Hell’s Paradise: Jigokuraku [S01 : E01] Sinhala Subtitles | ඉවගකුරේ සටන්කරු… [සිංහල උපසිරසි] 50*
බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට කොහොමද ඉතින්! එහෙනම් ඔන්න තව අලුත් වැඩකුත් පටන් ගන්නයි මේ ලෑස්තිය. ඒ වගේම කියන්න ඕනේ අද දෙන මේ උපසිරසිය ගොඩක් විශේෂ එකක්. මොකද මේ තමා බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මං ලබා දෙන 50වෙනි උපසිරසි පරිවර්තනය වෙන්නේ. ගිය අවුරුද්දේ මාර්තු 16 වෙනිදා තමා මගෙ පළවෙනි උපසිරසිය බයිස්කෝප් වෙබ් අඩවියෙ පළවුණේ. එදා ඉඳලා දැන් වසරකුයි මාසයකට ආසන්න කාලයකදී පළවෙනි කඩයිම සම්පූර්ණ කරන්න ලැබීම ගැන නිහතමානී සතුටක් වගේම, හීනියට පොඩි ගැම්මකුත් නැතිවම නෙමෙයි. කරපු සබ්වලිනුත් බොහොමයක් ඇනිමේ වෙනුවෙන් කරපු නිසා ඇනිමේ බලන අය හැරුණාම අනිත් අයට නම් මාව එච්චරම මීටර් නැතුව ඇති.
මෙතෙක් ආපු ගමනෙදී සෑහෙන සහයෝගයක් දීපූ පිරිසකුත් හිටියා. වෙබ් අඩවියේ ඇඩ්මින්වරුන් වෙන අශාන් විමුක්ති, චාමර සම්පත්, තිසර නියෝ යන අයියලට මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම සංජන අයියටත්, Mini/Cancelled අදිනා සංගමයට මාව සම්බන්ධ කර ගැනීමෙන් පස්සෙ තමා වෙබ් අඩවියේ සහෝදර උපසිරසිකරුවන් බොහොමයක් එක්ක මට සුහද වෙන්න පුලුවන් උනේ. ඒ වගේම අපේ ඔලිවර් අයියටත්, අවස්ථා දෙකකදී විතර මාවත් කණ්ඩායම් වැඩවලට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. තවත් කියන්න නම් බොහොමයක් දෙනා ඉන්නවා. ඒ වගේම මාත් එක්ක සුහදවුණු වෙබ් අඩවියේ අනෙකුත් අයියල අක්කලා හැමෝමත් ආදරයෙන් මතක් කරනවා වගේම ස්තූතිවන්ත වෙනවා දීපූ හැම සහයෝගයකටම.
ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි “ලංකන් weebs” කණ්ඩායම. ඇනිමේ වෙනුවෙන් සිංහල උපසිරසි ලබා දීම උදෙසා මේ වෙනකොට ප්‍රමුඛ වැඩ කොටසක් මේ ලංකන් weebs කණ්ඩායම කරනවා කියල ඇනිමේ බලන හැමෝම දන්නවා ඇතිනේ. ගිය වසරෙදි මමත් මේ කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත්වුණා. මෙතෙක් ආපූ ගමනෙදී මේ කණ්ඩායමත් මට ලොකු හයියක් උනා කියල කියන්නම ඕනේ. හසරංග නදීෂ, ඉසුරු සංදීප, දොන් ධනංජය යන අයියලා දීපු සහය නම් ලොවෙත් අමතක වෙන්නෙ නෑ. ඒ වගේම ඒ කණ්ඩායමේ අනිත් සහෝදරවරුන්ටත් මගෙ ස්තූතිය නිසැකවම හිමියි. ඒ වගේම රසික ඔබ ලබා දෙන හයිය තමයි මගෙ ශක්තිය. ස්තූතියි ඔබටත්!
එහෙනම් මේ අද ගෙනාපු ඇනිමේ එක මොකක්ද කියල බලලා, ඉක්මනින් වැඩේට බහිමු.
