MENU

18+Featured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධක්‍රියාදාමචිත්‍රපටිබලන්නරහස් පරීක්ෂකරොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

American Gangster (2007) | පාතාල නායකයෙක් වෙන්න ඉගෙන ගම්මුද? (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 16 votes.
Please wait...

American Gangster (2007)
හොඳයි අපි පහුගිය වතාවේ ඔබගේ මනාපය විමසපු සුපිරි නළු ඩෙන්සිල් වොෂින්ටන් ගේ චිත්‍රපට 5 ක් අතරින් ඔබේ මනාපය අනුව මෙන්න මේ චිත්‍රපටියට අද මම උපසිරැසි අරගෙන ආවා. සම්මාන නවයක් දිනා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළු තවත් සම්මාන 30 කට නිර්දේශ වීම ලබන්න සමත් වෙච්ච මේ චිත්‍රපටිය තමා ඔබ තෝරලා දුන්නු චිත්‍රපටය වන්නේ. IMDB වර්ගීකරණයේ ප්‍රේක්ෂක ඡන්ද 226,746 වැනි සංඛ්‍යාවක් ලබා 7.8/10 ලබාගත් මෙම චිත්‍රපටය ඔබ තෝරාගැනීම එක අතකට පුදුමයකුත් නෙවෙයි.

Denzel Washington

මේ චිත්‍රපටයට පාදක වෙන්නේ වියට්නාම යුද්ධය කාලේ මියගිය සොල්දාදුවන්ගේ පෙට්ටි වල හොරෙන් හංගගෙන අග්නිදිග ආසියාවේ ඉඳන් ඇමෙරිකාවට හෙරෝයින් ගෙනාපු ෆ්‍රෑන්ක් ලූකස් ගේ කතා වස්තුවයි. 1968 වර්ෂයේ ඇමෙරිකාවේ එල්ස්වර්ත් “බම්පි” ජොන්සන් කියන පාතාල නායකයාගේ දකුණු අත මෙන් සිටි ෆ්‍රෑන්ක් ඔහුගේ හදිසි මරණයෙන් පසුව තම ප්‍රතිවාදී තරඟකාරී කුඩු ඒජන්තවරුන් ගේ කුඩු වලට වඩා දෙගුණයක් හොඳ ඒත් ප්‍රතිවාදීන්ට වඩා මිලෙන් අඩු මත්ද්‍රව්‍ය ලබාදෙන්න ඔහු අතරමැදියන්ව හලා කෙළින්ම කුඩු ආනයනය කරන්න පෙළඹෙනවා. ඇමෙරිකාවේ ඒ වන විට කුඩු රජුන් වෙච්ච ඉතාලි මාෆියා කණ්ඩායම් වලට ඔහුගේ මේ තත්වයෙන් උසස් Blue Magic නමින් වෙළඳ පලට අඩු මුදලකට නිකුත් කරන මේ මත්ද්‍රව්‍ය නිසා වැලේ වැල් නැති වෙනවා. එසේම ෆ්‍රෑන්ක් ඉතා ධනවතෙක් බවට පත්වෙනවා.

මේ අතර නෙවාර්ක් පොලිසියේ සේවය කරන රිචී රොබර්ට්ස් අවසර නොලැබුණු වැටලීමකින් අල්ලාගන්න ඩොලර් මිලිනයක මුදල පවා තම සගයා පවසන ලෙස තමන් සතු කර නොගෙන පොලිසියට භාරදීම නිසා ඔහු තම පොලිස් සගයන්ගේ අප්‍රසාදයට පත් වෙනවා. ඒත් ඉතා වේගයෙන් සමාජය පුරා පැතිර යන මත්ද්‍රව්‍ය වැටලීම සඳහා උසස් නිලධාරීන් ඉතාමත් රහස් පොලිස් කණ්ඩායමක් සාදා එහි ප්‍රධානීත්වය රිචී රොබට්ස් හට ලබා දෙනවා.

