Descendants of the Sun AKA Tae-yang-eui hoo-ye [E09-E16] Sinhala Subtitles | හිරුගෙන් පැවත එන්නෝ… [සිංහල උපසිරැසි]
කොහොමද යාලුවනේ මෙන්න මම ඔයාලට අලුත්ම අලුත් කතාවක් අරගෙන ආවා. මේ කතාව තාම කොරියාවේ විකාශණය වෙන කතාවක්. 2016 පෙබරවාරි 24 තමයි මේ කතාව විකාශය වෙන්න පටන් ගත්තේ.
මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ හමුදා සෙබලෙකුත් ලස්සන වෛද්‍යවරියකුත් තමයි. ඒත් මේ කතාව හුදෙක්ම ආදර කතාවක් නෙවෙයි. හමුදා නිළ ඇඳුමට යටින් තියෙන්නෙ කොයි තරම් මෘදු, කාරුණික හදවතක්ද කියලා මේ කතාවෙන් අපිට බොහොම ලස්සනට පෙන්වනවා. අපි නොහිතන තරම් කැපවීම් කරල තමන් කවදාවත් නොදැකපු අඳුනන්නෙ නැති අවය රකින්න තමන්ගෙ ජීවිතේ ලස්සනම කාලෙ යොදවන නිර්භීත හමුදා භටයින් ගැන අපිට මේ කතාවෙන් බලාගන්න පුලුවන්.
මේ කතාවෙ ප්‍රධාන චරිත දෙක තමයි Shi-Jin (Song Joong-Ki) කියන විශේෂ බලකායේ හමුදා සෙබලා සහ Mo-Yeon (Song Hye-Kyo) කියන ලස්සන වෛද්‍යවරිය. මේ දෙන්නා ගැන මෙහෙම කිව්වට ඔයාලා ඇඳුනුවෙ නැතත් මම කියන්නම් ඔයාලට එයාලව අඳුනගන්න ලේසි ක්‍රමයක්. ඔයාලට මතකද අපිට කොරියන් කතා පිස්සුව හදපු පලවෙනි කතාව. මොකක්ද් ඒ? ඒක තමයි ෆුල් හවුස් ඒකෙ හිටපු පිස්සු කෙල්ලව නම් ඔයාලට මතක නැතිව ඇති නේද? ජි යුන්. අන්න එයා තමයි මේ කතාවේ අපේ ලස්සන වෛද්‍යවරිය. එතකොට ප්‍රධාන නලුවා. එයා තමයි ඔයාලා තවත් ආසාවෙන් බලපු කතාවක් වුන අසලියා මල කතාවේ හිටපු සෙල්ලක්කාර ශිෂ්‍යයා ඕරිම්. ඉතින් බලන්නකෝ මේ දෙන්නගෙ එකතුවෙන් මේ කතාව ගොඩනැගෙන හැටි. (හමුදාවෙ සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ භාවිත වෙන වචන ටිකක් වෙනස් නිසා උපසිරැසි වල යම් අඩුපාඩුවක් වෙතොත් තරහවෙන්න එපා….. )
9 කොටස Episode 09
මෙන්න අපේ වෛද්‍යවරියට හරි වැඩක් වෙනවා. කාටවත් නොකියා හිතේම තියාගෙන හිටපු තමන්ගෙ ඇත්තම කැමැත්ත වැරදීමකින් මුලු කඳවුර පුරාම විකාශනය වෙනවා. මේක ඇයට හරිම ලැජ්ජාවක් වෙනවා. ඒත් අන්තිමට ඇය පිළිගන්නවා තමුන් ශි ජින්ට ආදරය කරන බව. මේ අතරතුර කළමනාකාරතුමා දියමන්ති ටික හොරකම් කරගෙන රටෙන් පැනල යන්නයි සූදානම. තමන්ගෙ සෙබළුන්ගෙ ධ්‍යෛර්ය වඩවන්න හමුදාපතිතුමා තමන්ගෙ කඳවුර බලන්න එනවා කියලා දැනගත්තම සෙබළුන් බොහොම මහන්සි වෙලා ඊට සූදානම් වෙනවා ඒත් අවසානයේ දැනුම් දෙන්නේ ඒක අවලංගු කරපු බවයි. ඒ වෙනුවෙන් හමුදා නායකයන් වගේම වෛද්‍යවරියවත් ඔහු රැස්වීමකට කැඳවනවා. එහිදී ඔහු තමන්ගේ දියණියට සියෝ ඩේ යොන්ග් එක්ක දින ගත කරන්න අවසර දෙන අතර කවුරුත් නොදන්න කොන්දේසියකුත් සියෝ ඩේ යොන්ග් ට පවසනවා.
10 කොටස Episode 10
11 කොටස Episode 11
12 කොටස Episode 12
13 කොටස Episode 13
14 කොටස Episode 14
15 කොටස Episode 15
16 කොටස Episode 16
මෙන්න හරියටම අවුරුද්දකට පස්සේ ශි ජින් සහ ඩේ යොන්ග් දෙන්නා ආයෙමත් ඇවිත්. ඒක හැමෝටම ගොඩක් සතුටු වගේම පුදුමසහගත ප්‍රවෘත්තියක් වෙනවා. ඒ අවුරුද්‍ද වෙද්දි සෝල් වල ගොඩක් දේවල් වෙනස් වෙලා. මූ යොන්ග් ඉස්සර වගේම ආයෙමත් ටීවී එකේ ප්‍රසිද්ධ වෛද්‍යවරිය වෙලා. මියොන් ජූ තමන්ගෙ තාත්තත් එක්ක අමනාපෙන් ආයෙමත් උර්ක් වලට ගිහින්. එතකොට ඩේ යොන්ග් බලාගත්ත සාමාන්‍ය සෙබලා කිම් බම් සැරයන් කෙනෙක්ගෙ තතත්වෙට උසස් වෙලා. මේ හැමදේම මේ විදිහට වෙද්දි ආයෙමත් අපේ වීරයන් දෙදෙනගේ ආගමනය බොහොම සතුටට කාරණයක් වෙනවා. මේ හැම බාධකයක් මැද්දෙන්ම ඔවුන් හැමදාමත් වගේම ඔවුන්ගේ සුපුරුදු ගමන දිගටම යන බව ඔවුන් ඉක්මනින්ම පසක් කරගන්නවා. වගේම තමන් කරන යහපත් දේවල් වලින් ඔවුන් යහපත් ප්‍රථිපල ලබල බොහොම සතුටට පත්වෙනවා.
ඉතින් ඔන්න ඒ කතාවත් ඉවරයි යාළුවනේ. ඔයාලට මොකද හිතේනේ මේ කතාව ගැන, උපසිරැසි ගැන? ඒක මම හොඳට කරල තිබුනද? කතාව හොඳද? ඔයාලා ඒ උපසිරැසි වලට කැමතිද? ඔයාලගේ අදහස් දැනගන්න මම බලන් ඉන්නවා. (තවත් අමතර කොටස් 3ක් තියෙනවා මේ කතාවේ. ඒක මම හිතන විදිහට කතාව නිර්මාණය කරන අවස්ථාව ගැන වෙන්න ඕනේ. කොහොම වුනත් ඒක download කරගන්න පුලුවන් වුනොත් මම ඔයාලා වෙනුවෙන් ඒ කොටස් තුනටත් උපසිරැසි ගේන්නම්)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 35659 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….
ජයම වේවා………..
Sub hadana eka hemotoma කරන්න ත් ඔයාලා ට hambena දේකුත් නෑ. මේවගේ free sub hadala dana එකට තැන්ක්ස් all ❤️
Ithuru episode 3 tath sub dennako ewai download link thinawa
epsodes 1-7 witarai mata hoyaganna puluawan une ithiri ewaye link eka kata hari danna puluwanda pls
ස්තුති සබ් වලට.ස්පෙශල් එපි තුනෙත් සබ් දෙනවද……
ජය.. ✌✌✌
Thank dr ආසාවෙන් හිටියේ මේක බලන්න.
Sub venuven bohoma sthuthi……..!!!!!!!!!!!
බොහොම ස්තුතියි සබ් එකට 🙂
sub ekata thanks sis
තෑන්ක්ස්…