කට්ටිය කැමතිද Ancient Vibe එකට යන, සුපිරිම සටන් සහ, පිස්සු හැදෙන ඇනිමේෂන් ටිකක් තියෙන සුපිරිම ඇනිමේ එකක් බලන්න. ඔයා ඩීමන් ස්ලේයර්, ඩොරෝරෝ, චේන්සෝ මෑන්, ජුජුට්සු කයිසෙන් වගේ ඇනිමේ බලලා තියෙනවා නම් විශ්වාසයෙන් කියනවා මේකත් ඊට දෙවෙනි නෑ කියල. ඩීමන් ස්ලේයර් හැරුණාම මේ Spring season එකේ ලොකුම hype එකක් තියෙන ඇනිමේ එක තමා Hell’s Paradise කියන්නේ.
ඇනිමේ බලන අය දන්නවා ඇතිනේ The Big 3 ගැන. ඔන්න ඔය වගේ එකක් මේ ටිකෙත් කතා වෙනවා ඔයාලා දැකලා ඇති Shounen “The Dark 3” කියල.
• Jujutsu Kaisen
• Chainsaw Man
• Hell’s Paradise
මෙන්න මේ මන්ගා තුන තමා “The Dark 3” විදිහට හදුන්වන්නේ. මේ වෙනකොට ඇනිමේ ක්ෂේත්‍රය තුළ පෙරළිකාර වැඩ කොටසක් කරන ජනප්‍රිය ඇනිමේ ස්ටුඩියෝවක් වෙන Mappa Studio එක මේ මන්ගා තුනම ඇනිමේ විදිහට ඉදිරිපත් කරලා තියෙන නිසා සමහර තැන්වල මේක “Mappa’s Dark 3” විදිහටත් හඳුන්වලා තියෙනවා ඔයා දැකලා ඇති. මේ ඇනිමේ තුනේ ප්‍රධාන චරිත තුනත් “The Dark Trio” විදිහට හඳුන්වනවා.
ගිය වසරේ Fall season එකේ විකාශය වුණ Chainsaw Man අතිශය ඉහළ ප්‍රතිචාර ගන්නකොට විවිධාකාරයේ තේරුමක් නැති දේවල් සම්බන්ධයෙන් ඒ ඇනිමේ එකට සෘණාත්මක අදහස් පවා වැටුණා. කොහොමහරි Mappa Studio එක ඒවත් අල්ලලා ඔන්න ගින්දර වගේ ඇනිමේෂන් එක්ක මේ Hell’s Paradise අපිට දීලා තියෙනවා. ඒ වගේම මේක ආයේ සුපිරියටම Violence තියෙන dark ඇනිමේ එකක්. Mappa කියලත් තියෙනවා මෙ Hell’s Paradise ඇනිමේ එක Chainsaw Man රසිකයින් පවා ඉහළින් තෘප්තිමත් කරනවා කියල.
ඉතින් මේ ඇනිමේ එකත් Hell’s Paradise මන්ගා එක මූලික කරගෙන තමා නිර්මාණය වෙන්නේ. “Yuji Kaku” විසින් නිර්මාණය කරන මේ මන්ගා එක Volume 13 ක් යටතේ Chapters 128 කින් සමන්විත වෙනවා. මන්ගා එක මේ වෙද්දී අවසන් වෙලයි තියෙන්නෙ.
Hell’s Paradise Manga Volume 01
ඇනිමේ එක මේ වෙනකොට කොටස් 13කින් සමන්විතයි කියල තහවුරු කරලා තියෙනවා. මේක Action, Adventure, Fantasy, Gore, Historical, Shounen කියන කියන ශානරයන්ට වැටෙනවා. ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුණු MAL (MyAnimeList) තුළින් 8.44 ක අගයක් දීලා තියෙනවා.
මේ කතාව චරිත කීපයක්ම මූලික කරගෙන ගලායන එකක් නිසා ඒ ඒ චරිත ගැන දැනුවත්භාවය වැදගත් වෙනවා. අද කොටසේ අපිට දකින්න ලැබෙන චරිත දෙක ගැන මේ විදිහට පොඩි විස්තරයක් කරන්නම්.