ඉතින් මෙතැන් සිට මෙම හොරා පොලිස් සෙල්ලම නියම ආකාරයෙන් ආරම්භ වෙනවා. සත්‍ය සිදුවීමක් නිසා මෙම කතාව පුරා නියමාකාර ලෙසම අල්ලස දූෂණය රජ කරන ආකාරය පෙන්වා තිබෙනවා. ඒත් මේ චිත්‍රපටයේ සැබෑ අයිතිකරුවන්ගෙන් නම් සෑහෙන විවේචන එල්ල වුනා. ඒ අතරට අයත් වෙච්ච එකම එක විවේචනයක් මම කියන්නම්. “මෙම චිත්‍රපටය සීයට එකක් සත්‍ය හා සීයට අනූ නවයක් හොලිවුඩ්

[Sterling Johnson, Jr., a federal judge who served as a special narcotics prosecutor for the United States District Court for the Eastern District of New York and assisted the arrest and trial of Lucas, described the film as “one percent reality and ninety-nine percent Hollywood.]

American Gangster (2007) on IMDb

[button link=”http://goo.gl/dec0Q” type=”icon” “center” newwindow=”yes”] 534 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
ac7d6244fc204081ff1026a3ef620942a1a13eb6
[button link=”http://goo.gl/Wvxj5″ type=”icon” “center” newwindow=”yes”] 950 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
f790ba878d9ff7c30245626ba28e8c6d897050d9
[button link=”http://goo.gl/qPhmI” type=”icon” “center” newwindow=”yes”] 1.09 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
b787065e79723cf42fd60423004a4f5348efea79
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7680 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

90 thoughts on “American Gangster (2007) | පාතාල නායකයෙක් වෙන්න ඉගෙන ගම්මුද? (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

    Reply
  • Gosak sthuthi.. Jaya wewa!

    Reply
  • යකෝ මේකේ සබ් එක නෙමෙයි යන්නෙ උබේ නම විතරයි යන්නෙ ..
    Film එකත් එපා වෙනවා ..

    Reply
  • FLemingdesilva

    Film එකත් එක්ක තව බහුබූත ගොඩක් වැටෙනව display එකේ..film එක බලන්න ඒක බාදාවක්

    Reply
  • තැන්කුයි මචෝ සබ් ඒකට!

    Reply
  • R.S. Samantha

    thank u machoooo
    onna banawa
    ela elaaaa

    Reply
  • thanks sahoo jaya weewa !!! 😉

    Reply
  • ප්‍රසාද් කන්දමුල්ල {චූටිමල්ලි }

    ෆිල්ම් එකයි සබ් එකයි බාලා ටිකක් දවස් ,නමුත් අදයි බැලුවේ.මේ ෆිල්ම් එක ටිකක් බරපතල ෆිල්ම් එකක්,මේකේ සබ් එක ගැන යමක් කිවයුතුමයි .මම බලපු ෆිල්ම් වලින් හොඳම සබ් එක…..,මේ ෆිල්ම් එක මම අවුරුදු ගණනකට කලින් බැලුව, නමුත් තේරුනේ නැහැ,අද තමයි ෆිල්ම් එක හරියට බැලුවේ,…බයිස්කෝප් අඩවියේ මම බලපු ෆිල්ම් වලින් හොඳම සබ් එක කියල කිව්වොත් නිවැරදි…අනෙක් අයගේ සබ් හොඳ නැහැ කියනවා නෙමෙයි ,..සමහර ෆිල්ම් වල සබ් බලනකොට ..යන දෙබසේ තේරුමට ටිකක් වෙනස්ව යන සබ් තියෙනවා,…….ඔක්කොම නෙමෙයි… බොහොම ටිකක්….ඒවා එහෙම තමයි..අඩු පාඩු වෙනවා……නමුත් මේ වගේ බරපතල දෙබස් තියෙන ෆිල්ම් එකකට ඒ වගේ පොඩි හරි අඩුපාඩුවක් සිද්ද උනොත්, එක මුළු ෆිල්ම් එකටම බලපානවා. නමුත් මේ ෆිල්ම් එකේ දෙබස් වලින් එක දශමයක් වත් “රොයිලි”සහෝගෙන් ගිලිහිලා නැතිබව හොඳටම පේනව…….ඇත්තෙන්ම මම මේ ෆිල්ම් එක හොඳටම රස වින්දා….ඒ..”රොයිලිගෙ” සුපිරි සබ් එකට පින්සිද්ද වෙන්ඩ,,,,,ඉතින් තව තවත් මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් දාන්ඩ “රොයිලි” සහෝට ශක්තිය ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනව…….ස්තුතී………..

