327 views
0

මේක “Psychological thriller”එකක් එහෙමත් නැත්නම්  මනෝවිද්‍යාත්මක පැතිකඩ අලලා නිර්මාණය වුන ත්‍රාසජනක චිත්‍රපටයක්.  කතාව වෙන්නේ මෙහෙමයි, ජැක් හා ඇලිස් කියන්නෙ කැලිෆෝනියාවේ වික්ටර් නම් කම්පැනි ටවුන් එකේ ජීවත් වෙන ජෝඩුවක්. කතාවට අයිති කාල සීමාව ගැන හරියටම සදහන් වෙන්නෙ නැහැ. නමුත් මේක 1950-60 කාලයට සමාන තේමාවක් තමයි අදින පළදින විදිහ, විශේෂයෙන්ම වාහන වලින් දැකගන්න ලැබෙන්නෙ. මේ දෙන්නට අමතරව මේ අසල්වැසි කොටසේ තවත් හුග දෙනෙක් ඉන්නවා. මේ හැමෝම සැමියන් හා බිරින්දෑවරු. පිරිමි අය හැමදේම උදේට වික්ටරි ප්‍රොජෙක්ට් කියන රහසිගත මෙහෙයුමක වැඩ කරන්න යද්දී, ගැහැණු අයට පැවරෙන්නෙ ගෙදර වෙලාවට කෑම බීම හදන්න, ගෙදර පිරිසිදුවට තියාගන්න වගේම තමන්ගෙ සැමියන්ව හොදින් බලාගන්න එක. හැබැයි මේ අයට අඩුම තරමේ තමන්ගෙ සැමියන් කරන රස්සාව මොකක්ද කියලවත් දැනගන්න අවසර නැහැ.
ඉතිං ඔය සීමාව වරක් ‘මාග්‍රට්’ කියලා ගෑණු කෙනෙක් බිදිනවා. නිකන් නෙවෙයි එයාගෙ පුතා එක්ක. මේ නිසාම මාග්‍රට්ගෙ ලමයව අතුරුදහන් කරලා, එයා මේ ජන සමුහයට තර්ජනයක් වේවි කියලා හිතාගෙන එයා ගැන නිතරම විමසිල්ලෙන් ඉන්න පටන් ගන්නවා. මේ සීමා බිදිල්ල එතනින් නවතින්නෙ නැහැ. ඇලිස් කරන්නෙත් ඒ දේමයි. එයාටත් මාග්‍රට්ට වගෙ අමුතු හීන, අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. මේ ජන සමූහයටත් ඉන්නවා දොස්තර කෙනෙක්. එයත් පිරිමි කෙනෙක් නිසා ඇත්තම නොකියා කරන්නෙ බොරු රෝග විනිෂ්‍යයක් කරන එක. ඒත් ටිකෙන් ටික රහස් හෙළි වෙද්දී නිතරම වෙන්නෙ නොවිසඳූනු ප්‍රශ්න තව තවත් එකතු වෙන එක.
 

Be the first to review “Don’t Worry Darling”

Your email address will not be published.

There are no reviews yet.