අද අරගෙන අවේ අලුත්ම ඉංගිසි චිත්‍රපටියක් චිත්‍රපටියේ නම DUNE
රංගනයෙන් දායක වෙන්නෙ ( Timothee chalamet Zendaya Rebecca Ferguson Jason Momoa Oscar lsaac Stellan Skarsgard Dave Bautista ) යන අය රංගනයෙන් දායක වෙන්නෙ 8.3/10අගයක ලබා ගැනීමට හැකි වී ඇත
Dune කියන්නෙ 1965 වසරෙදි Frank Herbert කියන විද්‍යා ප්‍රබන්ධ රචකයා විසින් ලියපු විද්‍යා ප්‍රබන්ධ නවකතාවක්. ඇත්තටම ඒ වගේ කාලෙකදි මෙහෙම ප්‍රබන්ධයක් නිර්මාණය කරන්න තරම් Frank Herbert ගේ පරිකල්පනය මොන තරම් ඉහල මට්ටමක තිබුනද කියන එක හරි පුදුමාකාරයි. මේක ඇත්තටම ඉන්පසු කාලෙදි ජනප්‍රිය උන Star Wars Franchise එක වගේ අභ්‍යවකාශ චාරිකා පාදක කරගත් නිර්මාණ වලට වගේම මෑතකාලෙදි ඉතා සංකීර්ණ දේශපාලනික ගැටුම් සහ බල තුලනයන් පාදක කරගනිපු Game of Thrones වැනි කතා මාලාවන්ට පවා පාදක උන නිර්මාණයක්. ඉතින් හිතාගන්න මේක කවර් කරන පරාසය මොන වගේ එකක්ද කියලා. ඔන්න Star Wars වගේ වීර වික්‍රමාන්විත විදියට අභාවකාශය, විවිධාකාර ග්‍රහලෝක තුල සැරිසරන අතරෙ Game of Thrones වල විදියට එකිනෙකට දේශපාලනිකව බෙදී ගියපු Houses අතරෙ බලය ලබාගැනීම වෙනුවෙන් සිදුකරන කුමන්ත්‍රණ, පාවාදීම්, සටන් ගැන අත්දැකීමක් එකම කතාවක් ඇතුලේ අත්විඳින්න ඔයා ආස නම් ඔයාට තියෙන හොඳම Option එක තමයි මේ Dune කියන්නෙ. ඉතින් 1965 වසරෙදි පලමු පොත රචනා කිරීමෙන් පසුව ඒකට ලැබුන ප්‍රතිචාර එක්ක Frank Herbert විසින් 1969-1985 කාල වකවානුව අතරතුරදි තවත් Dune පොත් පහක් ලියනවා. ඊට අමතරව 1999 වසරෙ ඉදන් Frank ගේ පුතා Brian Herbert විසින් Kevin J. Anderson එක්ක එකතුවෙලා තවත් Prequal සහ Sequel පොත් 14 ක් ලියලා තියෙනවා. මීට අමතරව 1984 වසරෙදි අපි ගොඩ දෙනෙක් දන්න කියන සෑහෙන සංකීර්ණ සිනමාපට නිර්මාණය කරන්නම ප්‍රසිද්ධ අධ්යක්ෂවරයෙක් උන David Lynch විසින් මෙය සිනමාවට නැගුවත් එයනම් එතරම් සාර්ථකත්වයක් ලබාගන්නෙ නැහැ. ඊට අමතරව 2000 වසරෙදි Tv Mini series එකක් විදියට සහ අවස්ථාවන් කිහිපයකදිම පරිගණක ක්‍රීඩාවන් විදියටත් මේ Dune කතාමාලාව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපිට දැන් රසවිඳින්න ලැබෙන්නෙ 1984 වසරෙදි David Lynch කරපු Dune සිනමාපටයෙම ප්‍රතිනිර්මාණයක්. හැබැයි මේකට සම්බන්ධ උන දක්ෂ නලුනිලි පිරිස, අධ්‍යක්ෂකවරයා උන Denis Villeneuve ගේ කලින් සිනමාපට වලින් ඔහු පෙන්නපු හපන්කම් වගේම පහුගිය කාලේ නිකුත් උන Trailers සහ මේ වෙද්දි සිනමාපටය ප්‍රදර්ශනය වෙන රටවල ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ඉතාම සුභවාදී ප්‍රතිචාර එක්ක මේ වෙද්දි Dune කියන්නෙ ලෝකයේම වැඩිම අවධානයක් දිනාගනිපු සිනමා නිර්මාණයක් බවට පත්වෙලා අවසානයි.
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා
Nuwan Asela
Good sub ekata
Good sub ekata
Samod Perera
සබ් එකට ස්තූතියි…
සබ් එකට ස්තූතියි…