Rating: 9.0/10. From 12 votes.
Please wait...
ඔන්න එහෙනම් මේ ඔයාල එකතු වෙන්නේ ආකේන් අවසාන ඇක්ට් එකත් එක්කයි. මේ වෙනකොට ආකේන් කතා මාලාවේ සියලුම කොටස් නිකුත් වී අවසානයට ලඟා වී හමාරයි. ඔව්, ඔයාල දැනටමත් දන්නා විදිහට මේක තමා ආකේන් කතා මාලාවේ අවසාන කතා සමය. මේහි ප්‍රධාන නිර්මාණකරුවෙක් වෙන ක්‍රිස්ටියන් ලින්ක් මේ අවුරුද්දෙදි නිළ වශයෙන් දැනුම් දුන්නා දෙවෙනි කතා සමයෙන් ආකේන් ඉවර කරන බවටත්, මේක පාදක වුණ League of Legends තුලින් තවත් කතා මාලා සහ චිත්‍රපට අරගෙන එන බවටත්. මේකෙන් ඉවර වෙන්නේ පිල්ටෝවර් සහ සෝන් අතර කතාව විතරයි මේවා ඇරුනාම Runeterra කියන්නේ විශාල ලෝකයක් ඩිමේෂා, නොක්සස්, අයෝනියා වැනි කලාව වලින් වෙන් වුණ. ඒ නිසා අපිට ඉස්සරහට අලුත් චරිත එක්ක මේ වගේම සුපිරි කතා මාලා දැක ගන්න පුළුවන් වේවි. එහෙනම් ඒවා ගැන අපි ඉස්සරහට කතා කරමු, තව එපිසෝඩ් දෙකක්ම ඉතුරු වෙලා තියෙයිනෙ බලන්න ඔයාලට.
මෙතෙක් කතාව ගැන කිව්වොත්, දෙවෙනි ඇක්ට් එක ඉවර වුණේ මහත් විනාශයකට තුඩ දීලා සහ විශාල යුද්ධයකට පාර කැපිලා. ඇම්බේසා සහ කේට්ලන් ඇතුලු නොක්සියන් හමුදාවයි එන්ෆෝසස්ලයි එනවා මෘගයෙක් දඩයම් කරන්න. මේ අතරෙදි ජින්ක්ස්, ඊෂා සහ වයි හදන්නේ ඒ මුර්ගයාව බේරගන්න. මේකෙදි වයි කේට්ලන්ගෙන් උදව් ඉල්ලනවා ඔහුව බේරගන්න. ඒ අනුව කේට්ලන්ගේ උදව් එක්ක මුර්ගයාව බේරගන්න ගිහින් ඇම්බේසාගෙ ප්‍රධාන සේවකයා මරණයට පත් වෙනවා. මේකෙන් ඇම්බේසා යුද්ධය ක්‍රියාත්මක කරනවා.
මේත් එක්කම අතුරුදහන් වූ ජේස් නැවත පැමිණිලා සැලෝ සහ වික්ටර්ව ඝාතනය කරනවා දැනට කිසිම හේතුවක් සඳහන් නොකර. ඒකෙන් මේ වෙනකල් සුවය ලැබූ මෘගයා සහ මිනිසුන්ද ඔහුත් එක්කම අභාවයට යනවා. ඒකෙන් අපේ සිත් දිනාගත්තු චරිත කීපයක්ම සඳහටම සමුගන්නවා. හැබැයි තාමත් ජේස් එක්කම අතුරුදහන් වූ එකෝ සහ හයිමඩින්ගර් ගැන තොරතුරු නෑ. මෙල්ගෙ ගැලවීම ගැනත් තාම හරියාකාර සඳහනක් නෑ. ජේස් ඇයි මෙවැනි කුරුරි වැඩක් කරේ, මොකක්ද ඒකට හේතුව? එකෝට සහ හයිමඩින්ගර්ට සිදු වුණේ මොකක්ද, එයාල බේරෙයිද? මෙල් බ්ලැක් රෝස් සංවිධානෙන් බේරෙයිද? තව එපිසෝඩ්ස් තුනයි තියෙන්නේ මේ සියල්ලටම පිලිතුරු සපයන්න. අපි බලමු එහෙනම් සාර්ථකව මෙයාල ඒ වැඩේ කරයිද කියලා. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2702 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub….
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
tnx
Ilaga episode deke sub enakan balannatuwa inne ikmata denno
Ilaga episode deke sub enakan balannatuwa inne ikmata denno