Adventure
බොස්ගෙන් සල්ලි හොරකම් කරන කිරන් සහ එයාගේ යාලුවෝ ටිකගේ යාලුවෙක් මෙයාලා ගනිපු සල්ලි ටික හොරකම් කරනවා. කොහොම හරි සල්ලි හොරකම් කරපු එක බොස්ට මාට්ටු වෙනවා. බොස්ගේ සල්ලි දෙන්න මෙයාලට දවසක කාලයක් හම්බ වෙනවා. පස්සේ මෙයාලට එරෙහි උන යාළුවා ඉන්න තැන හොයාගන්න ලැබෙනවා එතන ඉදන් මොකක්ද උනේ කියන එක බලන්න ආසද?
කතාව ගැන කිව්වොත් ,1891 දී ඉන්දියාවේ තිබ්බ එක්තරා ජාතියක් තමයි කමේරන්ලා කියන්නේ….ඉතින් සෑම ජාතියකින්ම පහත්ම ජාතිය ලෙස සැලකුවේ මේ කමේරන්ලව,කමේරන්ලට මේ විදියට සලකන නිසාම ඔවුන් තීරණය කරනවා බ්‍රිතාන්‍යය රජයට එරෙහිව නැගීසිටින්න,එහිදී තමයි බ්‍රිතාන්‍යය රජයේ නිලධාරියෙක්වෙන ශුද් සිං නම් කෙනෙක් කමේරන්ලගේ නායකයා වන ශම්ශේරට යෝජනාවක් ගේන්නේ…ඒක තමයි ඔවුන් සියල්ලම රජයට බාරවුනොත්,වෙනමම භූමියක් ලබාදීලා ඔවුන්ට නිදහසේ ජීවත්වෙන්න ඉඩලබාදෙනවා කියල…
මේකට කැමති වෙන ශම්ශේරා,ඔහුගේ මිනිසුන් සියල්ලම සමග බ්‍රිතාන්‍යය බලකොටුවට යනවා…ඒත් එතනදී වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්…බිර්තාන්‍යය රජය කමේරන්ලා සියල්ලන්වම සිරබාරයට ගෙන වහල්ලු විදියට බලකොටුවේ සිරකරගන්නවා…එතනින් එහාට මොකක් වෙයිද කියල දැනගන්න අරගෙන බලන්නකෝ එහෙනම් Shamshera ….
ඉතිං මාවල් ෆෑන්ස්ලට මේක හරිම උද්යෝගිමත් කාලයක්,මොකද මෙච්චර කාලයක් අපේ සිත් ඇද බැඳගත්ත මාවල් ෆිල්ම්ස්,සීරීස් Phase 4 ඔස්සෙ ඇවිත් හමාරයි,Phase 4 එක ඉවර වෙන්න ඉස්සරහට එන්න තියෙන්නෙ I Am Groot,She Hulk ඒ වගේම Black Panther:Wakanda Forever යන චිත්‍රපට විතරයි.
ඉතිං ඊට පස්සෙ එන්න තියන Marvel Phase 5 එක ගැනත් Phase 6 එකේ කොටසක් ගැනත් මාවල් ස්ටූඩියෝස් සභාපති Kevin Feige විසින් නිලවශයෙන් නිවේදනය කළා.
KGF 1 සහ KGF 2 වලින් පසුව කන්නඩ සිනමාවෙන් මුලු ඉන්දියාව පුරාම තිරගත වීම ආරම්භ කරපු චිත්‍රපටියක් තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ,ඉතින් චිත්‍රපටිය තමයි 777 Charlie,මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Kirik Party,Padde Huli,Avane Srimannarayana වැනි සාර්ථක චිත්‍රපටි අරගෙන ආපු Rakshit Shetty…ඉතින් මේ චිත්‍රපටියේ තවත් ප්‍රධාන චරිතයක් ඉන්නවා,ඉන්දියාව පුරාම රසික රසිකාවියන්ගේ සිත් දිනාගන්න මෙයාට පුලුවන් උනා…එයා තමයි Charlie…චාර්ලිගේ වැඩ ටිකත් ඔයාලට බලාගන්න පුලුවන් මේ චිත්‍රපටියෙන්…
ජේ.කේ. රෝලින්ගේ හැරී පොටර් සම්බන්ධ අලුත්ම නිර්මාණය Fantastic Beasts: The Secrets Of Dumbledore නමින් 2022 අප්‍රේල් මාසේ 8 වෙනිදා ලොව පුරා ප්‍රදර්ශනය වුණා. මේකත් මායා ලෝකෙටම අයිති කතාවක් විදිහට තමා නිර්මාණය වෙන්නේ. කතා කාලය වෙන්නේ හැරීට කලින් ඒ කියන්නේ ඩම්බෙල්ඩෝගේ තරුණ කාලය ගැන.