ගබිමරු (Gabimaru The Hollow)
මේ කතාවේ ප්‍රධාන චරිතය තමා ගරන්නෝ ගබිමරු (Gabimaru The Hollow) කියන්නේ. කිසිම හැඟීමක් දැනීමක් නැති හිස් කියන අර්ථයෙන් තමයි මේ නම වැටිලා තියෙන්නෙ. මෙයා ඉවගකුරේ කියන ගම්මානයේ පුහුණු වුණ ෂිනෝබි කෙනෙක්, එහෙම නැත්නම් නින්ජා කෙනෙක්. නින්ජලා කිව්වාම ඉතින් දන්නවනේ. කිසිම අනුකම්පාවක් නැති විදිහට මිනීමරන සුපිරිම සටන්කරුවන් මේ නින්ජාවරුන් කියන්නේ. මෙයාලා භාවිතා කරන “නින්ජුට්සු” කියන සටන් ක්‍රමය ලෝකයේ තියෙන අමානුෂිකම සටන් ක්‍රමය කියලයි හඳුන්වන්නේ. ගබිමරු වෙනුවෙන් Chiaki Kobayashi තමා හඬ දායකත්වය දෙන්නේ.
යමදා අසයිමොන් සගිරි
සගිරි කියන්නෙත් මේ කතාවේ සෑහෙන වැඩ කොටසක් කරන චරිතයක්. මෙයා අසයිමොන් පවුලෙ කෙනෙක්. රෝනින් වෙනුවෙන් අසිපත් පිරික්සීම හා අපරාධකරුවන්ට මරණ දඬුවම දීපූ අළුගෝසුවන් පැවත ආ පවුලක් තමා මේ අසයිමොන් කියන්නේ. කතාවට අනුව නම් මේ අසයිමොන්වරු කඩු හරඹයේ ප්‍රවීණයෝ. සගිරි වෙනුවෙන් Yumiri Hanamori තමා හඬ දායකත්වය දෙන්නෙ.
එහෙනම් සාමාන්‍යයෙන් අපි මේ ඇනිමේ එක බලන්න පටන් ගන්න ඕනේ තොරතුරු දැන් දැනගෙන ඉන්නේ. එහෙනම් මේ කතාවට අපි ආරම්භයක් ගමු.
ගබිමරු කියන්නේ නින්ජා කෙනෙක්. ලැබෙන අණ කිරීම් අනුව මුදලට මිනීමැරීම තමයි මෙයා කළේ. මෙයා ටිකක් බිහිසුණු චරිතයක් විදිහට කා අතරත් ජනප්‍රියයි. ඉතින් කතාව ආරම්භයේදී මේ ගබිමරු ඔහු කරපු අපරාද හේතුවෙන් මරණයට නියම වෙලා ඉන්නේ. ඔහුගේ සඟයින් කරපු ද්‍රෝහීකමක් නිසා තමා ගබිමරු මේ විදිහට අහුවෙලා තියෙන්නේ. හැබැයි මේ ගබිමරු කියන්නේ එහෙම ලේසියෙන් මරලා දාන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. ජපන් ජනප්‍රවාද වල නම් තියෙන්නේ මේ නින්ජාවරුන්ට අසාමාන්‍ය හැකියාවන් තිබ්බා කියලා. ඉතින් මේ ගබිමරු ඉවගකුරේ ගම්මානයෙන් ලබා ගත් ඒ මාරාන්තික පුහුණුවෙන් දිවි බේරාගත් ඒ ගම්මානයේ ඉන්න හොඳම නින්ජාවරයෙක්. ඔහුටත් යම් යම් අසාමාන්‍ය හැකියාවන් තියෙනවා.
