English
මෙක්සිකෝවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි යාලුවෝ පස් දෙනාට මෝරෙකුගෙන් වෙන අකරතැබ්බයක් තමයි තියෙන්නේ. හොද Thriller movie එකක් හැමෝටම බලන්න ආරාධනා කරනවා.
ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වූ එක්සත් ජනපද මාර්ෂල් මේසන් පොලාර්ඩ් ගැනයි කතාව තියෙන්නේ. මේක ක්‍රියාදාම චිත්‍රපටයක්.
ෆිල්ම් එක කල්තියා නිකුත්වෙන්න තිබුනත් කොරෝනා පෙන්ඩමික් එකත් එක්ක ටික ටික පස්සට ගිහින් අන්තිමට 2022 මාර්තු 4වෙනිදා ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය පටන්ගත්තා. අධ්‍යක්ෂණය කරන්නේ Matt Reeves. Mattට පුලුවන් වෙනවා බැට්මෑන් කියන චරිතය වෙනම ලෙවල් එකකට ගේන්න. ඒකට Cinematography කරපු Greig Fraserගෙන් ලොකු සහයෝගයක් ලැබිලා තියෙනවා කියලා ෆිල්ම් එක බලද්දී තේරෙනවා. මියුසික් ටිකෙත් වෙනම රහක් තියෙනවා, ඒකට ගෞරවය Michael Giacchinoට ලැබෙනවා.ෆිල්ම් එක බෙදහරින්නේ Warner Bros.Pictures හරහා.
ෆිල්ම් එක රිලීස් වෙන්නේ Columbia Pictures සහ Sony Pictures හරහා. පෙබරවාරි 18 වෙනිදා තමයි ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භවුණේ..ප්‍රධාන චරිත වලට පණපොවන්නේ නේතන් ඩ්‍රේක් විදිහට Tom Holland සහ වික්ටර් සුලිවන් විදිහට Mark Wahlberg..
කොහොමද යාලුවනේ..අද අරගෙන එන්නේ මගේ 91 වෙනි සිංහල උපසිරැසිය.. ද අයිස් ඒජ් ඇඩ්වෙන්චර්ස් ඔෆ් බක් වයිල්ඩ් කියන්නේ ජිම් හෙක්ට්, රේ ඩිලෝරෙන්ටිස් සහ විලියම් ෂිෆ්රින් කියන අය තිර රචනය කරපු කින් ජෝන් සී ඩොන්කින් අධ්‍යක්ෂණය කරපු 2022 ඇමරිකානු පරිගණක සජීවිකරණ වික්‍රමාන්විත හාස්‍ය චිත්‍රපටයක්. මේක Ice Age Franchise එකේ හය වෙනි සීසන් එක. Pictures සහ Bardel Entertainment විසින් නිෂ්පාදනය කරපු, Disney+ මුල් චිත්‍රපටයක් විදිහට 2022 ජනවාරි 28 වන නිකුත් කරා.
මේ කතාව ගැන නම් විස්තර මුකුත්ම කියන්න ඕන නෑ. මොකද මේකෙ කලින් සීසන්ස් ටික අපි හැමෝම වගේ බලලා තියෙනවා. මොකද මේක ඒ තරම්ම ජනප්‍රිය චිත්‍රපටයක්. මේ කතාව ගැන පොඩි විස්තරයක් කිව්වොත්, ක්‍රෑෂ් සහ එඩී කරන වැඩ නිසා මැනීට තරහ ගිහින් එයාලට බනිනවා. ඔයාලා දන්නවනේ ඉතින් ඒ දෙන්නගේ වැඩ. ඉතින් මෙදා පාර බැනුම් ඇහුවට පස්සේ එයාලා දෙන්නට පොඩි වරදකාරී හැඟීමක් ඇතිවෙනවා. ඒ නිසා එයාලා දෙන්නා කාටත් කියන්නෙ නැතුව හොරෙන්ම මහ රෑ එයාලගෙ ඉරණම එයාලටම තනියෙම ලියාගන්න ඕන කියලා එයාලා රංචුවෙන් අයින් වෙලා නැති වුණ ලෝකයේ බක්ව හොයාගෙන යනවා.
