Monsters: The Lyle and Erik Menendez Story (2024) [S02 : E02] Sinhala Subtitles | “නාස්තිකාරකම්” [සිංහල උපසිරැසි සමඟ]
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
සුබ දවසක් මිත්‍රවරුනි. අද මේ පළවෙන්නේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ දෙවැනි කතාංගයයි. පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇති එරික් සහ ලයිල් මෙනෙන්ඩස් තමන්ගේ දෙමව්පියන්ව ඝාතනය කිරීමෙන් අනතුරුව පොලිසියට බොරු සාක්ෂි දෙමින් නොමඟ යවන්න උත්සහ කළ අන්දම සහ පසුව හෘද සාක්ෂියෙන් පීඩා විඳිමින් එය පාපොච්චාරණය කිරීමට වෛද්‍ය ඔසීල් වෙත ගිය අන්දම. ඔසීල් මේ තොරතුරු ලැබීමෙන් පස්සේ, ඔහු අනියම් බිරිඳක් ලෙස ඇසුරු කළ සිය සේවාදායිකාවක් වුණු ජූඩලෝන්ට මේ සියලු කරුණු හෙළි කරමින් ඉල්ලා සිටින්නේ ඇයට සිය කාර්යාලයට එන ලෙස කලබලයෙන් කැඳවීමක් කරමින්. තමන් ලයිල්ව සිය කාර්යාලයට ආරාධනා කළ බවත් බොහෝ දුරට අපරාධය හෙළි වීමෙන් පසුව ඔවුන් දෙදෙනා තමන්ව ඝාතනය කිරීමට ඉඩ ඇති බවත් හෙළි කරන වෛද්‍ය ඔසීල්ට අවශ්‍ය ඔවුන් දෙදෙනාගෙන් ආරක්ෂා වීමට සාක්ෂිකාරිනියක ලෙස ජූඩලෝන්ව පාවිච්චි කිරීමයි. පාපොච්චාරණයෙන් පසු මෙනෙන්ඩස් සහෝදරයන් ඔසීල්ව ඝාතනය කිරීමට තීරණය කරනවා. අද එතැන් සිට….
වෛද්‍ය ජෙරෙමි ඔසීල් (වමේ ඉහළ) සහ එම චරිතය නිරූපණය කරන ඩලස් රොබර්ට්ස් (වමේ පහළ), ජූඩලෝන් ස්මිත් (දකුණේ ඉහළ) සහ එම චරිතය නිරූපණය කරන ලෙස්ලි ග්‍රොස්මන් (දකුණේ පහළ)
අද පළ වන කතාංගය ගැන:
දෙවැනි කොටස – “Spree” – “නාස්තිකාරකම්”
අධ්‍යක්ෂණය – Carl Franklin
තිර රචනය – Ian Brennan & David McMillan
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 19 සැප්තැම්බර් 2024
IMDb Ratings – 7.5/10
මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්. එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්! තෙරුවන් සරණයි
එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්!
තෙරුවන් සරණයි!
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 208 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro sub ekata
thank sub ekat…..Sweetpea 2024 meke sub ekth denna puluwanda plzz