Action
මේ චිත්‍රපටයට පාදක වන පොන්නියින් සෙල්වන් නව කතාව කල්කි ක්‍රිෂ්ණමූර්ති නම් ලේඛකයා විසින් සත්‍ය සිදුවීම් සහ ප්‍රබන්ධ මිශ්‍රණයෙන් නිර්මාණය කරන ලද්දක්. පොන්නියින් සෙල්වන් යන්නෙහි තේරුම පොන්නිගේ පුත්‍රයා යන්නයි. කල්කි මේ කතන්දරය ලියන්න කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවට ඇවිත් තියෙනවා. ඉතිහාසය ගවේෂණය කරමින් කෝවිල් වැනි පුරාණ ස්ථානවල සංචාරය කොට මේ සඳහා තොරතුරු එක් රැස් කොට තිබෙනවා. ලංකාවේ සොබාව, කඳු, ගුහා, කෝවිල් ගැන අධ්‍යයනය කර ඒ අනුව කතාව රචනා කරලා තියෙනවා. මේ කතාව මුලින්ම සතිපතා සඟරාවක එලි දැක්වුනේ. කල්කිගේ මේ කතන්දරය කියවන්නම සඟරාව මිලදී ගන්න සතියක් සතියක් ගානේ මිනිස්සු පොරකාලා තියෙනවා. අධික ඉල්ලුමක් තිබුණ මේ සඟරාවේ පිටපත් 7000ක් පමණ එක් මුද්‍රණයකදී විකිණී තිබෙනවා. කල්කි අවුරුදු 3ක් පමණ මේ කතාව සතියෙන් සතිය සඟරාවට රචනා කර තිබෙනවා. 1955දි මේ කතාන්දරය එකතු කර පොත් පහක් විදියට එලි දක්වනවා. මේ නව කතාව පිටු 2200ක් සහ කොටස් පහකට බෙදා තියෙන මේ කතාන්දරය තනි චිත්‍රපටයකට ගේන එක විශාල අභියෝගයක්. අවසානයේදි මේ කතාන්දරය කොටස් 2ක් විදිහට තිර පිටපත් ලියා නිර්මාණය කරන්න තීරණය කරනවා. මෙහි නිෂ්පාදන වැඩකටයුතු ආරම්භ කෙරුණේ 2019දී සිටයි.
ත්‍රාසජනක වැම්පයර් චිත්‍රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ Day Shift (2022) චිත්‍රපටිය. වැම්පයර් කතා සමහර අවස්ථා වලදී කම්මැලි වුනත්, මේ චිත්‍රපටිය දිගටම ආකර්ශණීය විදියට නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසාම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මේ ලිපිය ලියන මොහොතේදී, IMDB 6.1, Rotten Tomatoes 58%, Metacritic 51%, Google Users 82% කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.
Action Comedy Drama කාණ්ඩයන්ට අයත් IMDb දර්ශකයෙ 7.3/10 ක අගයක් ගන්න සමත් වුන මේ ෆිල්ම් එකට සුපිරි මලයාලම් නලු Tivino Thomas එක්ක Kalyani Priyadarshan තමයි ප්‍රධාන චරිත වලින් සම්බන්ධ වෙන්නෙ , මීට අමතරව Shine Tom Chako , Jhony Antony , Chemban Vinod Jose , Binu Pappu , Lukman Lukku ඇතුලුනලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
Action / mystery කාණ්ඩයට අයිති වෙන මේ ෆිල්ම් එකට imdb දර්ශකයෙ 5.4 ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලු නිළියො හතර දෙනෙක් අපිට බලාගන්න පුලුවන්. ඒ තමයි arjun kapoor, tara sutaria,john abraham,disha patani කියන මෙ අය.
ඉතින් මේ ෆිල්ම් එකෙත් director ek villain(2014), malang, half girlfriend, ashique 2, Awarapan, hamari aduri kahani වගේ සුපිරිම ෆිල්ම් හදපු mohit suri කියන කෙනා තමයි.
කතාව ගැන කිව්වොත් ,1891 දී ඉන්දියාවේ තිබ්බ එක්තරා ජාතියක් තමයි කමේරන්ලා කියන්නේ….ඉතින් සෑම ජාතියකින්ම පහත්ම ජාතිය ලෙස සැලකුවේ මේ කමේරන්ලව,කමේරන්ලට මේ විදියට සලකන නිසාම ඔවුන් තීරණය කරනවා බ්‍රිතාන්‍යය රජයට එරෙහිව නැගීසිටින්න,එහිදී තමයි බ්‍රිතාන්‍යය රජයේ නිලධාරියෙක්වෙන ශුද් සිං නම් කෙනෙක් කමේරන්ලගේ නායකයා වන ශම්ශේරට යෝජනාවක් ගේන්නේ…ඒක තමයි ඔවුන් සියල්ලම රජයට බාරවුනොත්,වෙනමම භූමියක් ලබාදීලා ඔවුන්ට නිදහසේ ජීවත්වෙන්න ඉඩලබාදෙනවා කියල…
මේකට කැමති වෙන ශම්ශේරා,ඔහුගේ මිනිසුන් සියල්ලම සමග බ්‍රිතාන්‍යය බලකොටුවට යනවා…ඒත් එතනදී වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්…බිර්තාන්‍යය රජය කමේරන්ලා සියල්ලන්වම සිරබාරයට ගෙන වහල්ලු විදියට බලකොටුවේ සිරකරගන්නවා…එතනින් එහාට මොකක් වෙයිද කියල දැනගන්න අරගෙන බලන්නකෝ එහෙනම් Shamshera ….
