MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)ඉෂාරා ගුණරත්නඑළ (TV)කොරියානු (TV)ත්‍රාසජනක (TV)සිංහල උපසිරැසි

Family Matters [S01 : E06] Sinhala Subtitles | අවසන් මහා සටන [සිංහල උපසිරැසි]

Rating: 9.9/10. From 8 votes.
Please wait...
Family Matters Season 01 Sinhala Subtitles

කොහොමද බයිස්කෝප්වාසීන් හැමෝටම.ඉතින් දන්නෙම නැතුව මේ අව්රුද්දේ අවසානෙටත් ඇවිල්ලා ලග ලගම එන අලුත් අව්රුද්දත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්න ගමන් සීතල දෙසැම්බරයේ මම ඔයාලට අරගෙන ආවේ උණු උණුවෙන්ම නිකුත් වෙච්ච තවමත් එරට තිරගත වන අලුත්ම කතාමාලාවක්. මේකේ පළවෙනි කථාංගය නිකුත් උනේ පසුගිය මාසේ 29වෙනිදා දැනට කථාංග තුනක් නිකුත් වෙලා තියනවා.

ඉතින් කුතුහලය උපරිම වුණු මේ කතාමාලාව වර්ග වෙන්නේ Thriller කියන ශානර වර්ගයට.

මේ වගේ කතාමාලාවන්ට අපේ ප්‍රේක්ෂකයෝ ගොඩක් කැමති කියලා මන් දන්නවා.

ඉතින් Imdb දර්ශකයේ 8.1/10 ලබාගන්න සමත් වුණු මේ කතාමාලාවේ අධ්‍යක්ෂකවරුන් වෙන්නේ Kim Gok ,Kim Sun කියන අධ්‍යක්ෂකවරුන්. ඒවගේම තිර පිටපත් රචනාවෙන් දායක වෙන්නේ Kim Min Jung කියන රචකයා.

ඉතින් අපේ මේ කතාමාලාව ගැන කතා කළොත්

මේකේ ඉන්නවා එක්තරා අමුතු පව්ලක්.ඉතින් මේ පව්ලේ ඉන්නේ අම්මා , තාත්තා, සීයා , දුව , පුතා.

බැලූ බැල්මට සාමාන්‍යය පව්ලක් වගේ පෙනුනත් රහස් හංගගෙන ඉන්න භායානක පව්ලක් කියලා මේ පව්ල හදුන්වන්න පුලුවන්. කොච්චර භයානකද කිව්වොත් මිනීමරුවෝ , මැරයෝ , දාම ඝාතකයෝ මේ පව්ල දැක්කම පණ එපා කියලා දුවනවා.

මේ පව්ලේ ඉන්න අම්මාට ( හන් යුන් සූ ) එක්තරා සුවිශේෂී හැකියාවක් තියනවා. ඒවගේම පියා කියන්නෙත් (බෙක් චුල් හී ) මව වගේම විශේෂ හැකියාවන් සගවන පියෙක්. මේ පව්ලේ ඉන්න ළමයි දෙන්නා නිවුන් දරුවන් වෙනවා. දුව වන( බෙක් ජී වූ ) ඒවගේම පුතා (බෙක් ජී හූන් ) කියන්නෙත් සාමාන්‍යය දරුවන් නෙවෙයි. මෙයාලා එක්ක හැප්පුනොත් ඒ හැප්පෙන අය ඉවරටම ඉවරයි.

ඉතින් මේ පව්ල තැනින් තැනට ගමන් කරමින් ඔවුන්ට හමුවන නරක මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ ඔවුන්ගේම ක්‍රමවලට. සාධාරණය වෙනුවෙන් සටන් කරන්න මේ පව්ල කටයුතු කරන්නේ හරි අමුතුම විදියකට. මේ කතාමාලාවේ හද සලිත කරවන කුරිරු දර්ශන මෙන්ම ආදරය , කරුණාව , දයාව වගේ සංවේදී කාරණත් ඇතුලත් වෙනවා.ඉතින් මන් ඔයාලට ආරාධනා කරනවා මේ අමුතුම ආකාරයේ කතාමාලාව නරඹන්න එන්න කියලා.

හැමෝටම ජය.

කථාංග ගණන – 6
විකාශන දිනය – සෑම සිකුරාදාම රාත්‍රී 8.00
විකාශන ජාලය – CoUPANG TV
කාල සීමාව – මිනිත්තු පනහ.

Family Matters Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 469 --

[author]Profile-Pic-Ishara-Gunarathne.jpg

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Family Matters Season 01 Sinhala Subtitles

 

Next BT1All BT1

 

2 thoughts on “Family Matters [S01 : E06] Sinhala Subtitles | අවසන් මහා සටන [සිංහල උපසිරැසි]

  • Buddhika laKMal

    මේ සීරිස්එකට කමප්ලීට් සබ් දුන්නට බ‌ොහෝම ස්තූතියි සිස්

    Reply
  • Nayana Buddhika

    මේ වගේ සුපිරි කතාවකට සබ් දුන්නට තෑන්ක්ස්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *