අද මගේ ජිවිතයේ සුවිශේෂී කඩඉමක් සනිටුවහන් වන දවසක්... ගොඩක් කල් මේ අඩවියෙන් සිංහල උපසිරැසි බාගත කරමින් ඉදලා යටිහිතේ තිබුණු ආශාවත් එක්ක උපසිරසියක් කරන්න හිතුනා. ඉතින් මේ "මගේ පළවෙනිම උපසිරැසිය". ගොඩක් අඩුපාඩු ඇති, ඒ ගැන සමාවෙලා අඩුපාඩු පෙන්වලා දෙන්න. ඉතින් මන් මේකට තෝරාගත්තේ ටිකක් අමුතු විදිහේ කතාවක්, William Olsson විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය තිරරචනය Catherine Hanrahan ගෙනි. IMDb දර්ශකයේ 8.4 වැනි ඉහල අගයක් ලබාගෙන ඇති Drama | Thriller ගණයට අයත්වන මෙම චිත්‍රපටය පැය 01 කුත් මිනිත්තු 37 ක් පුරා දිවෙයි. මෙහි 'මාග්‍රට්' ලෙස Alexandra Daddario ත්, 'කසු' ලෙස Takehiro Hira, 'ඉනෙස්' ලෙස Carice Van Houten , 'ලියාම්' ලෙස Andrew Rothney ත් අපූරු රංගනයක යෙදෙති.
කතාව කෙටියෙන්, මාග්‍රට් යනු ජපානයේ ටෝකියෝ නගරයෙහි ජීවත් වන ඇමරිකානු තරුණියකි. දිවා කාලයේ ඇය ජපන් ගුවන් ඇකඩමියක පුහුණුවන ගුවන් සේවිකාවන්ට ඉංග්‍රීසි උච්චාරණය කරන ආකාරය උගන්වයි. ඇය සෙසු විදේශිකයන් වන ඉනෙස් සහ ලියම් සමඟ බීමත්ව රාත්‍රිය ගත කරන අතර නගරයේ බොහෝ ආදර හෝටල්වල අහඹු පිරිමින් සමඟ ගොස් ලිංගික සම්බන්ධකම් පවත්වයි. ඇගේ රාත්‍රී අක්‍රමිකතා නිසා ඇයගේ උපදේශක නකමුරාගේ අවධානය යොමු කරමින් පසුව ඇය වෙහෙස මහන්සි වී වැඩ කිරීමට පෙලැබෙයි.

නිවෙසක් නොමැතිව සහ ජිවිතයේ පතුලේ සිටින මාග්‍රට්ට තම මිතුරු ලියම්ව පිටුවහල් කළ බව හෙළි කරන ලියම්ගේ පෙම්වතිය වන ලුයිස් දන්වා සිටියි. ලුයිස් සමඟ බීමත් වන මාග්‍රට් බීමත් වී රාත්‍රියේ ටෝකියෝව වටා ඇවිදීමට පටන් ගනී. ඇය පසුපස එන අමුතු මිනිසෙකු දැක ඇයව ආදර හෝටලයකට ගෙන යන ලෙස ඉල්ලා සිටියි. මේ අතර ඇයට "කසු" නම් විශේෂිත පුද්ගලකු හමුවේ. ඔහු ඇයව "බුදුන්ගේ ගර්භාශය" නම් අපුරු තැනකට රැගෙන යයි.. කතාව අවසානයේ ඇය "බුදුන්ගේ ගර්භාශය” නම් සංකේතවාදය අවබෝධ කරගනිවිද? අවසානයේ යහපත සඳහා සමුගැනීමට පෙර නැවත ඉපදීමක් දැනේවිද? මෙයින් ඇය හා අප ඉගෙන ගන්නා පාඩම කුමක්ද ??
ඉතින් වැඩිහිටියන්ට පමණක් සීමාවුණු මේ චිත්‍රපටියේ අපට ගතහැකි ආදර්ශ බොහෝයි. සියල්ල අනිත්‍යබව ඔබටත් වැටහේවිද ? ආලයෙන් තොර රාගයක් අපට කියන්නේ කුමක්ද... අඩුපාඩුනම් ගොඩක් ඇති පලවෙනි එක නිසා. ගොඩක්ම අමාරු උනේ මේ ලිපිය සකසා ගන්නයි. ඔන්න අමාරුවෙන් ගලපගත්තා. චිත්‍රපටිය බලලම ගුණදොස් කියන්නකෝ ඔයාලා. මගේ විස්තර මගේ ෆේස්බුක් පිටුවෙන් ලබාගන්නත් පුළුවන්. එහෙනම් හැමෝටම සුභ දවසක්, කොරෝනා වසංගතය නිසා හැමෝම පරිස්සමින් ඉන්න. ජයෙන් ජය !

 

උපසිරැසි ගැන්වීම | සාරංග සිරිවර්ධන

කතා කල නොහැකි බාර් වෙටර්වරයෙකු තම අතුරුදහන් වූ සහකරුට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමේ උත්සාහයක යෙදී තම නගරයේ කොල්ලකරුවන්ට එරෙහිව නැගී සිටියි.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | හංසක නුවන්

සංවෘත අවකාශයක වසර 7 ක් වහල්භාවයේ සිටි කාන්තාවක් සහ ඇගේ කුඩා පුතා අවසානයේ ඔවුන්ගේ නිදහස ලබා ගනිමින් පිරිමි ළමයාට පළමු වරට බාහිර ලෝකය අත්විඳීමට ඉඩ සලසයි.

 

Netflix සදහා සිංහල උපසිරැසි                                                                      Watch Now On Netflix

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | කවිඳු හසිත්

බුද්ධි අංශ තොරතුරු මත ආයුධ සොයා ගැනීමට ඉරාකයට යන හමුදාවට ලැබෙන බුද්ධි තොරතුරු නිවැරදි නොවීම.

 

Netflix සදහා සිංහල උපසිරැසි                                                                                             Watch Now On Netflix

උපසිරැසි ගැන්වීම | GHK සඳරුවන්

 

 

 
 

Showing all 4 results