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E16] Sinhala Subtitles | මගේ පෙම්වතිය තාමත්…. නරියෙක්! [සිංහල උපසිරසි]
පසුගිය කොටසේදී, දේ වුන්ග් දැනගත්තානේ මී හෝ ගේ මරණය සිද්ධ වෙන එක නැවතිලා නෑ කියලා. ඉතින් මොකද වෙන්නෙ, ඇත්තටම මී හෝ අතුරුදන් වෙයිද? මේ කොටසේදී කතාව අවසන් වෙන්නෙ වෙනස්ම විදියකට. ඒත් අන්තිමේදී නැවත දේ වුන්ග්ට සහ මී හෝ ට එකතු වෙන්න අවස්තාවක් ලැබෙයිද. ඉතින් වැඩි විස්තර ඕනේ නෑ කියලා හිතෙනවා. මේ ලස්සන ආදර කතාවේ අවසානයත් බලලම දැනගන්නකෝ. කොහොමවුනත් සතුටුදායක අවසානයක් තියෙනවා කියලා කියන්න කැමතියි.
ඉතින් කොටස් 16 ක් පුරාවටම මේ කතාවත් සමඟින් රැඳී හිටිය ඔයාලට මගේ ප්‍රණාමය. පුංචි පුංචි අඩුපාඩු තියෙන්නත් ඇති. ඒත් ඔයාලගේ රසයට බාධාවක් නොවෙන විදියට උපසිරසි හසුරුවන්න මං උපරිම උත්සාහයක් දැරුවා. මගේ ඒ උත්සාහය සාර්ථක වුනාද නැද්ද කියලා කියන්න පුළුවන් ඔයාලටම තමයි ඉතින්…..
එහෙනම් ඉතින් නැවතත් මේ වගේ ලස්සන කතාවකින් හමුවෙන තුරු ඔයාලගෙන් සමුගන්නම්…!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
3228 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!