logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Heeramandi: The Diamond Bazaar [S01 : E07] Sinhala Subtitles | “බිබ්බෝජාන්: විප්ලවයට ජයවේවා!” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...
Heeramandi: The Diamond Bazaar S01 Sinhala SubtitlesHeeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

ඔන්න එහෙනම් අද හීරාමණ්ඩි කතාවේ හත්වැනි කොටසත් අරගෙන ආවා. බොරු චෝදනාවකට අත්අඩංගුවට පත්වුණු ආලම්ට මොකද වෙන්නේ? තාජ්ධාර් විප්ලවය පසෙක දමලා ආදරය වැළඳ ගනීද? ආදරය පසෙක දමලා විප්ලවය වැළඳ ගනීවිද? අද කොටසින් බලමු.

අද පළ වන කතාංගය ගැන:

හත්වැනි කොටස – “Bibbojaan: Long Live the Revolution” –  “බිබ්බෝජාන්: විප්ලවයට ජයවේවා!”

අධ්‍යක්ෂක – සංජය ලීලා බන්සාලි, මිතාක්ෂරා කුමාර්, විභු පූරි

මුල්වරට නිකුත් කෙරුණු දිනය –  2024 මැයි 01

IMDb Ratings –  7.3/10

Heeramandi: The Diamond Bazaar

හත්වැනි කොටසේ වෙන කතාව මොකක්ද කියල බලමු. කළින් කොටසේදී අත්අඩංගුවට පත් වුණු ආලම්ෂේබ්ව නිදහස් කරගැනීමට බිබ්බෝ මල්ලිකාජාන්ට බලපෑම් කරනවා. මල්ලිකා එය නොසලකා හරින්නාක් මෙන් පෙන්වන්නේ ඇයගේ පෙම්වතා විසින් ඇයව ගලවා ගත යුතුව තිබෙන බව කියමින්. කොසේ හෝ අවසානයේ මල්ලිකා කාට්රයිට් හමුවෙන්නට යන්නේ ආලම්ගේ නිදහස මිලට ගන්නයි. ඒ දෙන මුදලට ආලම්ව දෙන්න එකඟ නොවෙන කාට්රයිට් මල්ලිකාජාන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය සගයන් ලවා දූෂණයට ලක්වෙන ලෙසයි.

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

තම දියණිය මේ කාමාතුර පොලිසියෙන් බේරාගනිම වෙනුවෙන් මල්ලිකා එයට එකඟ වෙනවා. එළෙස නිවෙසට රැගෙන යන ආලම් සිය මවගේ ඉරණම ගැන බෙහෙවින් කම්පා වෙනවා. එමෙන්ම මව දියණිය වෙනුවෙන් යුතුකම් ඉටු කළා වගේ දියණියත් මාව වෙනුවෙන් යුතුකම ඉටු කළ යුතු යැයි සිතනවා. මේ අතර ආලම් බිබොට දන්වන රහස මොකක්ද? එය තාජ්ධාර්ට බිබ්බෝ විසින් දැන්වූ පසු තාජ්ධාර් කුමක් කරයිද? මේ අතර පලා ගිය සයිමා කල්කටාවේ අතිශය ජනප්‍රිය ගායිකාවක් වි ඇති බව උස්තාද් හිරෙන් නිදහස් වුණු ඉක්බාල්ට දන්වනවා. ඉක්බාල්ට සයිමාව යළි හමුවිය හැකිවෙයිද? අද කතාවෙන් මේ දේවල් දැනගන්න. තාජ්ධාර් විප්ලවය පසෙක දමලා ආදරය වැළඳ ගනීද? ආදරය පසෙක දමලා විප්ලවය වැළඳ ගනීවිද?

 

Heeramandi: The Diamond Bazaar

සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ 1080P WebRip පිටපතක් වන, Heeramandi.The.Diamond.Bazaar.S01E07.DUAL-AUDIO.HIN-ENG.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA [667 MB] පිටපතටයි.

එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්! 

දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

තෙරුවන් සරණයි!

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

One thought on “Heeramandi: The Diamond Bazaar [S01 : E07] Sinhala Subtitles | “බිබ්බෝජාන්: විප්ලවයට ජයවේවා!” [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි කේසර සහෝ මේ සීරිස්එකට සබ් දෙනවට……….
    ජයවේවා…….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *