Annaatthe
436 views
+1
ඔන්න ඉතින් අද අරගෙන ආවේ ගොඩක් කට්ටිය බලන්න ආශාවෙන් හිටිය දමිල චිත්‍රපටියක්..නොහිතූ වෙලාවක තමයි ඔන්න මේ චිත්‍රපටියේ පිටපතක් අන්තර්ජාලයට එකතු උනේ…ඉතින් අද අරගෙන එන චිත්‍රපටිය තමයි Annaatthe..මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රථිචාර ලැබුනත්,කම්මැලි කමක් නැතිව බලල ඉවර කරන්න පුලුවන් චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්.මිශ්‍ර ප්‍රථිචාර ලැබෙන්න ගොඩක්ම හේතු උනේ මේ චිත්‍රපටියේ කතා තේමාව ගොඩක් දමිල චිත්‍රපටි වලින් දකින්න පුලුවන් උන නිසා…
ඉතින් දමිල සිනමාවට ආදරේ කරන කවුරුත් නම කිව්ව පමණින් දන්න Rajinikanth ප්‍රධන චරිත නිරූපනය කරන මෙහි Nayanthara ,Keerthy Suresh, Meena, Khushbu,Jagapathi Babu,Soori,Prakash Raj වගේ විශාල නලු නිලි කැලැක්ම අපිට දැකගන්න පුලුවන්…
ඉතින් කතාව ගැන කිව්වොත්…කලෙයියාන් ,මෙයාට ගමේ හැමෝම ආදරේට කියන්නේ අන්නාතේ කියල,ඉතින් මේ කලෙයියාන්ට නංගි කෙනෙක් ඉන්නවා එයා තමයි මීනාක්ෂී..කාලේයියා එයාගේ නංගිට ගොඩක් ආදරෙයි,මෙහෙම කාලේ ගෙවෙද්දී තමයි මෙයාලගේ ජීවිතේට නට්ටදුරෙයි කියල මැරයෙක් එන්නේ..ඒත් ටික දවසකින් මේ නට්ටදොරෙයි කලෙයියාන්ගේ ගතිගුණ දැකල එයාගේ නංගිව තමන්ගේ ගෙදර ලේලී කරගන්න ආශාවෙන් කලෙයියාන් එක්ක කතා කරන්න එනවා..කොහොම හරි මීනාක්ෂීත් මේ කසාදෙට ඉහලින්ම කැමති වෙනව..ඉතින් දෙපාර්ශවයෙම කැමැත්තෙන් ලෑස්ති කරපු මේ කසාදේ ,අන්තිම මොහොතෙදී මීනාක්ෂී අතුරුදහන් වෙනව…කසාදෙට කැමැත්තෙන් හිටපු මීනාක්ෂිට මොකක්ද ඇත්තටම උනේ…ඒක දැනගන්න එහෙනම් අරගෙන බලන්න Annaatthe..
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා
We Recommend
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ කරන්නේ Vijay Sethupathi ඒ වගේම ප්‍රධාන නිළිය කවුරුත් දන්න කියන Shruti Haasan , මුලින්ම කියන්න ඕනේ විශේෂ දෙයක් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වරයා ගැන මම හිතනවා එයාගේ මේ ෆිල්ම් ඔයාලා බලලා ඇති කියලා E (2006 film) ජිවාගේ , Purampokku Engira Podhuvudamai (2015 film) සේතුපති , ආර්යාගේ , එතකොට මේ ෆිල්ම් එක ඒ අධ්‍යක්ෂක වරයාගේ අවසන් චිත්‍රපටය Laabam (2021 film) ඒ වෙන කවුරුත් නෙවෙයි S.P. Jananathan දක්ෂ අධ්‍යක්ෂක කෙනෙක් එයා අවාසනාවට එයාට මේ චිත්‍රපටය චිත්‍රපට ශාලා වලට එනකල් ජිවත් වෙන්න ලැබුනේ නෑ ( 2021 මාර්තු 14 වෙනිදා හදවත් රෝගයකින් ඔහු අප අතරින් නික්ම ගියා )
කතාව ගැන මෙහෙමයි මෙහෙමයි කියලා අද ලොකු විස්තරයක් කරන්නේ නෑ මම කෙටියෙන් අන්තර්ගතය කියන්නම්..මේ ෆිල්ම් එක ඇතුලේ තියෙන්නේ ගොවියෝ විඳින දුක , ඒ වගේම සල්ලි කාරයෝ ගොවියන්ගෙන් ලබන ලාබේ , ඒ වගේම ගොවියන්ව මෝඩයට අන්දගෙන සල්ලිකාරයෝ කරන දේවල් ගැන තමයි මේ ෆිල්ම් එක ඇතුලේ තියෙන්නේ ඇත්තට ඒක ඉන්දියාවේ ලොකුවටම වෙන දෙයක් , අද ඉතින් ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවෙත් එහෙමම තමයි ඉතින් S.P. Jananathan අධ්‍යක්ෂක වරයාගේ අවසන් චිත්‍රපටිය නරඹන්න කියලා ඔයාල හැමෝටම ආරාධනා කරනවා…
ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු යුධමය චිත්‍රපටයක් සමඟයි. මේක නිකුත් වෙන්නෙ Netflix හරහා. ඒවගේම තමයි මේ වෙද්දී IMDb අගය 7.4 ක වැනි ඉහළ අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම මේ කතාව යන්නෙ ඇත්ත කතාවක් ගැන. ඒනම් දෙවැනි ලෝක යුද්ධය කාලේ සිදුවීම් පෙළක් ගැන. රංගනයෙන් Susan Radder l Tom Felton l Gijs Blom l Jamie Flatters l Marthe Schneider l Mark van Eeuwen l Jan Bijvoet l Coen Bril දායක වෙනවා. ඒවගේම තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Matthijs van Heijningen Jr. විසින්. ඔයාලා 2011 වර්ෂයෙ ආපු ”The Thing” නරඹන්න ඇති කියලා හිතනවා. ඒකත් අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ මොහු විසින්. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
ෂෙල්ඩ් සටන කියන්නෙ දෙවැනි ලෝක යුධ සමයෙ පළමු කැනේඩියානු හමුදාව විසින් මෙහෙයවපු හමුදා මෙහෙයුමක්. මෙම සටනට කැනඩා, පෝලන්ත සහ බ්‍රිතාන්‍ය යන හමුදා සමඟ කැටුව කරගෙන ගියපු මෙහෙයුමක්ද වෙනවා. මෙය හුදෙක් සිදු කරන්නෙ ඇන්ට්වර්ප් වලට යන මාර්ගය නැවත විවර කිරීමේ බලපොරොත්තුවක් ඇතිව. මොකද කියනවා වයඹ යුරෝපයෙ සිටින මිත්‍ර පාර්ශව වලට නැවත ආයුධ සපයන්න පුළුවන් වෙන හින්දයි. මෙම සටන මෙහෙයවෙව්වේ කැනේඩියානු ලුතිනන් ජෙනරල් කෙනෙක් වෙච්ච ගයි සිමොන්ස් විසින්ය. ඔහුගෙ ජයාරූපයක් මම පහළින් තියෙනවා. මෙම සටන තිබුණේ උතුරු බෙල්ජියමේ සහ නිරිත නෙදර්ලන්තයෙ 1944 ඔක්තෝබර් මස 2 වෙනිදා සිට නොවැම්බර් මස 8 වෙනිදා දක්වා තිබුණා.
ඉතින් ඔය සටන තමයි කතාවෙදී අපිට දැකගන්න ලැබෙන්නෙ. ඒවගේම කියන්න ඕන මේකේ ඒ සටන වගේම සිදු වුණු කුමන්ත්‍රණ ගැන පවා දකින්න ලැබෙනවා. එහෙනම් ඉතින් ඔයාලම බලල දැනගන්නකො කතාව කොහොමද කියලා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
අද අරගෙන ආවේ තෙලිඟු චිත්‍රපටියක් චිත්‍රපටියේ නම Thimmarusu රංගනයෙන් ඒක වෙන්නෙ satyadev kancharana priynka jawalkar Ajay Ankith koyya Ravi Babu Barhmaji යන අය මෙම චිත්‍රපටය imdb 8.7/10 ලබාගෙන ඇත.
There are no reviews yet.