For Better Sri Lanka 🇱🇰 #TogetherStronger #SriLanka

Moon Knight - Episode 01 - The Goldfish Problem

Added: 30.03.2022
275 views
+1

මූන් නයිට් කියන්නේ පෞර්ශවයන් ගණනාවක්ම තියෙන කෙනෙක් සාමාන්‍යය සුපිරි වීරයින් වගේ නෙවෙයි මාර්ක් කියන්නේ මානසිකව අවුලක් තියෙන කෙනෙක් මාර්ක්ට Dissociative Identity Disorder (DID) කියන රෝගය තියෙනවා.
මාර්ක් ස්පෙක්ටර් කියන්නේ ඒ අතරින් සාමාන්‍යයෙන් ප්‍රධාන පෞර්ශවය. මාර්ක්ට අමතරව සීරීස් එකේ බලාගන්න ලැබෙන ස්ටීවන් ග්‍රාන්ට්, ජේක් ලොක්ලී වගේ තවත් පර්සනැලිටිස් කිහිපයක්ම තියෙනවා.කොමික්වලදි නම් මූන් නයිට් තමන්ගේ වැඩවලට මේ පෞර්ශවයන් එක එක විදිවලට ප්‍රයෝජනයට ගන්නවා.
මාර්ක්ට බළය ලැබෙන විදිහ කතා කරොත්, පොඩි කාලෙ ඉඳන් විවිද හැල හැප්පිම්වලට ලක් වෙන මාර්ක් හුඟක් දේවල් අහිමි වෙලා අවසානයේදි කුලී සෙබලෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. මේ කාලෙදි තමා මාර්ක්ට ජීවිත දෙකක් බේරගන්න ඊජිප්තුවේ මෙහෙයුමකට යන්න සිද්ද වෙන්නේ. මේ මෙහෙයුම අතරතුර මාර්ක් මිය යනවා. මේ වෙලාවෙදි තමයි කොන්ශු මාර්ක්ගේ ජීවිත කතාවට අවතිර්ණ වෙන්නේ.
කොන්ශු කියන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ දෙවිවරුන් අතරින් සඳට අධිපති දෙවියන්. කොන්ශු මාර්ක් මියගියාට පස්සේ මාර්ක්ට එක යෝජනාවක් කරනවා. ඒ තමන්ට මාර්ක්ගේ ජීවිතය බේරගන්න හැකියාව තියෙන බවත් ඒ වෙනුවෙන් ඉතුරු ජීවිත කාලෙම ඊට හිලව් වෙන්න තමන්ට සේවය කරන ලෙසත් කොන්ශු යෝජනා කරනවා. ඉතිං මාර්ක් මේ යෝජනාවට කැමති වීමේ ප්‍රතිපලයක් විදිහටයි මූන් නයිට් කියන අනුකම්පා විරහිත වීරයා බිහි වෙන්නේ.
පලමු කොටසි​න් ස්ටීවන් ග්‍රාන්ට්, තම​න් සුපිරි වීරයෙකු විය හැකි බව දැනගන ගනන​වා. එත්, ඔහු ඉන්​නෙ  අනුකම්පා විරහිත කුලී හේවායෙකු සමඟ ඔහු​ගේ ශරීරයක් බෙදා ගෙන ඉන්න විදි​ය පලමු එපිය බලන ඔයාට දැනගන්න පුලුවන්.

Be the first to review “The Goldfish Problem”

Your email address will not be published.

There are no reviews yet.

මාර්ක්, පොඩි කාලෙ ඉඳන් විවිද හැල හැප්පිම්වලට ලක් වෙන මාර්ක් හුඟක් දේවල් අහිමි වෙලා අවසානයේදි කුලී සෙබලෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. මේ කාලෙදි තමා මාර්ක්ට ජීවිත දෙකක් බේරගන්න ඊජිප්තුවේ මෙහෙයුමකට යන්න සිද්ද වෙන්නේ. මේ මෙහෙයුම අතරතුර මාර්ක් මිය යනවා. මේ වෙලාවෙදි තමයි කොන්ශු මාර්ක්ගේ ජීවිත කතාවට අවතිර්ණ වෙන්නේ.