ඔයාලට මතක ඇති 2018 දි ආපු Fantastic Beasts: The Crimes Of Grindelwald චිත්‍රපටිය අවසානෙදි මුළු කතා මාලාවෙම කැපිලා පෙනුන චරිතයන් වෙච්ච ක්‍රීඩන්ස් කියන කොල්ලට ග්‍රින්ඩෙල්වෝල්ඩ් කතාකරන්නේ ඔරේලියස් ඩම්බල්ඩෝ කියලා.. එතනදි ග්‍රින්ඩෙල්වෝල්ඩ් කියනවා ක්‍රීඩන්ස් කියන්නෙ ඇත්තටම ඩම්බල්ඩෝගේ පවුලේ සාමාජිකයෙක්, ක්රීඩන්ස්ගේ ඇත්තම නම ඔරේලියස් ඩම්බල්ඩෝ කියලා.. අන්න ඒ හන්දා අපිට ප්‍රශ්නයක් එනවා මේ එකපාරටම ආපු ඩම්බල්ඩෝ තුන්වෙනි චිත්රපටියෙදි ප්‍රධාන මාතෘකාවක් වෙයිද කියලා.
සාමාන්‍යයෙන් Fantastic Beasts චිත්‍රපටි වල එකටම රිලීස් කරපු මාතෘකා වල සැගවිච් දේවල් තියෙනවා.. ඒ කියන්නෙ චිත්රපටියෙදි වෙන දේවල් ගැන කලින්ම අපිට ඉගි දෙනවා Title එකෙන්.
ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Channing Tatum, Sandra Bullock, Bradd Pitt සහ Daniel Redcliff (හැරී පොටර් ෆිල්ම් එකේ හැරී) ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්..ඇ.ඩොලර් මිලියන 75ක වියදමින් නිෂ්පාදනය කරලා මේ වෙනකොට ඇ.ඩොලර් මිලියන 160කට අධික ආදායමක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.. ෆිල්ම් එක Adventure/Action ගණයට අයත් වෙන්නේ.. ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක…
ෆිල්ම් එක රිලීස් වෙන්නේ Columbia Pictures සහ Sony Pictures හරහා. පෙබරවාරි 18 වෙනිදා තමයි ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භවුණේ..ප්‍රධාන චරිත වලට පණපොවන්නේ නේතන් ඩ්‍රේක් විදිහට Tom Holland සහ වික්ටර් සුලිවන් විදිහට Mark Wahlberg..
කොහොමද යාලුවනේ..අද අරගෙන එන්නේ මගේ 91 වෙනි සිංහල උපසිරැසිය.. ද අයිස් ඒජ් ඇඩ්වෙන්චර්ස් ඔෆ් බක් වයිල්ඩ් කියන්නේ ජිම් හෙක්ට්, රේ ඩිලෝරෙන්ටිස් සහ විලියම් ෂිෆ්රින් කියන අය තිර රචනය කරපු කින් ජෝන් සී ඩොන්කින් අධ්‍යක්ෂණය කරපු 2022 ඇමරිකානු පරිගණක සජීවිකරණ වික්‍රමාන්විත හාස්‍ය චිත්‍රපටයක්. මේක Ice Age Franchise එකේ හය වෙනි සීසන් එක. Pictures සහ Bardel Entertainment විසින් නිෂ්පාදනය කරපු, Disney+ මුල් චිත්‍රපටයක් විදිහට 2022 ජනවාරි 28 වන නිකුත් කරා.