ඉතිං මාවල් ෆෑන්ස්ලට මේක හරිම උද්යෝගිමත් කාලයක්,මොකද මෙච්චර කාලයක් අපේ සිත් ඇද බැඳගත්ත මාවල් ෆිල්ම්ස්,සීරීස් Phase 4 ඔස්සෙ ඇවිත් හමාරයි,Phase 4 එක ඉවර වෙන්න ඉස්සරහට එන්න තියෙන්නෙ I Am Groot,She Hulk ඒ වගේම Black Panther:Wakanda Forever යන චිත්‍රපට විතරයි.
ඉතිං ඊට පස්සෙ එන්න තියන Marvel Phase 5 එක ගැනත් Phase 6 එකේ කොටසක් ගැනත් මාවල් ස්ටූඩියෝස් සභාපති Kevin Feige විසින් නිලවශයෙන් නිවේදනය කළා.
ඇස් වල කඳුළු පුරවගෙන බලන්න පුළුවන් ලස්සන ආදර කතාවක් IMDB රේට් එක ගත්තොත් 8.8/10 තරම් ලොකු අගයක් අරන් තියෙනවා .
පොන්නිගේ පලිගැනීම. නීතිය හරියට ක්‍රියාත්මක නොවන අවස්ථාවක නීතිය අතට ගැනීම.
KGF Chapter 1 කතාව ගැන කිව්වොත් රොකි එහෙමත් නැත්නම් රාජා ක්රිෂ්නාප්පා කියන්නේ දිළිදු පවුලක ළමයෙක්.පොඩි කාලේදිම රොකිට ඉන්නේ අම්මා විතරයි. නමුත් අම්මාත් රොකිට අවුරුදු 7 – 8ක් වෙද්දිම අහිමිවෙනවා..රොකිගේ අම්මා නැතිවෙද්දි රොකිගෙන් පොරොන්දුවක් අරගන්නවා.. දැනට කොහොම ජිවත් උනත් ඔයා මැරෙද්දි පෝසත් මිනිහෙක් වෙලා තමයි මැරෙන්න ඕනි කියලා… රොකිත් අම්මාට අවසන් පොරොන්දුව දෙනවා ඔහු ධනවත් පුද්ගලයෙක් වෙනවා කියලා… රොකි එදා පටන් හැම මොහොතක්ම අම්මාට උන පොරොන්දුව ඉටු කරන්න පුලුවන් ක්‍රම හෙව්වා… රොකීගේ ඒ ගමන කොහොම වේවිද කියලා බලන්න වෙන්නේ KGF Chapter 1 චිත්‍රපටිය නරඔලාම තමයි…
K.G.F: Chapter 1 චිත්‍රපටිය අවසන් උනේ,රොකී ගරුඩව මරපු තැනින්,ඊට පස්සේ අපිට එතනදී දැකගන්න ලැබෙනවා,ඉන්දියාවෙ අගමැතිනිය රොකීට විරුද්ධව යුධ ප්‍රකාශ කරනවා,ඉතින් K.G.F: Chapter 2 චිත්‍රපටිය අපිට බලාගන්න ලැබෙන්නේ හරියටම එතන ඉදන්,ඉතින් K.G.F: Chapter 1 එකේ තිබ්බ ඒ ගැම්ම K.G.F: Chapter 2 චිත්‍රපටියෙන් දෙගුණ තෙගුණ වෙන්නම දීලා තියෙනවා කියලනම් කියන්න ඕනි…
ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වූ එක්සත් ජනපද මාර්ෂල් මේසන් පොලාර්ඩ් ගැනයි කතාව තියෙන්නේ. මේක ක්‍රියාදාම චිත්‍රපටයක්.
ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Channing Tatum, Sandra Bullock, Bradd Pitt සහ Daniel Redcliff (හැරී පොටර් ෆිල්ම් එකේ හැරී) ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්..ඇ.ඩොලර් මිලියන 75ක වියදමින් නිෂ්පාදනය කරලා මේ වෙනකොට ඇ.ඩොලර් මිලියන 160කට අධික ආදායමක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.. ෆිල්ම් එක Adventure/Action ගණයට අයත් වෙන්නේ.. ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක…
ෆිල්ම් එක කල්තියා නිකුත්වෙන්න තිබුනත් කොරෝනා පෙන්ඩමික් එකත් එක්ක ටික ටික පස්සට ගිහින් අන්තිමට 2022 මාර්තු 4වෙනිදා ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය පටන්ගත්තා. අධ්‍යක්ෂණය කරන්නේ Matt Reeves. Mattට පුලුවන් වෙනවා බැට්මෑන් කියන චරිතය වෙනම ලෙවල් එකකට ගේන්න. ඒකට Cinematography කරපු Greig Fraserගෙන් ලොකු සහයෝගයක් ලැබිලා තියෙනවා කියලා ෆිල්ම් එක බලද්දී තේරෙනවා. මියුසික් ටිකෙත් වෙනම රහක් තියෙනවා, ඒකට ගෞරවය Michael Giacchinoට ලැබෙනවා.ෆිල්ම් එක බෙදහරින්නේ Warner Bros.Pictures හරහා.
ෆිල්ම් එක රිලීස් වෙන්නේ Columbia Pictures සහ Sony Pictures හරහා. පෙබරවාරි 18 වෙනිදා තමයි ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භවුණේ..ප්‍රධාන චරිත වලට පණපොවන්නේ නේතන් ඩ්‍රේක් විදිහට Tom Holland සහ වික්ටර් සුලිවන් විදිහට Mark Wahlberg..
ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍රපටියක් අරන් එන්නයි සුදානම.. මේක නෙට්ෆිලික්ස් හරහා පහුගිය හතර වැනිදා තමයි නිකුත් උනේ. Aakash Bhatia ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍රපටිය Taapsee Pannu,Tahir Raj Bhasin,Shreya Dhanwanthary වැනි නළුනිලියන්ගේ රංඟනයෙන් හැඩවෙනවා.. මේක Run Lola Run කියන ජර්මානු චිත්‍රපටියේම ප්‍රතිනිර්මාණයක්… කොහොම හරි ඒ චිත්‍රපටිය ඔයා බලලා තියනවා නම් මේක බලාගෙන යද්දි පොඩි දර්ශනයක් දකින්න පුලුවන් වේවි ඒකට ගැලපෙන… චිත්‍රපටිය ගැන කිව්වොතින් එහෙම සාවි කියන්නේ මලලක්‍රිඩිකාවක්.. නමුත් තරඟයක වෙන අනතුරක් නිසා ඇයට ආපහු කවදාවත් දුවන්න වෙන්නේ නැහැ. මේ නිසාම ඇය කලකිරිමෙන් සියදිවි නසාගන්න යනවා.
මේ වෙලාවේ තමයි ඔහුට සත්‍යාව හමුවෙන්නේ.. සත්‍යාත් සාවි වගේම ටිකක් අමුතු කෙනෙක්. කොහොම හරි මේ දෙන්නාම එකතු වෙලා ආදරය කරන්න පටන් ගන්නවා.. කොහොම හරි එක දවසක් සත්‍යා වැඩ කරන තැන අයිතිකාරයා ඔහුට වැඩක් පවරනවා.. ඒ බැග් එකක් එක තැනකට දිලා එතැනින් හම්බවෙන ලක්ෂ පනහා ආපහු අරන් එන්න කියලා. සත්‍යාත් මේ වැඩේ කරන්න පිටත්වෙනවා. එත් හිතුවේවත් නැති විදියට මේ ලක්ෂ පනහා ඔහු අතින් නැති වෙනවා. කොහොමද නැති වෙන්නේ කියලා ෆිල්ම් එක නරඔලාම දැනගන්න එක හොදයි… කොහොම හරි මේක ගැන ඔහු මුලින්ම කියන්නේ සාවිට… දැන් කොහොම හරි විනාඩි පනහක් ඇතුලත ලක්ෂ පනහක් හොයන්න වෙනවා. නැත්නම් සත්‍යාගේ විතරක් නෙමෙයි සාවිගේ ජිවිතෙත් අවසානය තමයි.. ඉතින් මේ සල්ලි හොයාගන්න මොන මොනා කරන්න වේවිද? ඒක බලාගන්න පුලුවන් චිත්‍රපටිය නැරබුවොතින් තමයි. මේ චිත්‍රපටියේ සිනමාටෝග්‍රැෆිකරණයත් වෙනස්ම මට්ටමකින් තිබ්බා ඒක මතක් කරන්නම වෙනවා…කොහොම හරි මේ සති අන්තේ හොද චිත්‍රපටිය මිහිර විදින්න ඕනි නම් මෙන්න එක්ට හොදම අවස්ථාව…