Black Mirror - Episode 1 - Black Mirror – National Anthem

Added: 03.12.2011
200 views
0

Black Mirror Season 1 Episode 1 - National Anthem ( විශිෂ්ඨ කලාකෘතිය)

Be the first to review “Black Mirror – National Anthem”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

කොහොමද ඉතිං? අවුරුදු ගාණක් තිස්සෙ සිංහල සබ් අරගෙන ෆිල්ම්, ටීවි සීරිස් බලපු මට කාලෙක ඉදලා ලොකු ආසාවක් තිබ්බා සිංහල සබ් එකක් මේ අඩවියට දාන්න. ඉතිං මේ මගේ පලවෙනි සිංහල උපසිරැසිය.
වැඩි කතාබහක් නැතුව කෙලින්ම වැඩේට බහිමු. අද මං අරං ආවෙ "Black mirror" කියන බ්‍රිතාන්‍ය විද්‍යාප්‍රබන්ධ කතාමාලාවෙ පලමු කතාසමයේ පලමු කොටසේ සිංහල උපසිරැසිය. මේ කතාමාලාව 2011 ඉදලා 2019 දක්වා විකාශය උනා. මේ කතාමාලාවෙ විශේෂත්වය තමයි මෙහි අඩංගු කතා අනෙක් කතාමාලාවල වගේ එකිනෙකට සම්බන්ධ නෑ. හරියට නිකං කෙටි කතා පොතක් කියවනවා වගේ. මේ කතාවලින් ප්‍රධාන වශයෙන් නිරූපණය වෙන්නෙ නව තාක්ෂණය මිනිසාගේ හැසිරීමට සහ පෞද්ගලිකත්වයට බලපාන අයුරු. මේක කතාසමයන් (seasons) 5කින් සමන්විතයි. මුල් කතාසමයන් දෙක Channel 4 නාලිකාවෙන් සහ අනෙක් කතාසමයන් තුන Netflix ඔස්සේ විකාශය උනා. සම්පූර්ණ කොටස් ගණන (episodes) 22ක්. මේ කතාමාලාව අනුසාරයෙන් 2018 දී netflix මගින් Bandersnatch කියන චිත්‍රපටිය නිපදවනවා. ඔයාල සමහරවිට ඒක බලලත් ඇති. එම චිත්‍රපටිය imdb හි 7.2/10ක අගයක් සහ rotten tomatoes වල 72%ක අගයක් ලබාගෙන තියෙනව.
දැන් ඔයාලට හිතෙනව ඇති එකිනෙකට සම්බන්ධ නැති කොටස් තියෙන කතාමාලාවක් බලන එකේ තේරුම මොකක්ද කියලා. මේ කතාමාලාව imdb දර්ශකයේ 8.8/10ක අගයක්, rotten tomatoes වල 83%ක අගයක් ලබාගනිමින් top 250 imdb tv ranking වල 49 වන ස්තානය හිමිකරගෙන තිබෙනවා. අනික මේ කතාමාලාවේ එකිනෙකට සම්බන්ධ නොවන කතා නිසා අමුතුම ගතියක් කතාමාලාවට එකතුවෙලා තියෙනවා. ඒවගේම තමයි තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් නිපදවා තියෙන නිසා ආසාවෙන් බලන්න පුලුවන්.
ඉතිං මේ මගේ පලමු උපසිරැසිය නිසා අඩුපාඩු ගොඩක් තියෙන්න පුලුවන්. ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා සියල්ලම පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඉක්මනට දෙවන කොටස අරං මං එන්නම්. සුබ දවසක්!