මේ කතාව ගැන නම් විස්තර මුකුත්ම කියන්න ඕන නෑ. මොකද මේකෙ කලින් සීසන්ස් ටික අපි හැමෝම වගේ බලලා තියෙනවා. මොකද මේක ඒ තරම්ම ජනප්‍රිය චිත්‍රපටයක්. මේ කතාව ගැන පොඩි විස්තරයක් කිව්වොත්, ක්‍රෑෂ් සහ එඩී කරන වැඩ නිසා මැනීට තරහ ගිහින් එයාලට බනිනවා. ඔයාලා දන්නවනේ ඉතින් ඒ දෙන්නගේ වැඩ. ඉතින් මෙදා පාර බැනුම් ඇහුවට පස්සේ එයාලා දෙන්නට පොඩි වරදකාරී හැඟීමක් ඇතිවෙනවා. ඒ නිසා එයාලා දෙන්නා කාටත් කියන්නෙ නැතුව හොරෙන්ම මහ රෑ එයාලගෙ ඉරණම එයාලටම තනියෙම ලියාගන්න ඕන කියලා එයාලා රංචුවෙන් අයින් වෙලා නැති වුණ ලෝකයේ බක්ව හොයාගෙන යනවා.
ඉතින් මේ විස්තරේ හොඳටම ඇති. මෙතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්නකෝ. මේක අනිත් සීසන්ස්ව වගේ නෙවෙයි. ටිකක් විතර වෙනස් විදිහෙ එකක්. මොනා නැතත් ආසාවෙන් හිනා වෙවී බලන්න පුළුවන් ක්රෑෂ්ගෙයි එඩීගෙයි වැඩ නිසා.
Minnal Murali 2021 සිනමාපටය ගැන එහි නිෂ්පාදකයින් විසින් හෙලිකරන්නට ගත්දා පටන් පුවත් මවන චිත්‍රපටයක් වුණ බව ශ්‍රීලාංකීය මලයාලම් සිනමා රසිකයින් වන ඔබත් හොඳාකාරවම දන්නා කරුණක්!එම කරුණු ගැන මුල සිට මතක් කලහොත් චිත්‍රපටය තිරගත නොකර ඉඳුරාම Ott හරහා නිකුත් කරන බව නිෂ්පාදකයින් විසින් සැලකල විට ඇතිවුණ ගැටළුකාරී තත්වය. විශේෂයෙන්ම චිත්‍රපටය සඳහා විශාල මුදලක් වැයකරමින් සකසා තිබු පසුතලයක් විනාශ කිරීම කැපී පෙනුනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Tovino Thomas ප්‍රකාශ කර තිබුනේ පසුගිය දිනයන් හි කෝවිඩ් 19 වසංගත තත්වය නිසා මුළු රටම වසා දැමු අවස්ථාවේදි ඔවුන් රූගත කිරීම් තාවකාලිකව නවත්වා සිටින අවස්ථාවේදි කල්ලඩි ප්‍රදේශයේ සකසා තිබු පසුතල සැකසුම ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කර ඇති බවත් ඒ සඳහා ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව සහ මෙවන් කටයුතු කිරිමෙන් එම කණ්ඩායම් ලබන තෘප්තිය කුමක්දැයි යන්න තවමත් නොවැටෙහෙන බවයි.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Basil Joseph විසින් වන අතර Sophia Paul මෙය නිෂ්පාදනය සිදුකර තිබෙනවා. චිත්‍රපටයේ කතාව රචනය කර තිබෙන්නේ Arun Anirudhan සහ Justin Mathew විසිනි. මලයාලම්, දමිළ, තෙලෙඟු, කන්නඩා, හිංදි සහ ඉංග්‍රීසි යන භාෂා හයෙන් මෙම චිත්‍රපටය නිකුත් කරනු ලබනවා. ඉඳුරාම නෙට්ෆිලික්ස් හරහා මෙම චිත්‍රපටය නිකුත් කරන නිසාවෙන් මේ සඳහා වාර්තාගත මිලක් නියම වී ඇති බව සිනමා ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. අනුව දශකයේ කතාවක් ලෙස නිමවා ඇති මෙම චිත්රපටයෙහි