Agatha All Along [S01: E03] Sinhala Subtitles | මායාකාරියන්ගේ පාර දිගේ… [සිංහල උපසිරසි]
Agatha All Along Sinhala Subtitles
ඔන්න සුපුරුදු විදියට ඇගතා හාක්නස්ගේ කතන්දරයේ තෙවෙනි කොටස අරගෙන බයිස්කෝප්වාසී මාර්වල් රසිකයන්ව හම්බෙන්න ආවා. ඔයාලා මුල් කොටස් දෙක නරඹලා තාමත් ආසාවක් හිතුනේ නැත්තම් බලාපොරොත්තු කඩකරගන්නේ නැතුව ඉදිරි කොටස් ටිකත් නරඹලා ඉන්න කියලත් මතක් කරන්න ඕන. ඇත්තටම මෑත කාලයේ නිකුත් උන මාර්වල් කතා මාලානම් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු උන මට්ටමේ තිබුනේ නෑ. විශේෂයෙන්ම ශී හල්ක්, මිස් මාවල්, සීක්‍රට් ඉන්වේශන් වගේ කතාමාලා බොහෝ රසික බලාපොරොත්තු බිඳ වැට්ටුවා. ඒත් ඊට අමතරව වොන්ඩාවිෂන්, ලොකී, ෆැල්කන් ඇන්ඩ් වින්ට සෝල්ජර්, හෝක් අයි වගේ සුපිරි කතාමාලා නිෂ්පාදනය උන බවත් ඔයාලා දන්නවනේ. ඉතිං මේ ඇගතා ඕල් අලෝන්ග් කතාමාලාවත් ඒ වගේම ගුණාත්මක කතාමාලාවක් බව මම ඔයාලට සහතික වෙනවා.
ඉතිං පසුගිය කොටස් දෙක ඔයාලට මතක ඇති කියලා හිතනවා. වොන්ඩාගේ මන්තරයට අහුවෙලා හිටපු ඇගතා කලින් හිටියා වගේම ඇග්නස් කියන නමින්ම වෙස්ට්වීව් වල ජීවිත් වෙන හැටිත්, ඇග්නස්ගේ ගෙදරට කඩාවදින කොළුවෙක් ඒ බන්ධනයෙන් ඇගතව බේරගන්න විදියත් අපි දැක්කා. ඒ වගේම ඇගතගේ සතුරෝ කීපදෙනෙක් එයාගේ වටේ කැරකෙන බවත් දැනගන්න ලැබුනා. ඒ නිසා ඇගතා පැනලා යන්න හදද්දි අර අබිරහස් කොළුවා මායාකාරියන්ගේ පාර කියලා දෙයක් ගැන ඇගතගෙන් අහන නිසා ඇගතා ආපහු එයාගේ පැනලා යන අදහස වෙනස් කරනවා. ඒ වගේම මේ මායාකාරියන්ගේ පාර කියන්නේ ඒ පාරේ අන්තිමට යන අයට විශේෂ වරප්‍රසාද ලබාදෙන අද්භූත මාවතක් කියලා තමයි ඇගතා කියන්නේ. ඒ නිසාම තමන්වත් ඒ මායාකාරියන්ගේ මාවතට එක්කන් යන්න කියලා මේ කොළු ගැටයා ඉල්ලනවා.
අනිත් එක තමයි මේ පාරට යන දොරටුව විවෘත කරන්න පුළුවන් වෙන්නේ මායාකාරියන් කණ්ඩායමකට විතරක් නිසා කවන් එකක් නොහොත් මායාකාරියන්ගේ එකමුතුවක් තියමු කියලා ඇගතා යෝජනා කරනවා. ඒ වගේම ඒකට තවත් මායාකාරියෝ ඕන නිසා දෙන්නත් එක්ක ගිහින් උප්පරවැට්ටි ටිකක් දාලා මායාකාරියෝ තුන් දෙනෙක් එකතු කරගන්නවා වගේම මායාකාරියෝ ගැන හාංකවිසියක්වත් නොදන්න අහිංසක හාට් නෝනා නොහොත් ශැරොන් ඩේවිස්වත් ඇදලා ගන්නවා. මේ මායාකාරියන්ගේ පාර විවෘත කරන්නනම් විශේෂ කාව්‍යමය ගීතයක් ගායනා කරන්න ඕන නිසා ඉස්සරහටත් නිතර නිතර ඇහෙන්න ලැබෙන ගීතයකුත් අහන්න ලැබුනා. මේ ජරමර අස්සේ ඇගතව හොයාගෙන එයාගේ සතුරෝ කීපදෙනෙකුත් කඩා වැටුනනේ. ඒ වගේම ඇගතට ඇත්තටම ඕනකලේ මායාකාරියන්ගේ මාවතට යන්න නෙමෙයි අනිත් මායාකාරියන්ගේ බලය හොරකම් කරන්න කියලා එතන හිටපු ලිලියා කියන යක්දෙස්සිට තේරුනා. ඉතිං මායාකාරියෝ ඔක්කොම එතන රණ්ඩු වෙන අස්සේ අබිරහස් දොරටුවක් මතුවෙලා තියෙන බව ශැරොන් නෝනා මෙයාලට පෙන්නුවා. අපි අන්තිමටම දැක්කේ ඇගතගේ භයානක සතුරන්ගෙන් බේරෙන්න හැමෝම ඒ දොරටුවෙන් මායාකාරියන්ගේ මාවතට යන විදියයි.