මේ අතර උඩ කිව්ව සගිරි කිසියම් වාර්තාවක් ලබා ගැනීම වෙනුවෙන් ගබිමරුව මුණ ගැහෙන්න සිපිරිගෙට ඇවිල්ලා. ඇත්තටම ඇය ඇවිත් ඉන්නේ වෙනත් අරමුණක් හිතේ තියාගෙන. ඇයගෙ මේ පැමිණීම තමයි ගබිමරුගේ ජීවිතය වෙනස් මාවතකට යොමු කරන්නේ. ඉතින් ඇය ඇයි ගබිමරුව හමුවෙන්න ඇවිත් ඉන්නේ? මොකක්ද ඇගේ යටි අරමුණ. එහෙනම් මේ Spring Season එකට Mappa Studio එකෙන් අපිට ලැබුණු මේ ගින්දර ඇනිමේ එකේ පළවෙනි එපිය බලලා මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න. දෙවෙනි කොටසේ උපසිරසිත් සමඟ ඉක්මනින් හමුවෙමු.
අද කතාංගය – The Death Row Convict and The Executioner
Imdb අගය – 8.5
අධ්‍යක්ෂණය – Kaori Makita
විකාශය වූ දිනය – 2023 අප්‍රේල් 01
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5881 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnks aaaa ❤️❤️❤️
ඉකමනට අනිත් සබ් ටිකත් දෙන්නකෝ..
අඩේ මලයත් 50 ගහල නෙව.❤️
ඇනිමෙ වලට සබ් ගේන සුපිරිම ඩයල් එකක් තමයි ඉතින්.
දිගටම ඇනිමෙවලට වගේම වෙනත් සබ් ගේන්න හැකියාවත්
පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතු සාර්ථක කරගන්න වගේම,
මේ පාර එක්සෑම් එකත් හොදටම ගොඩ දාගමු මලේ.❤️
එක්සෑම් එක ඉවර වෙලාම මේ ඇනිමෙ සීරිස් එකත් බලන්න ගන්නවා ඕං!
අඩේ මලයත් 50 ගහල නෙව.❤️
ඇනිමෙ වලට සබ් ගේන සුපිරිම ඩයල් එකක් තමයි ඉතින්.
දිගටම සබ් ගේන්න හැකියාවත්
පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතු සාර්ථක කරගන්න වගේම,
මේ පාර එක්සෑම් එකත් හොදටම ගොඩ දාගමු මලේ.❤️
එක්සෑම් එක ඉවර වෙලාම මේ ඇනිමෙ සීරිස් එකත් බලන්න ගන්නවා ඕං!
Episodes 3k awith thiyeine ithuruwage sub tikath ikmanata dendoo❤️
Download link ekak denna bro
Thank you.
[Oshi no ko] anime eketh sinhala sub ekath hadala denna kooo
Thnks bosaa..
Puluwnnm demon slayer s03th ongoing dennaa….
Sub Ekata Thanks
Digatama anime walata sub demu
aniwa
පළමු කඩයිමට උණුසුම් සුබ පැතුම් මල්ලි
ඉක්මනටම ඉදිරි කඩයිම් පහු කරන්න ලැබේවා
උපසිරසියට බොහෝම ස්තූතියි
ජය වේවා !
නියමයි මචන්.දිගටම දෙමු
ARIGATO <3
කදිමයි හලෝ කදිමයි
50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ❤️
උපසිරැසියටත් ගොඩක් ස්තූතියි!
Thanks Bro
50 වෙනි උපසිරැසි ගැන්වීමට සුබපැතුම් සහෝ. ඒකත් සුපිරි ඇනිමෙ සීරිස් එකකින්නෙ ගහල තියෙන්නෙ. ඉස්සරහටත් උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය, ශක්තිය ලැබෙන්න කියලා පාර්තනා කරනවා. ඒවගේම පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්ථකත වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!
පවිත්..මේ වගේ සුපිරි ඇනිමේ එකක පළවෙනි කමෙන්ට් එක දැම්මා ඔන්න.සබ් 50ට සුබ පැතුම්..ඔයාගෙ සබ් ගැන අහන්න බලන්න දෙයක් නෑනෙ…සීසන් එක ඉවර වෙද්දි සීරීස් එක ගැන අදහසක් දෙන්නම්… සබ් එක සුපිරියටම තියෙනවා කියලා දන්නවා..ලිපියත් ගින්දර…❤️
නියමයි මල්ලි. Mappa ලගෙ තියෙන්නම ඕනි සබ් එකක්. සීරීස් එකම ගොඩදාමු.❤️