His House
130 views
0
කතාව ගෙතෙන්නේ කළු ජාතික පවුලක් වටේ. දකුණු සුඩානයේ ආතතිය හා යුද්ධය හේතුවෙන් බොහෝ දෙනෙක් නගරයෙන් පැන යාමට උත්සාහ කරනව. අවාසනාවකට මෙන්, අයහපත් කාලගුණය සහ මුහුදු කුණාටුව හේතුවෙන් බොහෝ දෙනෙකුට ජීවිත පවා අහිමි වෙනවා. ඔවුන් දිවි ගලවාගෙන, සරණාගත කඳවුරක රැඳී සිටින අතර, ඔවුන් බොල් (සොප් ඩිරිසු) සහ රියාල් (වුන්මි මොසකු) කියන අපේ කතා නායකයො දෙන්නත් ඉන්නවා. සරණාගතයින්ගෙන් යුවළ එංගලන්තයට යවනු ලබන්නේ නැවුම් ආරම්භයක් ලබා ගැනීම සඳහා ය. මාර්ක් (මැට් ස්මිත්) ඔවුන් දෙදෙනා පදිංචි කරවීමට නව විශාල නිවස පෙන්වීමට කටයුතු කරනවා.
බොල් සහ රියාල් යන දෙදෙනාම විශ්වාස කරන්නෙත් නැහැ මෙතරම් විශාල නිවසක් ලැබෙයි කියලා. කෙසේ වෙතත්, පළමු රාත්‍රියේ සිටම එය බොල්ට වධ දීමට පටන් ගනී. නිවසේ බිත්තියට යටින් අවතාර ජීවීන් සිටින අතර එමගින් යුවළට ජීවත් වීමට අපහසු වේ. නමුත් එහි සිටින අවතාරවලට ඔවුන්ගෙන් යමක් අවශ්‍යයි. එය කුමක් ද? නිවසේ සැඟවී සිටින්නේ කාගේ නපුරු ආත්මයන්ද? මොකක්ද වෙන්නෙ කියලා දැන ගන්න නම්, චිත්‍රපටය බලන්නම වෙනවා..
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | නුවන් අසේල
We Recommend
රංගනයෙන් දායකත්වය දෙන්නේ Teen Wolf කතාමාලවේ “ස්කොට් මැකෝල්” ලෙස ප්‍රධාන චරිතය නිරූපනය කරන Tyler Posey විසිනුයි. ඊට අමතරව Donald Sutherland, Summer Spiro, Robert Richard යන රංගන ශිල්පීන් රංගන දායකත්වය ලබාදෙනවා. 4.7 ක ඉතාමත් හොඳ IMDb අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. Horror\Thriller යන කාණ්ඩ වලට තමයි මේ ෆිලුම වර්ගකරණයට ලක්වෙලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Johnny Martin විසින්.
එහෙනම් කතාවේ විස්තර නොකිය ඔයාලට රස විදින්න භාර දෙන්නම්.
උපසිරැසි ගැන්වීම | නුවන්
නව හෙදිය ඇය සිය රැකියාව කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට තිබුණද, විවාහක පිරිමියෙකු සමඟ ඇති සම්බන්ධය පිළිබඳව ඇය දැක්වූ සැලකිල්ල නිසා ඇයගේ අවධානය ඉබාගාතේ යයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | කසුන් සම්පත්
There are no reviews yet.