ඉතින් මේ විස්තරේ හොඳටම ඇති. මෙතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්නකෝ. මේක අනිත් සීසන්ස්ව වගේ නෙවෙයි. ටිකක් විතර වෙනස් විදිහෙ එකක්. මොනා නැතත් ආසාවෙන් හිනා වෙවී බලන්න පුළුවන් ක්රෑෂ්ගෙයි එඩීගෙයි වැඩ නිසා.
පලමු වතාවට Baiscope.lk සමග එකතු වෙන්නේ එහෙනම් බලමු චිත්‍රපටය මොකද කියලා
”මගේ තාත්තා නැති වුණාට පස්සෙ,
මට මගේ අම්මගෙ සතුටට වඩා දෙයක් ඕන කරේ නැහැ.
මං මගේ අම්මට උදව් කරේ නැත්තම් මම මොන වගේ පිරිමියෙක්ද වෙන්නෙ?
මං එයාව බේරගත්තෙ නැත්තම්?”
උඩ කියපු එකට හැමෝම එකඟ ඇති කියලා හිතනවා. මොකද එහෙම නොවෙන්න විදියක් නැහැ. ඒක තමයි අපිට තියෙන ලොකුම වගකීම වෙන්නෙත්. ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ මෙවර ඔස්කාර් සම්මාන උළලේදී ”Best Picture” යන්න ලොකු සම්භාවිතාවක් තියෙන සිනමා සිත්තමක් අරගෙන. ”The Power Of The Dog” නිකුත් වෙන්නෙ ”නෙට්ෆ්ලික්ස්’‘ හරහා. ඒවගේම තමයි මෙයට පාදක කරගන්නෙ 1967 වර්ෂයෙදී ”Thomas Savage” විසින් රචිත ‘‘The Power Of The Dog” යන නව කතාව ඇසුරෙන්. මෙය අධ්‍යක්ෂණය කරන්නෙ නවසීලන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වෙන Jane Campion විසින්. ඇත්තෙන්ම කිව්වොත් ඇයගෙ ඇතැම් නිර්මාණ ඉතාමත් අනර්ඝයි. චිත්‍රපටය හට මේ වෙද්දී IMDb අගය 6.9 ක් සහ කුණු තක්කාලි අගය 94% වැනි ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් Benedict Cumberbatch l Kirsten Dunst l Jesse Plemons l Kodi Smit-McPhee l Thomasin McKenzie l Paul Dano l Keith Carradine l Frances Conroy දායකත්වය ලබාදෙනවා. ඒවගේම කියන්න ඕන මෙවර පවතී ”Golden Globe” සම්මාන උළෙලේදී නිර්දේශ නාම 7 ක් සහ ”Best Supporting Actor” වගේම ”Best Motion Picture” යන සම්මාන දෙකම දිනාගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා.
ඒ විතරක්ද නෙමේ තවත් සම්මාන උළෙලවල් වලදීද පවා සම්මන දිනා ගැනිමකට හැකියාවක් ලැබී තිබෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. ෆිල් කියන්නෙ ගොඩක් දරදඬු කෙනෙක්. තවත් සරලවම කියනවා නම්, “ඌ තරම් මිනිහෙක් නැහැ, හැමෝම මට බයෙ ජීවත් වෙන්න ඕන” වගේ හිතං ඉන්න කෙනෙක්. ඉතිං ඕන මිනිහෙක්ට තමන්ගෙම කියලා රහසක් තියනවා. හැබැයි ඒ දේවල් අපි කවදාවත් හෙළි කරන්නෙ නැහැ. අන්න ඒ වගේ ෆිල්ටත් රහසක් තියෙනවා. මං ඒක කියන්නෙ නැහැ මොකක්ද කියලා. කතාව බලද්දී තේරෙයි. කොහොමහරි ෆිල් ඉන්නෙ තමන්ගෙ මල්ලි එක්ක. මේ දෙන්නා ගොවිපළක් පාලනය කරනවා. ඉතිං දවසක් ජෝජ් ට මුණගැහෙනවා කෙනෙක්. ඇය නමින් රෝස්. රෝස් කියන්නෙ වැන්දඹුවක්. ඇයගෙ සැමියා බීමත්කම නිසා මෙලොව හැර යනවා. බෙල්ලේ වැල දාගෙන. ඒවගේම තමයි රෝස්ට ඉන්නවා පුතෙක්. ඔහු ටිකක් විතර අමුතුයි. හැසිරීමෙන්. අන්න ඒ නිසාමයි ෆිල් ඇතුළු සමහරක් අය ඔහුට විහිලුවකට ගන්නෙ. නමුත් කවදාවත් පෙණුමෙන් කෙනෙක් මනින්න එපා. කොහොමහරි ටිකෙන් ටික ජෝජ් රෝස්ට ලං වෙනවා. නමුත් ෆිල් මේකට කැමති නැහැ. ජෝජ් ඇයව කසාඳ බඳින්න පවා උත්සහ කරනවා. ඉතිං මේ වගේ දෙයකදී ෆිල් මොනා කරයිද? ඔහු මීට පෙර නොකරපු දෙයක් කරයිද මේක නවත්තන්න? නැත්තම් ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් කරයිද? එහෙනම් ඔයාලම බලල දැනගන්නකො. ඒවගේම කියන්න ඕන මං අර උඩම කියපු එක හුඟක් වැදගත් වෙනවා අන්තිමේදී. හොඳ අවධානයකින් බැලුවොත් අන්තිමට සිදු වෙන දේ තේරෙයි. වචනයෙ පරිසමාප්ත අර්ථයෙන් කිව්වොත් මෙය අනර්ඝ චිත්‍රපටයක්. හැම අතින්ම වගේ. අමතක නොවෙන අත්දැකීමක් වෙනවා නිසැකවයි. තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!
Netflix සඳහා සිංහල උපසිරැසි Watch Now On Netflix
සිංහල උපසිරැසි (WEBRip)
Olympia නැමැති ග්රහලෝකයකින් පැමිණි සුපිරි බල සහිත පිටසක්වල ජීවීන් පිරිසක්… මිනිසාගෙ අනාගතය සහ පෘථිවිය් අනාගතය සුරක්ෂිත කිරීමට පිටසක්වලින් පැමිණ මිනිසා සමඟ පෘථිවියේ වසර දස දහස්ගණනක් ජීවත් වූ අමරණීය සුපිරි වීරවරයින් දසදෙනෙක්….
…… Eternals ……
ඔවුන්ට පෘථිවිය සුරක්ෂිත කරන්නට හැකිවෙයිද? මේ සුපිරි බල සහිත පිටසක්වල ජීවීන් මිනිසුන් සමඟ කොහොම ජීවත් වෙයිද?
මිනිසුන් සමඟ අවුරුදු දහස් ගණනක් ජීවත් වුණු පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන් පෘථිවියට පැමිණි Eternals ලා තෑනෝස්ගෙ Snap එකෙන් පෘථිවිය ආරක්ෂා කිරීමට Avengers ලට උදව් නොකරේ ඇයි?
හැම Marvel fan කෙනෙක්ටම වගේ තිබුන ඒ ප්‍රශ්නෙට ඔයාලා හිතන්නෙ නැති උත්තරයක් Eternals එකෙන් ලැබේවි..
MCU phase 4 වල Turning Point එකක් විදියට Eternals Movie එක හඳුන්වන්න පුලුවන් .. පලවෙනි වතාවට characters විශාල සංඛ්‍යාවකට origin එකක් දෙන marvel movie එක බවට පත්වෙන Eternals movie එකේ Eternals ලව මුලින්ම comic වලින් දැකගන්න ලැබෙන්නෙ 1976 අවුරුද්දෙ ජූලි මාසෙයෙදි නිකුත් නිකුත් වුන The Eternals කියන Comic Series එක හරහා.. ඒ වගේම තමයි Shang Chi movie එකේදි වගේම Comic වලට වඩා තරමක් දුරට වෙනස්කම් රාශියක්ම තියෙන Movie එකක් වගේම Emotional අතිනුත් Shang Chi movie එකට සමාන මට්ටමක් ගෙන තියෙන movie එකක් තමයි Eternals movie එක.