දේශිය පසුබිමක කතාවක් ගලා යනවා. මෙහි ක්‍රියාදාම දර්ශනයන් නිර්මාණය කර ඇත්තේ හොලිවුඩ් සිනමාවේද ක්‍රියාදාම දර්ශන ශිල්පියකු වන Vlad Rimburg සහ ඔහුගේ කණ්ඩායම විසිනි. බොහෝ විට මලයාලම් සිනමාපටයක මෙවන් හොලිවුඩ් නියෝජනයක් වන පලමු අවස්ථාවද මෙය වියහැකියි. සුපුරුදු ලෙසින් චිත්‍රපටයේ අන්තර්ගත කතාව පිළිබඳ කිසිවක් ලිවිමට අදහස් කරන්නේ නෑ. වෙනස්ම අත්දැකීමක් ලබාදෙන නිර්මාණශීලි මලයාලම් සිනමාපටයක් නරඹන ලෙසට නැවතත් ඔබ සැමට ආරාධනා කරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
මිලියන සංඛ්‍යාත ජනතාවක් අතුගා දැමිය හැකි සහ මනුෂ්‍යත්වය විනාශ කළ හැකි යුද්ධයක් සැලසුම් කිරීමට, ඉතිහාසයේ දරුණුතම කුරිරු පාලකයන් සහ අපරාධ මහ මොළකරුවන් එක් විම නැවැත්වීමට එක් මිනිසෙක් කාලයට එරෙහිව තරඟ කිරිම.
ළඟදීම...
ඔන්න අද මම ගෙනාවේ පහුවුන නොවැම්බර් මාසේ 16 released උන වගේම අලුත්ම Netflix කතාවක්..Fantasy/Family ඝනයට අයත් මේ කතාව මේ වෙනකොට නම් IMDb දර්ශකයේ 6.8 ක වගේ ප්‍රමාණයක් ගන්නත් සමත් වෙලා තියනවා…
ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියන්නේ Gil Kenan විසින් වගේම Matt Haig විසින් එ නමින්ම 2015 වසරේ නිකුත් කරන ලද පොත මත පදනම්ව තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියන්නේ
ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි නිකොලස්..ඒ වගේම නිකොලස්ට ඉන්නවා මීකා කියලා මී යාලුවෙකුත්.. ඒ වගේම මුල ඉදන්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන කතාවක් තමයි මේක…
පැය 1 මිනිත්තු 40 ක වගේ කාලයක් දිවයන මේ කතාව ගැන කිව්වොත්,නිකොලස් කියන සාමාන්‍ය තරුණ පිරිමි ළමයා හිම තියන උතුරට ත්‍රාසජනක ගමනක් ආරම්භ කරන්නේ එල්ව්ස්ගේ ප්‍රබන්ධ ගම්මානය වෙන එල්ෆ්හෙල්ම් හොයා ගන්න ගවේෂණයක යෙදිලා ඉන්න එයාගේ තාත්තව හොයාගන්න. මීකා කියන එයාගේ මි යාළුවත් එක්ක තමයි මේ ගමන නිකොලස් යන්නේ.ඒ යන අතරතුරදී
මෙයාලට තවත් අලුත් යාලුවෙක් එකතු වෙනවා.
ඉතින් නිකොලොස්ටයි එයාගේ යාලුවෝ දෙන්නටයි මේ එල්ෆ්හෙල්ම් කියන අපුරු ගම හොයා ගන්න පුළුවන් වෙයිද?
ඒ වගේම එයාගේ තාත්තවත් හම්බවෙයිද? දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා….. එහෙනම් මේ ලස්සන කතාව බලන්න කියල මම ඔයාලටත් ආරාධනා කරනවා…!
Olympia නැමැති ග්රහලෝකයකින් පැමිණි සුපිරි බල සහිත පිටසක්වල ජීවීන් පිරිසක්… මිනිසාගෙ අනාගතය සහ පෘථිවිය් අනාගතය සුරක්ෂිත කිරීමට පිටසක්වලින් පැමිණ මිනිසා සමඟ පෘථිවියේ වසර දස දහස්ගණනක් ජීවත් වූ අමරණීය සුපිරි වීරවරයින් දසදෙනෙක්….