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොම කෑත්ක්ස් රොයිලි සහෝ…

    Reply
  • සාරංග ලියනගම

    සබ් ඕනම වෙලා තිබුන චිත්‍රපටියක්…
    ස්තුතියි සිංහල උපසිරැසි වලට. ජය වේවා 🙂

    Reply
  • ela kiri film 1… danma balanawa….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • maxxsa film eka machoo…. habai macho me tika kaleka edala dan dan film wala subtitles echchara hoda na… ohe karannawata wale sub dala kiyalai mata hitenne … subtitles welawakata gala penne ekko kalin yanawa nathnam passe yanawa ekanam kamak na kiyamuko….. player eken hadagaththa kiyamuko … e wageda kadden kiyana deta mulumnimma paras para dewal thmai sabe teyenne . ohe kohen hari english subtitles file ekak baala sinhalata harewala balannewath nathuwa aye danawa kiyalai mata hitenne… mama dan filmz godakama dakka ekai kiyanne .me subtitles ekath ehemai macho. tharaha wenna epa mehema kiyanawata…. waradi penwala denne tiyena tharahakata ahema nemei…. ewa hadaganna ..mama dannawa ubala godak mahansi wela tai me wade karanne kiyala… eth macho karana de hariyata karanawa nam neda wada hoda ..mama kiyanne poddak dana sub gana Paalana mandala hoyala baluwanam godak aganawa kiyana ekai … thanx

    Reply
    • හොඳයි නාමල් මම මෙහෙම කියන්නම්. වැරදි පෙන්වන එක හොඳයි හදාගන්න. අනිවා මම නම් ඒකට ගොඩක් කැමතියි. ඒත් මම කැමතියි චෝදනාවක් කරන කොට උදාහරණ එක්ක මට පෙන්වනවට. ඔයා කියලා තියෙනවනේ මේ සබ් එකෙත් වැරදි තියෙනවා කියලා. අපි එතනින් පටන් ගම්මු.

      1) මට මේ සබ් එකේ තියෙන ටයිමින් අවුල් ගිය තැන් පෙන්වන්න.
      2) මට මේ සබ් එකේ තියෙන වැරදි පරිවර්තන මොනාද කියලා කියන්න.

      එතකොට මට පුළුවන් ඔක්කොටොම කලින් ඒ වැරදි ටික හදාගන්න. මම ඔයාගේ මේ මේල් එකටත් මේ කමෙන්ට් එකම එවනවා. ඔයා ඒක හරි දැක්කහම මෙතෙන්ට පිළිතුරක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි කතා කරමු. ආයෙමත් බොහොමත් ස්තූතියි කමෙන්ට් එකට.

      Reply
      • චතුරංග සුරාජ් පෙරේරා

        ඔන්න මමයි 1000 වෙනියා , මේක සුපිරි බයිස්කෝප් එකක් කියල තමා ආරන්චි බොහොම ස්තුතියි රෝයි අයියා ! ජය වේවා !

        Reply
      • චතුරංග සුරාජ් පෙරේරා

        අපි හැමොගෙම වැරදි තියෙනව හැබැයි මේ විදිහට ප්‍රතිචාර දක්වන එකනම් කනගාටුයි මොකද මේක කරන අය තමයි දන්නේ මේක තියෙන අමාරුව නැතුව නිකන් සබ් එක බාගන බලන අයට නෙමෙයි.

        Reply
  • dan bana gaman. thank you රොයිලි

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තූතියි රොයිලි සහෝ,ජයවේවා.

    Reply
  • ela ela aluth wedak wageeeeeee 😀

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ……….

    Reply
  • Tharindu Chathuranga

    ela wadak.
    training day and glory film 2t denna saho. suba patyhanawa……

    Reply
  • mudiya / මුදියා

    බලමුකො එහෙනම් මේක බලල මාත් පාතාලයටවත් සෙට් වෙන්න.රොයිලි අයියා දුන්න නිසා අනිව බැලීමක් තමයි.අනික අපේ ඇත්තන්ගෙ වැඩිම මනාපයනෙ.නියමයි නියමයි.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!

    Reply
  • thanks machan….thanks very much….

    Reply
  • එල එල..මුල්ම පාර මගේ මනාපයක් දිනුවේ..ගොඩක් ස්තූතියි සහෝ මේකට සබ් දුන්නට..ජයවේවා!!!

    Reply
  • roily bro……..ela ah.mn nam asai me gangsta scene walata…………….math ema wenna inne………..ekata mewwa balnta epai…thankoooooo wewa…jaya ho…..

    Reply
  • “චූටී මල්ලි”

    ආ මේ තියෙන්නෙ ප්‍රතිඵල
    එල එල මේක නම් බලන්නම ඔනි
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • Elakiri Machan onna Down wenna demma.

    Reply
  • Chanaka Lakshan

    එළ එළ රොයිලි අයියෙ
    මේකනම් පට්ට ‍ෆිල්ම් එකක්
    මම කලින් බලල තියේ
    සිංහල උපැසිරසට බොහොම ස්තූතියි
    ජය වේවා!!!

    Reply
  • ගොඩාක් ස්තුති සබ් දුන්නාට …. ජය වේවා…

    Reply
  • jaya wewa baiscope
    sada jaya wewa bami bami

    Reply
  • mamath balaagana hitapu film ekak thama me deela thiyenne thanks royli

    Reply
  • නිරෝෂ්

    ela..thanks

    Reply
  • චරිත පොල්ගස්දෙනිය

    බොහොම ස්තුති උපසිරසියට
    මේක බලලා මාත් පාතාලයට යයිද ???
    හි හි හි ….. 😀
    හැබැයි මේකට මාර කමෙන්ට් නේ වැටිලා තියෙන්නේ රොයිලි අය්යේ
    ආයේ ලංකාවට එන්නත් බැරි වෙයි වගේද ???

    Reply
  • #ChalinduDeshan (කිනා)

    අප්පේ රොයිලි අයියේ අතට බේස්ලට් ගොඩක් දාන්න වටිනවා.
    මෙන්න බෑවා.
    ගොඩක් ස්තූතියි ඈ.
    මේ දවස් වල මම ටිකක් මැර සයිඩ් එකට බැහැල ඉන්න හංද මට ඕක වටිනවා 😀
    ස්තූතියි..
    ජයවේවා!

    Reply
  • අම්ම මරුනේ……
    කලින් බලලා නම් නෑ………
    ඩෙන්සිල් ඇන්ඩ් රසල් ඉන්නවා කියන්නේ……..
    සබට තෑන්ක්ස්.

    Reply
  • මෙන්න රොයිලිය අධිරාජ්‍යවාදී ගැත්තන්ට එක්කාසු වෙලා අමෙරිකන් ගැන්ග්ස්ටර්ව ලංකාවට ගෙන්නල ඒ මදිවට සිංහලත් උගන්වල අර උඩින් තිබුනු දේශප්‍රේමී අදහස් දැක්වීම නිසා මගේ ඇගේ ලේ උනුවෙලා දේශානුරාගයෙන් මේ අදහස් දැක්වීම කරන්නෙ…
    ආයෙ මෙහෙම කරොත් බලාගෙනයි රොයිලියෝ බොලාට මේ ආශ්චර්යමත් දේශයට පය ගහන්න දෙන්නෙ නෑ හොදේ ක‍ටුනායකින්ම ආයෙ හරවල යවනව අන්න ඒක මතක තියාගත්තොත් හොදා 😉