Comic වලට වඩා movie එක හරහා අපිට දකින්න ලැබෙන්න ප්‍රධාන වෙනස්කම් කිහිපයක් තමයි Comic වලදි පිරිමි චරිත වලින් නිරූපණය වුන Ajak සහ Makkari කියන චරිත කාන්තා නිරූපණයන් වීම සහ Comic වලදී Eternals කණ්ඩායමේ නායත්වය දැරූ Ikaris වෙනුවට Movie එකේදි Eternals නායකත්වය Ajak විසින් දැරීම..
2021 අවුරුද්දෙ නොවැම්බර් 05 වෙනිදයින් Theater Release එක ආරම්භ වුන Eternals movie එකට ලැබුන Ratings නම් සතුටුදායක අගයන් වුනේ නෑ.. Rotten Tomatoes හි Tomatoemeter එක 47% වගේ අඩු rating එකක් වගේම IMDb Ratings වලට අනුව 6.8/10 ක අගයක් තමයි මේ Movie එකට හිමි වෙලා තියෙන්නෙ .. Marvel Fans ලා වගේම හැමදෙනෙක්ම ලොකු අවදානෙකින් බලන්හිටපු movie එකක් තමයි මේ Eternals කියන්නෙ.
ඉතින් ඒ බලන් හිටපු ප්‍රශ්න වලට උත්තරයක් Eternals movie එකෙන් ලබා දෙයිද? Eternals අනාගතය කොයි විදියට ඉදිරියට ගලාගෙන යාවිද? Eternals movie එක අසාර්ථකයි ද? මේ හැම ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න Eternals movie movie එක සමත් උනාද කියල ඔයාලම feedback එකක් දෙන්න movie බලලා ඉවර උනාට පස්සෙ ඔයාලට movie එක දැණුන විදියත් එක්ක. ඒ කොහොම උනත් ප්රේක්ෂකයන්ගෙන් නම් ඒ තරම් negative feedback එකක් ආවෙ නෑ Eternals movie එකට. Origin Story එකක් නිසා සමහර අයට මේ movie එක ටිකක් කම්මැලි වෙන්නත් පුලුවන් , හැබැයි MCU හි මීලඟ අනාගතය Eternals මත රැඳේවි කියල ඉඟි පලකරන්න නම් පුලුවන්.
Eternals කියන්නෙ මේ තරම් කාලයකට අපි දැකපු marvel විශ්වය වෙනස් කරන සහ සෑහෙන්න විශාල වෙනස්කම් ගොඩකට මග පාදන movie එකක්, ඒ නිසා Eternals movie එක ගැන ලොකු details කියන්න බෑ මොකද හැම තැනකම ලොකු විස්තර සහ ඉඟි ගොඩක් තියෙන movie එකක් තමයි Eternals කියන්නෙ. Visual Effect ගැන කතා කරොත් ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නෙ හැම අතින්ම සුපිරි combination එකක්. Overall movie එක ගත්තොත් visual effects,music අතින් balanced Movie එකක් කිව්වට වැරැද්දක් නෑ
ඉතින් එහෙනම් movie එක Enjoy කරන්න. මතක තියාගන්න මේ Phase 4 එකේ ආරම්භය විතරයි. මේ Movie එකත් ඔයාලට Surprise ගොඩක් අරන් එයි. මතක තියාගන්න, ඔයාලා trailers ටික බැලුවට පස්සෙ හිතුන දේවල් කිසිම දෙයක් නම් මේ movie එකේදි සිද්ධ වෙන්නෙ නෑ. Eternals කියන්නෙ Marvel Fans ලට අලුත්ම සහ වෙනස්ම අත්දැකීමක්..ඒ අත්දැකීම ඒ විදියටම විඳගන්න. ඔයාලටත් මේ වෙනකන් රසවිඳලු marvel movies වලට වඩා වෙනස්ම ආකාරයේ අත්දැකීමක් Eternals movie එකෙන් ලැබේවි. ආ අමතක කරන්න නම් එපා movie එකේ post credit scene දෙකක් තියෙනවා. ඒ නිසා අන්තිම වෙනකන් movie එක බලන්න. Marvel fans ලට නම් ඒ දේ ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනෙ නෑනෙ නේද..
අනාගතෙදි ඕසෝන් වියන විනාශ වෙලා පෘතිවියේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුම කාලෙක එක වයසක මිනිහෙකුයි බල්ලෙකුයි තමන්ගෙ ජීවිතය ගැටගහගන්න ගහන ගේමක්.
