MENU

18+AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)ලංකන් Weebsවික්‍රමාන්විත (TV)ෆැන්ටසි (TV)

Blue Eye Samurai [S01 : E07 & E08] Sinhala Subtitles | පළිගැනීමේ කලාව සොයා… [සිංහල උපසිරසි] 18+

Rating: 7.8/10. From 4 votes.
Please wait...

Blue Eye Samurai S01 Sinhala Subtitles

2023 වසරේදී Netflix වෙතින් නිකුත් වුනු Blue Eye Samurai ඇනිමේෂන් කතා මාලාව අතිශයින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඇනිමේෂන් කතා මාලාවක්. අතීත ජපන් සමාජයේ පැවති අසමානකම් පරයා තම යුක්තිය සොයා යන සමුරායිවරයෙකුගේ කතාවක් ඔස්සේ දිව යන මේ කතාව, රුධිර වැගිරවීම් වලින් යුක්ත කතාවක්ද වෙනවා. මෙතෙක් කතාව නරඹපු ඔබ, එහි සත්‍යතාවයට වගේම උද්වේගකර බවට සාක්ෂි දරාවි. මුළු කොටස් 8 කින් යුතු මේ කතාවේ අවසානයටයි අපි ඇවිත් ඉන්නේ. ඒ කියන්නෙ කතාවේ 07 සහ 08 කොටස් හෙවත් පළමු කතා සමයේ අවසාන කොටස් දෙක සමගිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

කාජි මැඩම් කියන ගණිකා පාලිකාවගේ රහස් කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කරන්න මිසු සමත් වුනත් අන්තිමේදි එක පොඩි දෙයක් නිසා, මේ කොන්ත්‍රාත්තුවට සම්පූර්ණ කරපු තැනේ ප්‍රධානියා වෙන හමාටා බොස්ගේ හමුදාවට මුහුණ දෙන්න මිසු ඇතුළු ගණිකා මඩමේ අනිත් අයට සිද්ධ වෙනවා. සටන ටිකක් අමාරු වුනත් කොහොමින් කොහොම හරි මුළු හමුදාවම මරා දමන්න මිසු සමත් වෙනවා. ඒ සටන අවසානයේදී මිසු හා මුලදී එකතු වුනු රින්ගෝ මිසුගෙන් වෙන් වෙලා යනවා. මිසුගේ එදිරිවාදියෙක් වෙන ටයිගන්ව හොයාගෙන ආපු, පසුව මිසුත් එක්ක මේ සටනට මැදි වුනු අකෙමි කුමරියව ඇයගේ පියාගේ නියෝග අනුව පියාගේම ආරක්ෂකයින් ආපහු රැගෙන යනවා.

ඒත් එක්කම තමයි අපි මෙතෙක් නොදැකපු මිසුගේ ජීවිත කතාවේ තවත් එක් දුක්බර කාල සමයක් දකින්න ලැබෙන්නෙ. කුඩා කළ මිය ගියායි හිතපු තමන්ගේ අම්මාව හමුවීමත්, ඇය සුපුරුදු ගණිකා වෘත්තියේ නියැලීමත් සහ ඇය අබිං කියන මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීමත් කියන කාරණා අපිට දකින්න ලැබුනා. ඒ වගේම මිසුට තමන්ගේ අම්මා ස්වාමි පුරුෂයෙක් සොයා දී විවාහ කරදීමත් ඔහුත් එක්ක මිසුගේ ජීවිතය ගලා ගිය අයුරුත් අපිට දකින්න ලැබුනා. ඒත් අවසානයේදි දෛවයෙන් උරුම වූවාක් වගේ තමන් තෝරාගත යුත්තේ තමන්ගේ අම්මාවද ස්වාමි පුරුෂයාවද කියන ප්‍රශ්නය හමුවේ මිසුට මේ දෙදෙනාවම අහිමි වෙනවා. ආදරය සහ එයින් හට ගත් ද්‍රෝහී වීම නිසාවෙන් මිසුගේ පළිගැනීමේ අරමුණ තවත් අධිෂ්ඨාන ගත දෙයක් බවට පත් වෙනවා.

කාජි මැඩම්ගෙන් ලැබුනු තොරතුරු අනුව මිසු තමන්ගේ ඉලක්කය වෙන එබයිජා ෆවුලර්ව මරා දැමීම වෙනුවෙන් ඔහු ඉන්න බලකොටුව වෙත යනවා. ඒ වගේම මේ බලකොටුවේදී මිසුගේ තවත් එදිරිවාදියෙක් වෙන ටයිගන්වත් වද දීම් හමුවේ දරුණු තුවාල ලබල ඉන්නැද්දි හමුවෙනවා. උගුල් ගණනාවක් පසුකරගෙන ෆවුලර්ගේ ආසන්නයටම යන්න මිසු සමත් වුනත් මේ ගමනේදී සිද්ධ වුනු තුවාල නිසා තම ඉලක්කය සපුරා ගන්න මිසුට නොහැකි වෙනවා. පවතින තත්වය හමුවේ සටන අතහැර යන මිසු ඉදිරියේදී කුමන තීරණයක් ගනීවිද? ලෙයින් ලැබුනු පහත් තත්වය හමුවේ තම පළිගැනීම සාර්ථක කරගන්නට මිසුට හැකි වේවිද? එය වෙන්නේ කෙසේදැයි මේ අවසාන කොටස් දෙකෙන් දැන ගනිමු.

Blue Eye Samurai හි වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙන ලිංගික දර්ශන ඍජුවම අඩංගු වෙන කතාවක් බව ඔබ දන්නවා. ඒ වගේම මේ කතාවට සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ PSA වීඩියෝ පිටපත් වලට වගේම ඉංග්‍රීසි භාෂාවට ගැලපෙන විදිහටයි. Baiscopedownloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. Blue Eye Samurai පළමු කතා සමයේ අවසානයත් එක්ක හොඳ පුවතක් මම මුලදීම සඳහන් කළා. ඒ තමයි මේ කතාව දෙවන කතා සමය දක්වා දීර්ඝ කිරීමේ පුවත නිළ වශයෙන් නිවේදනය කරපු එක. දැනට නිවේදනය කරල තියෙන විදිහට දෙවෙනි කතා සමය 2026 දී තමයි නිකුත් වෙන්නේ. ඒ දෙවෙනි කතා සමය නිකුත් වෙන දවසක ආයෙත් අපිට මේ නිල් ඇස් ඇති සමුරායිවරයාව මුණ ගැහෙන්න පුලුවන්. එතෙක් හැමෝටම Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-Rip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 425 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

All BT1

 

Blue Eye Samurai S01 Sinhala Subtitles

4 thoughts on “Blue Eye Samurai [S01 : E07 & E08] Sinhala Subtitles | පළිගැනීමේ කලාව සොයා… [සිංහල උපසිරසි] 18+

  • Dasun Lakruwan

    හස්සා..මේ කතාව ගැන කියන්න වචන නෑ… මාරම ස්ටෝරි එකක්.නෙක්ස්ට් ලෙවල් කතාවක්..මේක ආව කාලෙම සබ් දුන්නා නම් මාර හයිප් එකක් හැදෙන්න තිබ්බා මේකට..ඒත් දෙවෙනි සීසන් එක එනකන් බලන් ඉන්නවා..තෑන්ක්ස් යූ හස්සා

    Reply
    • ලංකන් weebs

      ගොඩක් ස්තූතී දස්සා අදහස් වලට.❤

      Reply
  • Secret Level series ekatath sub one

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *