For Better Sri Lanka 🇱🇰 #TogetherStronger #SriLanka

119 views
+1

මැජික් වලින් මිනිස්සු වශී කරන්න යන මීනු එක පාරටම දිශාට වශී වෙනවා. එදා ඉඳන් මීනුගෙ ජීවිතේ අරමුණ වෙන්නෙ දිශා. දිශාව ලබාගන්න එක නම් ලේසි වෙන්නෙ නෑ. දිශා මීනුට දෙන්නෙත් සුළු පටු දඬුවමක් නෙවෙයි. දිශාගෙ ඇස් දෙක දකින්න යන මීනුට තව පොඩ්ඩෙන් ඇහැක් නැතුව තමයි දිශාගෙ ක්ලිනික් එකෙන් එළියට එන්න වෙන්නේ...!! මැජික් සහ ෆුට්බෝල් අතරට මැදි වෙන මේ ආදර කතාවත් හරිම රසවත්. මැජික් තමන්ගෙ ජීවිතේ කරගත්තු මැජික් මීනු, එයාගෙ ආදරේ ලබාගන්න යන ගමනෙදි ෆුට්බෝල් ඒකට හරස් වෙනවා. ඉතින් මැජික් මීනුට ‍ෆුට්බෝල් තමන්ගෙ ජීවිතේ කර ගන්න වෙනවා.
මැජික් සහ ෆුට්බෝල් අතර දෝලනය වෙන මීනුගෙ ජීවිතේ සාර්ථක වෙන්නෙ මැජික් මීනු ද ෆුට්බෝල් මීනු ද කියල තීරණය කරන එක ටිකක් අමාරු වැඩක්. නැගී එන දක්ෂ නළු ජිතේන්ද්‍ර කුමාර්, ප්‍රවීණ නළු ජාවේද් ජාෆ්රි සහ ආරුෂී ෂර්මා මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් එක් වෙනවා. ඒ ‍ව‍ගේම නවක නළු රාජ් කුෂාල් "ලල්ලී" ලෙස විශිෂ්ට හාස්‍ය උත්පාදක චරිත නිරූපණයකින් දකින්න පුළුවන්. සමීර් සක්සේනාගේ අධ්‍යක්ෂණයෙන් සහ නීලෝත්පල් බෝරාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වන මෙය පවුලේ සැමට නැරඹිය හැකි ඉතාමත් ලස්සන නිර්මාණයක්.
 
සිංහල උපසිරැසි ගැන්වීම | රුවිනි තක්ෂිලා
 

Be the first to review “Jaadugar”

Your email address will not be published.

There are no reviews yet.