මේ වසරේ නිකුත් උන වෙනස්ම ආකාරයේ සුපිරිම ෆිලුමක් වෙන Army of the Dead (2021) බැලුවා නේද ? බලලා නැත්තම් දැන්මම බලන්නකෝ. මේ Army of the Dead චිත්‍රපටයේ ප්‍රීක්වල් සිනමාපටයක් විදියට තමයි මේ Army of Thieves චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. Army of the Dead සිනමාපටයේ සිදුවීමට වසර 6කට පෙර සිදුවීමක් තමයි මේ නිර්මාණට පාදක වෙලා තියෙන්නේ. කලින් ෆිල්ම් එකේ සේප්පුව බිඳින පිස්සු හාදයා “ලුඩ්විග් ඩීටර්” මතකද? මේ චිත්‍රපටයේ තියෙන්නේ මෙන්න මෙයාගේ කතාව. ඩීටර් කොහොමද අතිදක්ෂ සේප්පු බිඳින්නෙක් බවට පත් උනේ, ඊටකලින් එයාගේ රස්සාව මොකක්ද ? ඩීටර්ට සේප්පු එක්ක තියෙන බැඳීම මොකක්ද ? මේ ඔක්කොම ඔයාට දැනගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් ලුඩ්විග් ඩීටර් කියන්නේ මෙයාගේ ඇත්ත නම නෙමෙයි. මෙයාගේ ඇත්ත නම තමයි සෙබස්තියන්. එතකොට මෙයාට ඩීටර් කියන නම ලැබුනේ කොහොමද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේ සොම්බි ව්‍යසනයේ ආරම්භයත්, Army of the Dead චිත්‍රපටයේ දකින්න ලැබෙන විශාල සේප්පුව වෙන “ගොටර්ඩැමරන්ග්” සේප්පුව නිර්මාණය වෙන විදියත් ඒ සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයකුත් බලාගන්නත් පුළුවන්. මේ ෆිලුමේ කතාව ලියන්නෙත් පෙර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Zack Snyder විසින්මයි. මෙය අධ්‍යක්ෂනය කරන්නේ Matthias Schweighöfer විසින්. 2021 ඔක්තෝම්බර් මස 29 දා තිරගත කිරීම අරඹා මේ වන විට 6.4ක IMDb අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය ගූගල් පරිශීලකයන් අතර 93% මනාපයකුත් කුණු තක්කාලි අගය 71%කුත් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන Matthias Schweighöfer විසින්මයි. ඊට අමතරව Game of Thrones, Fast & Furious චිත්‍රපට මාලාවේ රැම්සි ලෙස එක්වූ Nathalie Emmanuel “ග්වෙන්” ලෙසත්. Ruby O. Fee “කොරීනා” ලෙසත් Stuart Martin “බ්‍රැඩ් කේජ්” ලෙසත් Guz Khan “රොල්ප්” ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා
කේට් කියන්නේ ඝාතකයෙක්, ඉතින් මෙයාගේ භාරකාරයා වැරික් කියන විදිහටයි වැඩ කරන්නෙ කොහොමහරි දවසක් මේ ඝාතන වැඩකට ගිහින් ඒකෙ අය පලිගන්න ඕන නිසා මෙයාගෙන්, මෙයාට දෙයක් විස කරනවා, ඒක අති ප්‍රබල දෙයක්, ඒකෙන් මෙයා දවසක් වගේ කාලයක් තමයි ජීවත් වෙන්න ඉතුරුවෙන්නේ, ඉතින් දැන් මෙයා මේක කරපු හැමෝවම මැරෙන්න කලින් මරන්න අධිෂ්ඨාන කරගන්නවා… ඉතින් බලමු ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා.
මේ කතාව නිකුත් වෙන්නෙ 2020 අගෝස්තු මාසයේ 7 වෙනිද Netflix හරහායි. මේක අධ්‍යක්ශනය කරන්නෙ Laura Terruso විසින් සහ මේකට රංඟනයෙන් දායක වෙන්නෙ Sabrina Carpenter, Jordan Fisher,Liza Koshy, Keiynan Lonsdale වැනි අයයි. ඒවගේම මේකට IMDb දර්ශකේ 6.1 වැනි හොඳ අගයකුත් Rotten Tomatoes අගය 85%ක් ද ලැබිල තියෙනව.