…… Eternals ……
ඔවුන්ට පෘථිවිය සුරක්ෂිත කරන්නට හැකිවෙයිද? මේ සුපිරි බල සහිත පිටසක්වල ජීවීන් මිනිසුන් සමඟ කොහොම ජීවත් වෙයිද?
මිනිසුන් සමඟ අවුරුදු දහස් ගණනක් ජීවත් වුණු පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන් පෘථිවියට පැමිණි Eternals ලා තෑනෝස්ගෙ Snap එකෙන් පෘථිවිය ආරක්ෂා කිරීමට Avengers ලට උදව් නොකරේ ඇයි?
හැම Marvel fan කෙනෙක්ටම වගේ තිබුන ඒ ප්‍රශ්නෙට ඔයාලා හිතන්නෙ නැති උත්තරයක් Eternals එකෙන් ලැබේවි..
MCU phase 4 වල Turning Point එකක් විදියට Eternals Movie එක හඳුන්වන්න පුලුවන් .. පලවෙනි වතාවට characters විශාල සංඛ්‍යාවකට origin එකක් දෙන marvel movie එක බවට පත්වෙන Eternals movie එකේ Eternals ලව මුලින්ම comic වලින් දැකගන්න ලැබෙන්නෙ 1976 අවුරුද්දෙ ජූලි මාසෙයෙදි නිකුත් නිකුත් වුන The Eternals කියන Comic Series එක හරහා.. ඒ වගේම තමයි Shang Chi movie එකේදි වගේම Comic වලට වඩා තරමක් දුරට වෙනස්කම් රාශියක්ම තියෙන Movie එකක් වගේම Emotional අතිනුත් Shang Chi movie එකට සමාන මට්ටමක් ගෙන තියෙන movie එකක් තමයි Eternals movie එක.
Comic වලට වඩා movie එක හරහා අපිට දකින්න ලැබෙන්න ප්‍රධාන වෙනස්කම් කිහිපයක් තමයි Comic වලදි පිරිමි චරිත වලින් නිරූපණය වුන Ajak සහ Makkari කියන චරිත කාන්තා නිරූපණයන් වීම සහ Comic වලදී Eternals කණ්ඩායමේ නායත්වය දැරූ Ikaris වෙනුවට Movie එකේදි Eternals නායකත්වය Ajak විසින් දැරීම..
2021 අවුරුද්දෙ නොවැම්බර් 05 වෙනිදයින් Theater Release එක ආරම්භ වුන Eternals movie එකට ලැබුන Ratings නම් සතුටුදායක අගයන් වුනේ නෑ.. Rotten Tomatoes හි Tomatoemeter එක 47% වගේ අඩු rating එකක් වගේම IMDb Ratings වලට අනුව 6.8/10 ක අගයක් තමයි මේ Movie එකට හිමි වෙලා තියෙන්නෙ .. Marvel Fans ලා වගේම හැමදෙනෙක්ම ලොකු අවදානෙකින් බලන්හිටපු movie එකක් තමයි මේ Eternals කියන්නෙ.
ඉතින් ඒ බලන් හිටපු ප්‍රශ්න වලට උත්තරයක් Eternals movie එකෙන් ලබා දෙයිද? Eternals අනාගතය කොයි විදියට ඉදිරියට ගලාගෙන යාවිද? Eternals movie එක අසාර්ථකයි ද? මේ හැම ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න Eternals movie movie එක සමත් උනාද කියල ඔයාලම feedback එකක් දෙන්න movie බලලා ඉවර උනාට පස්සෙ ඔයාලට movie එක දැණුන විදියත් එක්ක. ඒ කොහොම උනත් ප්රේක්ෂකයන්ගෙන් නම් ඒ තරම් negative feedback එකක් ආවෙ නෑ Eternals movie එකට. Origin Story එකක් නිසා සමහර අයට මේ movie එක ටිකක් කම්මැලි වෙන්නත් පුලුවන් , හැබැයි MCU හි මීලඟ අනාගතය Eternals මත රැඳේවි කියල ඉඟි පලකරන්න නම් පුලුවන්.
