Chaman Bahaar
බිල්ලුගේ කඩය ඉදිරියේ තිබෙන නිවසට අලුත් පවුලක් පදිංචියට පැමිණෙන අතර එහි ලස්සන තරුණියකට බිල්ලුගේ හිත යනවා ඒ වගේම ගොඩක් අයට මේ තරුණිය ගැන හිත වැටී බිල්ලුගේ කඩේට නිතරම එනවා ඉතින් කඩේ බිස්නස් එහෙමත් වැඩි වෙනවා. බිල්ලුගේ ආදරේට මොනවා වෙයිද බලන්න
Netflix සඳහා සිංහල උපසිරැසි ක්රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : මාධවී සදපාමිණි වෙත්තසිංහ
Users Reviews
We Recommend
ඉස්සර හිටියා රාජ කුමාරයෙකුයි, කුමාරියෙකුයි,
දෙන්නම මැරුණා - කතාව ඉවරයි...”
ජීවිතය ගැන බලාපොරොත්තුවක් නැතිව ජීවත් වෙන Kizie, මැනී නිසා හිනා වෙන්න පටන් ගන්නවා. අන්තිම මොහොතෙදි හරි, ලස්සන, ඇත්ත ආදරයක් විඳින මේ දෙන්නගෙ ආදර කතාව කොච්චර දුරට ගලාගෙන යයි ද..
සුෂාන්ත් සිං රාජ්පුත් කියන්නෙ අදටත් ගොඩක් කතා වෙන චරිතයක්. ඒකට හේතුව ඔහු අභිරහස් විදියට සදහටම යන්න ගියපු නිසා. ඒ උණුහුම යන්නත් කලින් ඔහුගේ අවසාන චිත්රපටය Dil Bechara(අසරණ හදවත) පසුගිය ජූලි 24 වෙනිදා එළි දකිනවා. පැය කීපයක් ඇතුළත වාර්තා පිට වාර්තා තියන මේ චිත්රපටය බලනකොට සමහර තැන් දැනෙන්නෙ සුෂාන්ත් ඇත්තටම එයා ගැන කියනව වගේ. සුෂාන්ත්ගෙ රසිකයින්ට නම් මේක අතිශයින්ම සංවේදී චිත්රපටයක් වෙනවා නොඅනුමානයි.
මුකේෂ් චබ්රා ගෙ කුළුඳුල් අධ්යක්ෂනයෙන්, ඒ.ආර්.රහමාන් ගෙ පරිණත සංගීත අධ්යක්ෂනයෙන් වගේම, සන්ජනා සාන්ගි ගෙ රංගනයෙන් හැඩ වෙන මේ චිත්රපටය ආදරණීය සුෂාන්ත්ගෙ අවසාන චිතත්රපටය වීමත් නිසා තවත් බොහෝ කාලයක් ඉතා සුවිශේෂී චිත්රපටයක් ලෙස මෙය ප්රේක්ෂ්කයන් අතර රැඳේවි...
“සමහර විට, අවාසනාවන්ත දේ සහ ආකර්ශනීය දේ අතර වෙනස පවතින්නේ විශ්වාසයේ පිම්ම තුළ ය.”
-සුෂාන්ත් සිං රාජ්පුත්-
සිංහල උපසිරැසි : රුවිනි තක්ෂිලා
මේ චිත්රපටිය පළවෙනි වතාවට නිකුත් වුනේ 2008 අවුරුද්දේ. ජිනා ප්රින්ස්-බයිට්වුඩ් තමයි මේක අධ්යක්ෂණය කරල තියෙන්නේ.මේ චිත්රපටිය හදන්න පාදක වෙලා තියෙන්නේ sue monk kidd ලේඛිකාවගේ the secret life of bees කියන නවකතාව. කතාවේ ප්රධාන චරිතය රඟ දක්වන්නේ හොලිවුඩ් නිළියක් වන dakota fanning. ඒ වගේම google පරිශීලකයන් 89% ක් මේ චිත්රපටියට කැමති imdb 7.3 ක අගයකුත් මේ චිත්රපටියට ලැබිලා තියනවා.
මම මේවා ලියන්න එච්චර දක්ෂ නෑ. ඒ නිසා කතාව ගැනත් පොඩ්ඩක් කියල ඉවර කරන්නන්
ලිලී ජීවත් වෙන්නේ එයාගේ තාත්තා එක්ක. එත් ලිලීගේ ජීවිතය සුන්දර එකක් වෙන්නේ නම් නෑ . මොකද එයාගේ තාත්තා හරිම නපුරුයි. පුංචි කාලේදිම එයාගේ අම්මා මැරෙනවා. ලිලීගේ ගෙදර වැඩ කරන්න ඉන්නේ කළු කාන්තාවක්(රොසලින්). දවසක් ලිලී ඇයත් එක්ක නඟරයට යනවා. එහෙදි මෙයාලට අකරතැබ්බයක් වෙලා රොසලින්ව රෝහලක හිර කරනවා. කොහොමහරි ලිලී ඇයව එතනින් බේරගෙන ඇයත් සමඟ ගෙදරින් පැනල යනවා. ලිලීට ඕනේ ලිලීගේ අම්මා ගැන දැනගන්නයි. ඉතින් ඇය අම්මා කලින් ජීවත් වුණා කියල හිතන නඟරය හොයාගෙන යනවා. මෙතනින් තමයි කතාව පටන් ගන්නේ මොකද වෙන්නේ කියල දැනගන්න නම් කතාව බලන්නම වෙනවා.
මම නම් බලපු ලස්සනම කතාවක්. ඔයාලත් කැමති වෙයි කියල හිතනවා. සමහරවිට මේ කතාව ගොඩක් අය බලලත් ඇති. ඒත් සිංහල උපසිරැසි තිබුනේ නැති නිසා මම හිතුවා මේකට උපසිරැසියක් හදන්න. මේ තමයි මගේ පළවෙනි උපසිරැසිය . ඉතිං ඒ නිසා අඩුපාඩු ඇති . ඒවට සමාවෙන්න.
සිංහල උපසිරැසි : දිනිති නෙත්මිණි
chamath
ela
ela