මායාකාරියන්ගේ මාවත ඇත්තටම මොන වගේ තැනක්ද කියලා අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට යද්දි මොන මොන බාධක එයිද? මෙයාලා ඒවට කොහොම මූණ දෙයිද කියලා ඉස්සරහට දකින්න ලැබේවී. මේ කොටසෙදි ඔයාලට මෙෆිස්ටෝ කියලා නමක් ඔයාලට අහන්න ලැබෙයි. කොමිස් රසිකයෝ ගොඩක් අයනම් මෙයාව අඳුරනවා. කෙවින් ෆයිජිගේ MCU එකේදි පලවෙනි වතාවට තමයි මෙයාගේ නම අහන්න ලැබෙන්නේ. ඒ වගේම මාවල් සිනමා විශ්වයේ ඉස්සරහටත් මේ චරිතය දකින්න ලැබෙන බව දැනටමත් ඉඟි තියෙනවා. ඒ නිසා ඒ ගැන විස්තරයකින්ම මම ලිපිය අවසන් කරන්නම්.
මෙෆිස්ටෝ (Mephisto)
මෙෆිස්ටෝ හෙවත් යක්ෂයන්ගේ ස්වාමීයා චරිතය අපිට මුලින්ම දකින්න හම්බෙන්නේ මාවල් කොමික්ස්ලා 19678 දෙසැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරපු Silver Surfer #3 කොමික් කලාපයෙන්. සුපුරුදු විදියට මේ චරිතයත් නිර්මාණය වෙන්නේ කොමික් රජු Stan Lee සහ John Buscema ගේ හෙළි තුඩින්. ඔවුන් මේ චරිතය නිර්මාණය කරන්න පදනම් කරගෙන තියෙන්නේ 1790දී ජර්මානු ජාතික යොහාන් වුල්ෆ්ගැන්ග් විසින් රචිත Faust නම් නාට්‍යයේ Mephistopheles නම් යක්ෂ චරිතය ඇසුරෙනුයි. මෙපිස්ටෝ බොහෝ වෙලාවට Silver Surfer, Ghost Rider නොහොත් ජොනී බ්ලේස් සහ ස්පයිඩර් මෑන්ගේ සතුරෙක් විදියට විවිධ කොමික් කලාප වල දකින්න ලැබෙනවා. ඒ වගේම මෙෆිස්ටෝ සමහර අවස්ථාවලදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, ඩොක්ටර් ඩූම්, ස්කාර්ලට් විච් සහ මාර්වල් විශ්වයේ ගොඩක් වීරයන් සමඟත් ගැටුම් ඇතිකරගෙන තියෙනවා.
මෙෆිස්ටෝගේ සුපිරි බලයන් දිහා බැලුවොත් අධිමානුෂික ශක්තිය, සුපිරි වේගය, දරාගැනීමේ ශක්තිය සහ ඉක්මනින් සුවවීම යන බලයන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මැජික් බලයෙන් හැඩය මාරු කිරීම, විශාලත්වය වෙනස් කිරීම, පූර්ව දැනගනීම සහ අමරණීයත්වය යන බලයන්ගෙන්ද මෙෆිස්ටෝ සමන්විත වෙනවා. ඒ නිසා මෙෆිස්ටෝව සුපර් විලන් කෙනෙක්ගේ ඝනයට දාන්න පුළුවන් කිව්වොත් ඒකේ වරදක් නෑ. අපිට මේ කතා මාලාවේ ඉස්සරහට මෙෆිස්ටෝව දැකගන්න ලැබෙනවද කියලනම් කියන්න බෑ. ඒත් මේ වෙද්දි ලයිව් ඇක්ෂන් චිත්‍රපට දෙකකදි මේ චරිතය ඔයාලට හම්බෙලා තියෙනවා. 2007දී නිකුත් උන ගෝස්ට් රයිඩර් පළමු සිනමාපටයෙදි Peter Fonda විසින් මෙෆිස්ටෝ චරිතය නිරූපනය කලා වගේම ගෝස්ට් රයිඩර් දෙවන චිත්‍රපටයෙදි නැවත එම චරිතය නිරූපණයට Ciarán Hinds සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වගේම මේ වසරේ නිකුත් උන මාර්වල් හිට්-මන්කි දෙවන කතාසමයදි මෙෆිස්ටෝ විදියට Keith David තමන්ගේ හඬ දායකත්වය ලබාදී තිබෙන බවත් කියන්න ඕන. ඒ වගේම ලබන වසරේ නිකුත් වීමට නියමිත Ironheart කතාමාලාවෙදි මෙෆිස්ටෝ විදියට Sacha Baron Cohenව දැකගන්න පුළුවන් බවටත් වාර්තා වෙනවා. කලින් ලයිව් ඇක්ෂන් චරිතනම් මෙෆිස්ටෝගේ භයානක බිහිසුණු බව සහ සුපිරි දුෂ්ට බව පෙන්නන්න සමත් උනේ නෑ කියන එකයි මගේ මතය. අඩුගානේ Sachaගේ මෙෆිස්ටෝවත් කොමික් වලට සමානව දකින්න ලැබෙයිද කියලා අපි බලමු
එහෙනම් ඉතිං මෙෆිස්ටෝගේ වගතුග ටික සාරාංශව කිව්වොත් ඔච්චරයි. කතාමාලාවෙදි ඉදිරියට සඳහන් වෙන චරිත ගැනත් පුළුවන් විදියට ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා. මීළඟ කොටසින් ඔයාලව හමුවන තෙක් හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!
Agatha All Along Sinhala Subtitles
[box]
කතාංගයේ නම – “Through Many Miles of Tricks and Trials”
කතා රචනය – Cameron Squires
අධ්‍යක්ෂනය – Rachel Goldberg
විකාශය වූ දිනය – 2024 සැප්තැම්බර් 25
IMDb අගය – 7.5
මීළඟ කතාංගය – “If I Can’t Reach You, Let My Song Teach You”
[/box]
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 969 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks for sub
Knuckles tv series ekea episode 5 and 6 subtitles දෙන්න plvanda ?