Alex Strangelove
ඇලෙක්ස්, උසස් පාසැල් පංතියේ නායක, නර්ඩ් සෘජු ශිෂ්‍යයෙක්, ක්ලෙයාර් සමඟ බොහෝ කාලයක් තිස්සේ ඇසුරු කර ඇත. ඔවුන් එකට නිදා ගැනීමට තීරණය කළත් පසුව ඔහුට සමලිංගිකයෙකු හමු වන අතර ඔහු ව්‍යාකූල වේ.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : දිලීප මදුෂාන්
We Recommend
නයි මුගටි... ඔන්න මම අරන් ආවා මගේ දෙවනි උපසිරැසිය. මම මේකට නයි මුගටි කියල කිව්වෙ මේ කතාව ගෙතෙන්නෙ පුදුම විදියට එකිනෙකා ගැන තරහක් හිතේ තියන් ඉන්න චරිත දෙකක් වටා නිසා. ඇත්තටම මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ ඉන්දියාවෙ ගොඩක් ප්‍රසිද්ධ වුණ ගුලාබෝ සිතාබෝ කියන රූකඩ චරිත දෙක. මේක නිර්මාණය වෙන්නෙ රාම් නිරන්ජන් අතින්. ගුලාබෝ ගෙ ආදරවන්තයා සිතාබෝ ගෙ ස්වාමිපුරුෂයා වීම නිසා දෙන්න අතර වෙන ආරවුල තමයි මේ රූකඩ කතාවෙන් ඉදිරිපත් වෙන්නෙ.
ඉතින් ඔය කතාවට ආදේශ කරලා චිත්‍රපටයට නිර්මාණය වෙන නිසා තමයි, මේකට Gulabo Sitabo කියන නම වැටෙන්නෙ. සිනමා ශාලා වල තිරගත වීමට පෙර අන්තර්ජාලයට මුදාහැරුණු පළමු හින්දි චිත්‍රපටයට වෙන්නෙත් මේ චිත්‍රපටයට තමයි. අමිතාබ් බච්චන් සහ ආයුෂ්මන් කුරානා කියන අති විශිෂ්ට රංගන ශිල්පීන් දෙන්නගෙ හාස්‍යය පිරුණු රංගනයෙන් හැඩ වෙලා තියෙන මේ චිත්‍රපටයට ගොඩක් බාධක මැද එලියට එන්නෙ ජුනි 12 වෙනිදා. බන්කි කියන කුලීකාරයයි, ගෙදර අයිති කරගන්න හදන මිර්සයි එසේ මෙසේ වලි නෙවෙයි දාගන්නෙ.
සල්ලි කියන්නෙ ජීවිතය නෙවෙයි කියල හරි ලස්සනට මේකෙන් කියල දෙනව. කතාවෙ තියෙන හාස්‍ය රසය සිංහල භාෂාවෙනුත් එකතු කරන්න මම ගත්ත උත්සාහය කොච්චර දුරට සාර්ථකද කියල බලන්න හැමෝටම ආරාධනා කරනවා. ඔයාලගේ අදහස් යෝජනා චෝදනාත් කියන්න. තවත් ලස්සන කතාවකින් හමුවෙන්නම්..
සිංහල උපසිරැසි : රුවිනි තක්ෂිලා
අර්ජුන් සහ රාහුල් සහෝදරයන් සිය අසනීප සීයා බැලීමට ආපසු ගෙදර යති. පවතින පවුල් ගැටලු රාශියක් මධ්‍යයේ, ගැහැනු ළමයෙක් හේතුවෙන් දෙදෙනා අතර ආරවුලක් ඇති වූ විට හැඟීම් උත්සන්න වේ.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : අශාන් අලහකෝන්
2015 වසරේ එළි දැක්වුණු මේ චිත්‍රපටයට අනිල් කපූර්, රන්වීර් සිං, ප්‍රියංකා චොප්රා, ෆරාන් අක්තර් වැනි බොලිවුඩයේ සුපිරි තරු රංගන දායකත්වය ලබා දෙනවා. ප්‍රහසන-නාට්‍යමය චිත්‍රපටයක් වන මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සෝයා අක්තර් විසින්. ඒ වගේම අමීර් ඛාන් විසින් මෙහි කථකයා වන ප්ලූටෝ මෙහෙරා ට හඬ දායකත්වයත් ලබා දෙනවා. සම්මාන උළෙලවල් කිහිපයකදීම සම්මාන දිනා ගන්න මේ චිත්‍රපටයට හැකි වෙනවා.
ආදරය, නිදහස එක්ක බැඳෙන පවුලේ බැඳීම් මොන තරම් සුන්දරද...
ආ... බලන්නකො අමීර් ඛාන් ගෙ කටහඬ ඇත්තටම ප්ලූටෝ මෙහෙරාට ගැළපෙනවද කියලා...
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : රුවිනි තක්ෂිලා බාලසූරිය
There are no reviews yet.