Eternals කියන්නෙ මේ තරම් කාලයකට අපි දැකපු marvel විශ්වය වෙනස් කරන සහ සෑහෙන්න විශාල වෙනස්කම් ගොඩකට මග පාදන movie එකක්, ඒ නිසා Eternals movie එක ගැන ලොකු details කියන්න බෑ මොකද හැම තැනකම ලොකු විස්තර සහ ඉඟි ගොඩක් තියෙන movie එකක් තමයි Eternals කියන්නෙ. Visual Effect ගැන කතා කරොත් ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නෙ හැම අතින්ම සුපිරි combination එකක්. Overall movie එක ගත්තොත් visual effects,music අතින් balanced Movie එකක් කිව්වට වැරැද්දක් නෑ
ඉතින් එහෙනම් movie එක Enjoy කරන්න. මතක තියාගන්න මේ Phase 4 එකේ ආරම්භය විතරයි. මේ Movie එකත් ඔයාලට Surprise ගොඩක් අරන් එයි. මතක තියාගන්න, ඔයාලා trailers ටික බැලුවට පස්සෙ හිතුන දේවල් කිසිම දෙයක් නම් මේ movie එකේදි සිද්ධ වෙන්නෙ නෑ. Eternals කියන්නෙ Marvel Fans ලට අලුත්ම සහ වෙනස්ම අත්දැකීමක්..ඒ අත්දැකීම ඒ විදියටම විඳගන්න. ඔයාලටත් මේ වෙනකන් රසවිඳලු marvel movies වලට වඩා වෙනස්ම ආකාරයේ අත්දැකීමක් Eternals movie එකෙන් ලැබේවි. ආ අමතක කරන්න නම් එපා movie එකේ post credit scene දෙකක් තියෙනවා. ඒ නිසා අන්තිම වෙනකන් movie එක බලන්න. Marvel fans ලට නම් ඒ දේ ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනෙ නෑනෙ නේද..
අනාගතෙදි ඕසෝන් වියන විනාශ වෙලා පෘතිවියේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුම කාලෙක එක වයසක මිනිහෙකුයි බල්ලෙකුයි තමන්ගෙ ජීවිතය ගැටගහගන්න ගහන ගේමක්.
ඉතිං මං චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියන්නම් Harder They Fall කියන්නෙ Western පැත්තෙන් යන චිත්‍රපටයක්. මේක පැය 2යි විනාඩි 19ක් පුරාවට ලොකු කුතුහලයකින් වගේම රසවින්දනයක් ඇතුව බලන්න පුළුවන්.හරිම රසවත් ගීත කීපයකුත් මේකෙ අඩංගුවෙලා තියෙනවා.මේකට රංගනයෙන් Idris Elba,Zazie Beetz,Jonathan Majors,Regina King,යන රංගන ශිල්පීන් ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙනවා.The Bullitts විසින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙනවා වගේම සංගීතය Jeymes Samuel විසින් නිර්මාණය කරලා තියෙනවා. බෙදාහැරීම කරන්නෙ Netflix සමාගම විසින්.
මේකෙ රේටින්ග්ස් ගැන කිව්වොත් 6.2/10 IMDb අගයක්,68% Metacritic අගයක් සහ 87%ක ගූගල් පරිශීලක කැමැත්තත් ලැබිලා තියෙනවා.චිත්‍රපටයේ ඇතුලාන්තය නං සටන් ජවනිකා තනිකර වෙඩි හුවමාරු සිද්දි ටිකක් තියෙන්නෙ. කව්බොයි වගේ බටහරි චිත්‍රපට වලට කැමති කෙනෙක්නම් මගහරින්නෙ නැතුව බලන්න ඕන චිතරපටයක් තමයි මේක.එහෙනං තවත් උපසිරැසියකින් හමුවෙන්නම්.ජයවේවා.!
කේට් කියන්නේ ඝාතකයෙක්, ඉතින් මෙයාගේ භාරකාරයා වැරික් කියන විදිහටයි වැඩ කරන්නෙ කොහොමහරි දවසක් මේ ඝාතන වැඩකට ගිහින් ඒකෙ අය පලිගන්න ඕන නිසා මෙයාගෙන්, මෙයාට දෙයක් විස කරනවා, ඒක අති ප්‍රබල දෙයක්, ඒකෙන් මෙයා දවසක් වගේ කාලයක් තමයි ජීවත් වෙන්න ඉතුරුවෙන්නේ, ඉතින් දැන් මෙයා මේක කරපු හැමෝවම මැරෙන්න කලින් මරන්න අධිෂ්ඨාන කරගන්නවා… ඉතින් බලමු ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා.
තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක Netflix එකෙන් 2021 සැප්තැම්බර් 12 තමයි released වෙලා තියෙන්නේ..මේක අයත් වෙන්නේ Adventure thriller කියන කාණ්ඩෙට..දන්නවනේ ඉතින් Netflix ලගේ ෆිල්ම් කොහොමද කියලා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙන්නම්..
අපි කැළේක ඇවිදින්න ගියොත් තුවක්කුවක් තියෙන කෙනෙක් අපිට වෙඩි තියන්න පස්සෙන් පැන්නුවොත් කොහොම තියෙයිද ? හිතනකොටත් පිස්සු වගේ නේද ? මේකේ තියෙන්නේ යාලුවෝ කට්ටියක් කැළේට ට්‍රිප් එකක් යනවා..එහෙදි තුවක්කුවක් ගත්ත නාදුනන කෙනෙක් මෙයාලා එක එක්කෙනවා දඩයම් කරන්න ගන්නවා..ඉතින් මේ නාදුනන තුවක්කු කරු කව්ද ? ඇයි එයා මෙයාලට වෙඩි තියන්නේ ? මේ නිමක් නෙපෙනෙන කැළෙන් මෙයාලට පණ බේරගෙන එන්න පුලුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න.
Black Widow එහෙමත් නැත්තම් නටාෂා රමනෝෆ් කියන්නේ, Scarlett Johansson විසින් රංගනයෙන් දායක වෙන, MCU Phase 4 එකේ පළමු චිත්‍රපටය. ඔයාලට නටාෂා කියන චරිතය ගැන බලාගන්න පුලුවන් අවසන් චිත්‍රපටය මේක කියල කියන්නත් පුළුවන්. Captain America Civil War (2016) න් පස්සෙ Avengers: Infinity War එකට කලින් කතාවක් ජූලි 9 වෙනිදා මේක ලොව පුරා චිත්‍රපට ශාලාවලට වගේම Disney + streaming service එකට නිකුත් වෙනවා එත් එක්කම මේ වනවිට IMDb හි 7.4 ක අගයක් ගන්න මේක ෆිල්ම් එක සමත්වෙලා තියනවා.
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල
අප්‍රේල් 23 වෙනිදා සිනමා ශාලා වෙත නිකුත් වෙන මේ චිත්‍රපටය ජූනි 18 වෙනිදා තමයි NETFLIX හරහා නිකුත් වෙන්නෙ. IMDb හි 7.8 ක අගයක් ලබාගන්නා මෙහි අධ්‍යක්ෂණයෙන් Keishi Ohtomo දායක වෙනවා. Takeru Satoh (Rurouni Kenshin/ Himura Battosai), Emi Takei (Kaoru), Mackenyu (Enishi) ලෙස ප්‍රධාන චරිතවලින් මෙයට දායක වෙනවා.
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල
රුසියානු කොමික් කතාවක් මූලික කරගනිමින් නිර්මාණය වූ කතාවක් වන අතර IMDB දර්ශකයේ 6.5 අගයක් මෙම නිර්මාණයට ලැබිලා තියෙනවා.
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල / තිසරි සෙව්වන්දි
The Secret Magic Control Agency sends its two best agents, Hansel and Gretel, to fight against the witch of the Gingerbread House.
When SpongeBob SquarePants's pet snail Gary gets kidnapped by Poseidon and taken to the Lost City of Atlantic City, he and his best friend Patrick Star must go on a rescue mission to save him from the dastardly plan of Poseidon before it is too late
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Hansaka Nuwan
When a virus threatens to turn the now earth-dwelling friendly alien hybrids against humans, Captain Rose Corley must lead a team of elite mercenaries on a mission to the alien world in order to save what's left of humanity.
Subtitled by| Ushan Uvinda (LB)