109 views
+1

හායි යාලුවනේ, ඉතින් මේක තමා හා පුරා කියල කොරන මගේ ප්‍රථම (බර වැඩිද මන්ද) උපසිරැසි කතන්දරේ... ආයි ඉතින් වැඩි වැල්වටාරං ඕන් නෑ අපි කෙලින්ම බහිමු ෆිල්ම් එක පැත්තට... මේක ඉතින් පොඩ්ඩක් 18+ ගතියකුත් තියෙනව ඒ හින්ද බලන්න කලින් කෝකටත් ආරක්ෂාකාරී පියවර ගන්න එක හොඳයි මං හිතන්නෙ..😂🤗🤗එහෙමටමත් නෑ හැබැයි පොඩි කෑලි බෑලි දෙකතුනක් විතරයි තියෙන්නෙ..☺☺ මේක කොන්ඩම් හොරකමක් වටා ගෙතුනු කතාවක්...(හනේ කාලේ වනේ වාසේ කියල බලහල්ලකො මුං හොරකං කොරන එව්ව.) ලකී කියල කොල්ලෙක් එයාගෙ ආදරේ දිනාගන්න ගිහින් කරන වැඩක් කෙලවෙල මිනිහට ඒකෙන්ම හරියන සීන් එකක් තමයි මේකෙ තියෙන්නෙ... රූපාලිගෙ(කෙල්ලගෙ) තාත්ත ලකීට සල්ලි නැති හින්ද රූපාලිව වෙන සල්ලිකාර කොල්ලෙක්ට කසාදබන්දවන්න හදද්දී ලකී එයාගෙ ආදරේ කොහොමහරි දිනාගන්න සල්ලි හොයාගන්න කියල යාලුවෙක්ගෙ ට්‍රක් එකක් කොල්ලකනව..මොකද යාලුව කියල තියෙන්නෙ ඒකෙ වටින ෆෝන් , ලැප්ටොප් වගේ අයිටම් තියෙනව කියල ... කෝමහරි ලකීයි එයාගෙ යාලුවො දෙන්නෙකුයි(සුල්තාන්,මයිනස්) ට්‍රක් එක කොල්ලකාල ගිහින් උස්සපු පෙට්ටි ටික අරිද්දි ෆෝන් කෙසේවෙතත් මාර භාණ්ඩ වගයක් හම්බෙනව...ආයි වෙන මොනවත් නෙමේ කොන්ඩම්....මේ කොන්ඩම් භාවිතය ඉන්දියානු ජන සමාජයේ ලැජ්ජාවක්, කොන් කිරීමක් විදිහටයි සලකන්නෙ...මොකද ඉන්දියාවෙ ගොඩක් කාන්තාවො මාර සහ ඕනෑවට වඩා සාම්ප්‍රදායිකයිනෙ... ඉතින් ඒ සිද්ධියත් එක්ක ලකී මොලේ කල්පනා කරල ඒ ටික විකුණනව....ඒ විකුණන්නෙ නිකන්ම නෙමේ...රාජ් නගර්(චිත්‍රපටයේ පසුබිම් නගරය) වල අමුතුම ටීම් එකක් හදාගෙන..ෆනී නමකුත් දාගෙන..ඒ තමා "හෙල්මට්". ....................... ඉතින් ඔය ටික ඇති මං හිතන්නෙ..නැත්තන් ෆිල්ම් එකම මේකෙ තියෙයි....කියවල රසවිඳිනවට වඩා බලල ගන්න රසේනෙ ආතල් එක තියෙන්නෙ... ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නැත්තන් ලකී විදිහට අපර්ශක්ති කුරානා , රූපාලි විදිහට ප්‍රනූතන් බාල් , සුල්තාන් විදිහට අභිෂේක් බැනර්ජි , මයිනස් විදිහට ආශිෂ් වර්මා , ජෝගි නැත්තන් රූපාලිගෙ තාත්ත විදිහට ආශිෂ් විද්‍යාරති රංගනයෙන් දායක වෙලා තියෙනව...ඉතින් මේ වන විට IMDb 6.7 ක රේට් එකක් ලබාගත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ස්ට්‍රාම් රමණි විසින්..ඒ වගේම මේ චිත්‍රපටය සෝනි පික්චර්ස් ඉන්දියා සහ දිනෝ මරියාගේ නිෂ්පාදනයක්...
ඒ වගේම මේ චිත්‍රපටයෙ ගායනයෙන් බ්‍රිජේෂ් ෂැන්ඩිල්‍යා,ශිප්‍රා ගෝයල් , සුබ්‍රම් ශිරුල්, ටෝනි කකාර්, විධෝර් ප්‍රශාර් දායක වෙලා තියෙනව..ඉතින් මේ රසවත් චිත්‍රපටය මේ වසරේ සැප්තැම්බර් මාසයේ 3 වෙනිද ZEE5 නාලිකාවෙන් තමයි රිලීස් කරල තියෙන්නෙ.. ඉතින් මට ඔන්න මේ ෆිලම් එක උණු උණු පිටම දෙන්න පුලුවන් උනා...ඉතින් කස්ටිය ෆිල්ම් එක බලල හොද නරක ටික පහලින් කොටාගෙනම යමු....පුලුවන් වෙච්ච ගමන් තව ෆිල්ම් එකක් සබ් කරල ඔයාලට දෙන්නම්.....එහෙනම් දැනට කැපුණ ඕං!!!!!
 
උපසිරැසි ගැන්වීම | දිනිත් සසිඳු
                                                     
 

Be the first to review “Helmet”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.