Rating: 9.1/10. From 10 votes.
Please wait...
ඔන්න එහෙනම් ආකෙන් දෙවෙනි සීසන් එකේ පාට් 1 අන්තිම කොටසත් අරගෙන ආවා. ඔයාල කලින් කොටස් දෙක බැලුව නම් දැං තේරිලා ඇති එන්න එන්නම කතාව උද්වේගකර වෙනවයි කියලා. ඒවගෙනුත් හොඳම පෙරලියක් වෙන කොටස තමයි මේක.
අන්ඩර්සිටි එකට ලොකු ප්‍රහාරයක් එල්ල කරන්න එයාලට හැකියාවක් නැහැයි කියලා තේරුම් ගත්ත කේට්ලන්, වයි ඇතුලු තව පිරිසක් සූදානම් කරන් අන්ඩසිටි එකට යන්න තීරණය කරනවා ජින්ක්ස්ව අල්ලන්න. එහෙම ගියපු ගමන මේ කොටසෙදි සාර්ථක වෙනවා, ඒත් එයාලට හැකි වෙයිද ඇත්තටම ජින්ක්ස්ව අල්ලගන්න?
මේ අතරෙ මෙල්ගෙ අම්මා ඇම්බෙසා වෙනම ගේමක් ගහනවා පිල්ටෝවර් වල පාලනය අතට ගන්න. පේන විදිහට නම් ඇය නොක්සියස් වලදී ඉතාම දරුණු කල්ලියක් එක්ක ආරවුලක් ඇති කරන් වගේ, ඒකෙ දරුණු ප්‍රතිවිපාක ඇගේ පස්සෙන් එනවා. ඉතිං ඇය සැලෝව පාවිච්චි කරනවා බලය තියෙන හැම වංශයක්ම රැස් කරලා දැං ඇතිවෙලා තියෙන තත්වෙ පාවිච්චියට අරන් ඇගේ පදේට නටන නායකයෙක්ව පත්කර ගන්න. ඒ වැඩෙත් නොසිතපු විදිහකින් තමා කෙලවර වෙන්නේ.
ඒත් එක්කම අන්ඩර්සිටි එකේ එකෝ ජීවත් වෙන තැන එයාලගෙ ගහට අමුතු බලපෑමක් ඇතිවෙන්න අරන් තියෙනවා. මේක ගැන හරියටම දැනගන්න එකෝ සහ හයිමඩින්ගර් ජේස්ගෙ ලැබ් එකට යනවා. එතකොට ජේස් පැහැදිලි කරනවා මේකට හේතුව හෙක්ස්ටෙක් අධික පාවිච්චියේ ප්‍රතිපලයක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම හෙක්ස්ටෙක් අධික පාවිච්චිය නිසා සෑහෙන නරක අතුරු ප්‍රතිපල ජේස්ලටත් නොදැනිම ඇතිවෙලයි කියලා මේ කොටසෙදි කොයිකාටත් බලාගන්න හැකිවෙනවා. හයිමඩින්ගර් මුල ඉඳන්ම කිව්ව කතාව ඇත්තක්ද? මායාව මිනිස්සුන්ගෙ පාවිච්චියෙන් තොරයිද?
එහෙනම් මේ සේරම සිද්ධ වෙන තනි කොටසක් තමයි මේක. අපි නොසිතපු දේවල් සෑහෙන්න මේකෙන් හෙලිවෙන්න ගන්නවා. IMDb දර්ශකෙත් මේ කොටසට 9.6 ඉතාම ඉහල අගයක් ලැබිල තියෙනවා. එහෙනම් තවත් පරක්කු කරන්නෙ මොකද නේද? නොබලපු අය දැම්ම බලාගන්න මේ අපූරු කොටස. ආයෙ පාර්ට් 2 එකෙන් හමුවෙමු, එනම් හතරවෙනි කතාංගයෙන්. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2962 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub…
උපසිරසියට බොහෝම ස්තූතියි ඔලිව සහෝ
ජයවේවා!
Act2 ekatath ikmnta one 🙂
Part 2 eke Sub tikat ikmntama denna saho ❤️
Thank you Brdh ❤️