    මෙන්න එහෙනම් සබ් එක බෑවෝ..ඕඕඕඕඕ…!!!!!
    පික්චර් එක ලග තියේ
    උපසිරසට බොහොම ස්තූතියි රොයිලියෝ
    ජය!!!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අඩේ මේක දීල තියෙන්නේ රොයිලි මහත්තයද…
    මම මේ ඩෙන්සිල් අයියත් ඉන්න එකේ පස්සේ වෙලාවක ගම්දෝ නොගම්දෝ කියලා හිතමින් ඉන්න අතරේ නේ දැක්කේ මේක දීලා තියෙන්නේ රොයිලි මහත්තයා කියලා..
    දැන් ඉතින් නොගෙන කොහොමෙයි….දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක උඩ ලියල තියෙන මාතෘකාවේ කෙනෙක් වෙන්නත් හිතයි…
    බලමුකෝ යමක් ඉගෙන ගන්න පුළුවන් වෙයිද කියලා…
    එහෙනම් ජය වේවා>>>.
    ඔන්න බාන්න දැම්මා….

    Reply
  • hamboooo sub eka denakan hitiyeeeeee……thanskss thansksss….sub ekatahh…caprio geth oya list eke thava movies dekakada koheda denna thiyenavooooo………

    Reply
  • Thankuuu wewaaa…….!!!!

    Reply
  • “පාතාල නායකයෙක් වෙන්න ඉගෙන ගම්මුද?පාතාල නායකයෙක් වෙන්න ඉගෙන ගම්මුද?”

    මේ චිත්‍රපටය සහ මෙම වැකිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් !

    Reply
    • Pubudu Supun

      උඹත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් 😛

      Reply
  • තැන්කූ වේවා!!!!
    ඩෙන්සිල් වොෂින්ටන් ගේ අනිත් ෆිල්ම් වලටත් සබ් දෙන්න පුළුවන් ඉක්මනින්..

    Reply
  • සුපිරි නේ…

    සුපිරි කිව්වහම සේරම සුපිරි!
    අපේ කට්ටියගේ මනාපෙත් සුපිරි! චිත්‍රපටියත් සුපිරි! සබ් ගෙනා කෙනාත් සුපිරි! සබ් එකත් ඉතින් දෙකක් නෑ සුපිරිම තමා…

    බලන්ඩ ඕනෑ මාත්! ඊගාව පෝල් එකටත් යන්ඩ ඇහැක් වෙයි එහෙනම් ඉක්මනටම 😉

    Reply
  • නියමයි සහෝ මේක දුන්න එක නම්

    Reply
  • නලින්

    නියමයි රොයිලි අයියා. මැක්සාම මුවි එකක් නොවැ ගෙකැල්ලා තියෙන්නේ

    පට්ට කථාවක් වගේ 18+ නිසා තමයි අවුල.. කමක් නැහැ.. එළකිරි වේවා

    ජය වේවා,!

    Reply
  • aththtama mey nam supirima film akak saho

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • නියමයි සහෝ මේකේ ඉන්නේ සුපිරිම දෙන්නෙක් නේ

    Reply
  • aniwa balannama one film akak 🙂

    Reply
  • ජයම වේවා මචං

    Reply
  • supiri film akak machan txz

    Reply
  • Shashi Fernando

    tikak kammali.

    Reply
  • kalin daapu film den baanne e dawaswala baiscope site eka gena danagena hitiya nathi nisa.kauruth mukuth hithanna epa e gana. thanx roily saho parana ewa delete nokara thibbata.onna banna demma…..

    Reply
  • Ala film 1k ,baluwa . full quality ,no 1ta tiyanwa

    Reply
  • තව ෆිල්,ම් 4ක් විතර බෑවට පස්සේ මගේ හාඩ් එකේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැති වෙනෝ…… 🙁

    ගුරෝ, රොයිලියෝ, මට හාඩ් එකක් එවපියෝ………. 😛

    Reply
  • hmmmm……. Dawas ganak thisse banna eakka nathuwa hitiye…. eala eala…. maxxa film eakka wage..????
    aniwa….bami bami……..
    😀

    Reply
  • @ දිනුක,
    ස්තූතියි මචෝ. 🙂

    @ nilanthaherath,
    ඒකනේ මචෝ. අපිට මේ කෙරුවාවෙන් හම්බවෙන්නේ කමෙන්ට් එකකින් උඹලා දෙන සහයෝගය විතරයි. වෙන තඹ සතේක දෙයක් හම්බවෙනවද. අවුලක් නැහැ මචෝ උඹ අමතක නොකර කමෙන්ට් දැම්මනේ. ඒ ඇති. 🙂

    Reply
  • @ AL1717,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට. 🙂

    @ Akila,
    ස්තූතියි මචෝ බලලම කියන්න කොහොමද කියලා 🙂

    Reply
  • @ පිටස්තරයා,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට. හොඳ චිත්‍රපටියක් දුන්නම ඇත්තටම කමෙන්ට් අඩු වෙනවා මචෝ. පුදුමය කියන්නේ අපේ උන්ට ඕනා මරා ගන්න ලේ පෙන්වන යුද්ධ ඒවමනේ. 🙁

    @ මලිත්,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට. 🙂

    Reply
  • nilanthaherath

    රොයිලිගේ වැඩක්නේ. මමත් බාමී. එල එකක් වගේ. තෑන්ක්ස් රෝයිලි. අපි වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කරනවට. මචන් කමෙන්ට්ස් අඩු වුනාට ගණන් ගන්න එපා. කට්ටිය මූවි එක බානවා. කොහොමත් කමෙන්ට්ස් එකකින් හරි උඹලා සෙට් එක ධෛර්යමත් කරන එක බයිස්කෝප් එකට සෙට් වෙන කට්ටියගේ යුතුකමක් කියලා මට හිතෙනවා. අපේ කොල්ලො සෙට් එක අපි ධෛර්යමත් කරන්න ඔ්නේ.

    Reply
  • දිනුක

    බාමි බාමි……

    Reply
  • අනිවා බානව.thanks……..

    Reply
  • Elakiri Machan Meka Bewa… Maxxaa Film Ekak..

    Reply
  • මලිත්

    ඔන්න මාත් බානව හොදෛ,,,

    Reply
  • මේ දවස් වල ඉතාමත් විශිෂ්ඨ ගණයේ චිත්‍රපටි ගැන බයිස්කෝප් එකෙන් කියනවා (කලින් ඒවා චාටර් කිව්වා නෙමෙයි :p ).

    මම මේ දවස් වල ටිකෙන් ටික බලන්නෙ මේක. ඉතාමත් විශිෂ්ඨ රංගණ කිහිපයක්ම දකින්න ලැබුනා කියලා මට හිතෙනවා. මම තාම කතාව බලලා ඉවර නෑ. හැබැයි දැනට බලපු පොඩි කොටසෙනුත් නියම චිත්‍රපටියක් කියලා හිතුනා.

    ආයේමත් බයිස්කෝප් එකට මගේ ප්‍රණාමය මේ වගේ චිත්‍රපටියක් ගැන ලිව්වට.

    Reply
  • මොකෝ මේ කමෙන්ට් අඩු. කට්ටිය අඩුම ගානේ බාමි කියලවත් ලියල යන්නෝ… 🙂

    @ Geeth Vindula, උදය, shanaka,
    ඔව් මචන්ලා එලම ෆිල්ම් එකක්. බාගෙන බලන්න වෙනස තේරෙයි.

    @ maneesh,
    අන්න ඒකනේ පට්ටම ෆිල්ම් එකක්. හැමෝම බලන්න.

    Reply
  • පට්ට ෆිල්ම් එක….හැමෝම බලන්න………

    Reply
  • රොයිලි අයියා තැංකු වේවා,බාන්න එකක් නැතුව හිටියේ,බාමි බාමි

    Reply
  • Geeth Vindula

    Ah Ela Film Ekak Wage Banna Ona Mekath 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *