Drama, Horror, Mystery කාණ්ඩයන් යටතේ 2020 ඔක්තෝම්බර් 30 වන දින Netflix ඩිජිටල් මාධ්‍යය ඔස්සේ නිකුත් උන Kaali Khuhi (2020) හින්දි සිනමා පටය
Netflix වෙතින් Halloween වෙනුවෙන් නිකුත් කරපු මේ සිනමා නිර්මාණය Terrie Samundra නම් සිනමා අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයක්. Shabana Azmi, Sanjeeda Sheikh, Riva Arora ඇතුළුව තවත් නළු නිළියන් කිහිප දෙනෙක් මේ වෙනුවෙන් රංගන දායකත්වය දීලා තියෙනවා.
මෙහි කතාව ගැන යමක්වු කිවහොත් අවුරුදු 10 ක් වයසැති ශිවන්ගි තමන්ගේ අම්මයි තාත්තයි එක්ක තමන්ගේ ආච්චිව බැලීමට පන්ජාබයේ දුර ගමකට යනවා. නපුරු ආත්මයකින් ශාපයකට ලක්වුණ ගමක ජිවත් වුණ ශිවන්ගි ගේ ආච්චි ජිවත් උනෙත් ඒ වගේම අද්භූත ගෙදරක. අමුතු අමුතු දේවල් සිද්ධ වෙන තැනක. මෙහෙදී ශිවන්ගි ට චාන්දනි කියල යාලුවෙකුත් හම්බ වෙනවා. චාන්ද්නි ගාව හොල්මන් කතාවක් තියෙන පොතක් තියෙනවා. ඒ පොත රහස් ගොඩක් හංග ගත්තු පොතක් බව ශිවන්ගි දැන ගන්නවා. මේ අමුතු ගෙදර තියෙන අමුතු ගමට ශාපයක් වදිනවා. මිනිස්සු මැරෙන්න පටන් ගන්නවා. මේ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්, මේකට පිළියම් යොදන්න කවුද ඉදිරිපත් වෙන්නේ. මේ සේරටම උත්තර කතාව බලලම දැන ගන්න.
තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු. සුභ දවසක් වේවා.!
There are no reviews yet.