MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචාමිකර විදානගේචිත්‍රපටිත්‍රාසජනකබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

A Working Man (2025) Sinhala Subtitles | වැඩ කරන විරුවා! [සිංහල උපසිරැසි] 18+

Rating: 9.8/10. From 13 votes.
Please wait...

A Working Man (2025) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙට පස්සේ ඔන්න අද තමයි උපසිරැසියක් අරන් ඔයාලව හම්බෙන්න එන්නේ. ටික කාලයක් පුද්ගලික වැඩත් එක්ක හිර වෙලා හිටියා. වැඩ වල නම් ඉවරයක් නැහැ. ඒත් මේ විනෝදාංශය අත අරින්න බැහැ නේ. ඒක නිසා 2025 අවුරුද්දේ බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් ක්‍රියාදාම චිත්‍රපටයක් වන A Working Man අරගෙන ඔයාලා ගාවට එන්න හිතුවා. පරක්කු නම් තමයි. හැබැයි අද ලෝක කම්කරු දවසේ වැඩ කරන විරුවෙක් ගැන කියවෙන චිත්‍රපටයක් දෙන එක එක අතකින් අහඹු දෙයක්.

ඔයාලට මම ගිය අවුරුද්දේ The Beekeeper (2024) චිත්‍රපටය අරන් ආවා සමහර විට මතක ඇති. ඉතින් මම ඇත්තටම හිතුවේ නැහැ ඒ වගේම චිත්‍රපටයක් මේ අවුරුද්දේ ඔයාලට අරන් එන්න පුළුවන් වෙයි කියලා. කියන්න දෙයක් නැහැ නේ Jason Statham ඉන්නවා කියන්නේ ගැම්මක් තමයි (තට්ටයෝ කොහොමත් වැඩ්ඩෝ නේ ).

එහෙනම් කතාව ගැන පොඩි අදහසක් දෙන්නම්. ලෙවන් (Jason Statham) කියන්නේ ඉස්සර Royal Marine Commando කෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. මිනිහා පස්සේ ඒ රස්සාවෙන් අයින් වෙලා ගොඩනැගිලි හදන කණ්ඩායමක ප්‍රධානියෙක් විදිහට වැඩ කරන්න තීරණය කරනවා සාමාන්‍ය ජීවිතයකට හුරු වෙන්න හිතාගෙන. විශේෂයෙන්ම එයාගේ පුංචි දුවවත් බලාගෙන. ලෙවන් වැඩ කරන්නේ ග්‍රේසියා කියලා පවුලකට. එයාලා තමයි මේ ගොඩනැගිලි හදන ව්‍යාපාරයේ අයිතිකාරයෝ.

දවසක් මේ ග්‍රේසියා පවුලේ ජෙනා (Arianna Rivas) කියන ලස්සන තරුණ කෙල්ලව රුසියානු මිනිස් ජාවාරම්කාරයෝ සෙට් එකක් පැහැර ගන්නවා. ලෙවන් පොරොන්දු වෙනවා ග්‍රේසියා පවුලට කොහොම හරි එයාලගේ දුව හොයන් එනවා කියලා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන හැටි තමයි කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ.

ඉතින් කියන්න ඕන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරෙත් The Beekeeper (2024) වගේම ලෝකප්‍රසිද්ධ Suicide Squad (2016) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු David Ayer. චිත්‍රපටයේ බජට් එක නම් එච්චර ලොකු නැහැ ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් විතර තමයි වෙන්නේ. හැබැයි මේ වෙනකොට බොක්ස් ඔෆිස් මට්ටමට මේ චිත්‍රපටය ඇවිල්ලා තියනවා මොකද මේ වියදම අඩු කාලෙකින් පියවා ගන්න පුළුවන් වෙලා තියන නිසා (දැනට ලබපු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 65 ක් විතර වෙනවා).

වැඩි කතා ඕන නැහැ නේ. ඒක නිසා විනාඩි 116 ක් දිවෙන මේ චිත්‍රපටය රසවිඳින්න ආරාධනා කරන ගමන් මම නවතිනවා.

හැමෝටම ජය!

 

 

   

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4391 --

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank


SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

A Working Man (2025) Sinhala Subtitles

9 thoughts on “A Working Man (2025) Sinhala Subtitles | වැඩ කරන විරුවා! [සිංහල උපසිරැසි] 18+

  • For me 2025 apu hodama film eka

    Reply
  • Asela chathuranga

    සුභ අළුත් අවුරුද්දක් වේවා සහෝදරයා, සියලු පැතුම් ඉටුවේවා,
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි

    Reply
  • කලත්මා

    ඔයාගෙ වැඩක් නම් ආයෙ නොබලා ඉන්න හේතුවක් නෑ. දිගටම සබ් දෙන්න. කාලයක් බලන් හිටියා එකක් එනකම්

    Reply
  • thanks bro sub ekata me film ekath supri action thiyena film ekk . epa wenne nathuwa eka digata balanna puluwan patta ..

    Reply
  • Buddhika laKMal

    බොහෝම ස්තූතියි චාමිකර සහෝ මේ ෆිලුමට සිංහල සබ් දුන්නට

    Reply
  • thank you brother
    IHostage (2025) sub please

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *