For Better Sri Lanka 🇱🇰 #TogetherStronger #SriLanka

230 views
+2

හරි එහෙනම් කතාව වෙන්නෙ මේකයි,කයිලා කියන්නේ තමන්ගේ මල්ලි වතුරේ ගිලිලා මැරුන ඒ නිසා මානසිකව ආබාධ වෙලා ඉන්න අම්මෙක් ඉන්න,එයාලගෙන් ප්‍රයෝජනගන්න අසහනකාරී මිනිහෙක්ට මැදිවෙලා ප්‍රශ්න දාහක පැටලිලා ඉන්න පාසල් යෑමත් අතරමඟ නවත්තලා නිකම් ජොබ් එකක් කරන අහිංසක කෙල්ලෙක්. අයිසැක් කියන්නෙත් පරිගණක වැඩවලට හොඳ දක්ෂතාවක් තියෙන පරණ බඩු එකතු කරන කොල්ලෙක්.දෙන්නා හොඳ යාළුවෝ. දවසක් හදාගන්න පොඩි බඩුවක් අයිසැක් ළඟට අරගෙන යද්දි කයිලා දකිනවා පරණ කාලේ ගේම් එකක බෑග් එකේ පිටකවරේ ගේම් එක දිනුවොත් බර ගානක් හම්බ වෙනව කියලා දලා තියෙනවා.කතාකරන්න නම්බරේකුත් තියෙනවා.
නිකමටකෝල් එකත් අරගෙන බලද්දි නම්බරේත් තාම වැඩ,ගේම් එක තියෙන්නෙ කැසට් පටයක් ඇතුළේ,ඒ සීඩී හොයාගන්න කලින් කාලේ.කොහොමහරි කෙල්ල ඒක අරගෙන ගිහිල්ලා ඒ ගේම් එක සෙල්ලම් කරන්න පටන් ගන්නවා.පළවෙනි ලෙවල් එක ඉවර වෙන්නෙ කෙල්ලටවත් හිතාගන්න බැරි භයානක අත්භූත සිද්ධිදාමකට මූණ දෙන්න වෙලා,ඒකෙන් කයිලා තේරුම් ගන්නවා මේ ගේම් එක නිකන්ම ගේම් එකක් නෙවෙයි තමන්ගේ ජීවිතයත් උගස් තියලා කරන්න ඕන සෙල්ලම් කියලා.ඊට පස්සේ කයිලා මේකට මූණ දෙන්නෙ කොහොමද?,මොකකක්ද ? මේ ගේම් එකේ සැඟවුණ දේ කියලා බලන්න ඔයාල මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා.
 

Be the first to review “Choose or Die”

Your email address will not be published.

There are no reviews yet.