අඟහරු ග්‍රහයා වෙත යන තුන් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් අභ්‍යවකාශ ගත වන විට අනපේක්ෂිත පුද්ගලයෙකු මුණගැහෙනවා. මෙතැන් සිට සිදුවෙන දේ බලන්න ඔයාලට බාරයි. මේ චිත්‍රපටය IMDB අගය 5.6 අරගෙන තියෙනවා.
The Secret Magic Control Agency sends its two best agents, Hansel and Gretel, to fight against the witch of the Gingerbread House.
When a virus threatens to turn the now earth-dwelling friendly alien hybrids against humans, Captain Rose Corley must lead a team of elite mercenaries on a mission to the alien world in order to save what's left of humanity.
Subtitled by| Ushan Uvinda (LB)
When a young mother's home birth ends in unfathomable tragedy, she begins a year-long odyssey of mourning that fractures relationships with loved ones in this deeply personal story of a woman learning to live alongside her loss.
When alien invaders capture the Earth's superheroes, their kids must learn to work together to save their parents- and the planet.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by |Hasitha Madusanka
This post-apocalyptic tale follows Augustine, a lonely scientist in the Arctic, as he races to stop Sully and her fellow astronauts from returning home to a mysterious global catastrophe.
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Pavindu Nimesh
A troupe of hilariously self-obsessed theater stars swarm into a small conservative Indiana town in support of a high school girl who wants to take her girlfriend to the prom.
Coming Soon...
කොහොමද කට්ටිය.. අද අරන් ආවෙ කාලෙකට පස්සෙ රිලීස් උන හොඳම War ෆිල්ම් එකක්. මේක ඇමරිකන් ෆිල්ම් එකක්. ඒ වුණාට ෆිල්ම් එක යන්නෙ අරාබි භාෂාවෙන්. IMDB දර්ශකයේ 7.1ක් වගේ ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
මේකෙන් විස්තර වෙන්නෙ ඉරාකයේ මොසුල් කියන ප්‍රදේශය රජ කරගෙන සිටි DAESH කියන සටන්කාමීන්ට විරුද්ධව ඉරාක SWAT කණ්ඩායමක් විසින් සිදුකළ බිහිසුණු මෙහෙයුමක්. ඒ වගේම මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නෙ සත්‍ය කතාවක් ඇසුරෙන්.
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා
Fed up with being single on holidays, two strangers agree to be each other's platonic plus-ones all year long, only to catch real feelings along the way.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by|Charith Priyankara
In this animated musical, a girl builds a rocket ship and blasts off, hoping to meet a mythical moon goddess.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Sanjula Srimal
Ava is a deadly assassin who works for a black ops organization, traveling the globe specializing in high profile hits. When a job goes dangerously wrong she is forced to fight for her own survival.
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Charith Priyankara
Haunted by her past, an English teacher explores love and dust with a dashing yakuza gangster in Tokyo.
Subtitled by | Saranga Siriwardane
A voyeuristic hotel clerk becomes the subject of a murder investigation.
Noah Baumbach's incisive and compassionate look at a marriage breaking up and a family staying together.
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Sandun Darshana
ක්‍රියාදාම, නාට්‍යමය, විද්‍යා-ප්‍රබන්ධ යන ත්‍රිත්ව වර්ගයට අයත් මෙය ලබා ඇති IMDB අගය 5.7ක්. Rotten Tomatoes අගය 26%ක්.
Breaking Bad කියන්නෙ මෑත කාලයෙ ගොඩක් ජනප්‍රිය වුණ ටෙලි කතා මාලාවක්.. ඔන්න ඒක පාදක කරගෙන තමයි මේ EL CAMINO කියන චිත්‍රපටිය නිෂ්පාදනය වෙලා තියෙන්නෙ.. IMDb අගයත් 7.7/10ක් වගේ ගොඩක් ඉහල මට්ටමක තමයි තියෙන්නෙ..
Netflix සදහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරගන්නා ආකාරය
උපසිරැසි ගැන්වීම | අසිත රුක්මාල්