Now You See Me
216 views
0
මැජික් ශිල්පීන් හතරදෙනෙකුට නිර්නාමිකව කැදවීමක් ලැබෙනවා.ඒ කැදවීමෙන් පස්සේ මේ කට්ටිය අවුරුද්දකට පස්සේ 'අශ්වාරෝහකයන් සිව්දෙනා' නමින් ප්‍රසිද්ද මැජික් කණ්ඩායමක් වෙනවා.ඒත් මෙයලගෙ මජික් සාමන්‍ය මැජික් වලට වඩා ගොඩක් වෙනස්,මන් එහෙම කිව්වේ ඇයි කියලා මේක බලපුවාම ඔයාලටම තේරෙයි..
We Recommend
අභියෝග මතින් වෙනස්වූ දෛවය!
සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාටම. මේ දවස්වල ලෝකය පුරාම ව්‍යාප්ත වී පවතින Covid 19 වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවටත් තරමක් විශාල බලපෑමක් තිබෙන නමුත් සිනමාවත් එක්ක සම්බන්ධ ප්‍රේක්ෂකයන්ට නම් ඔළුව උස්සන්නවත් වෙලාවක් නැතුව ඇති. මොකද මුළු රටටම ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙන නිසා සිනෙමා ප්‍රේක්ෂකයන් හොදට අත පය දිගඇරලා සිනෙමාවත් එක්ක රැදී ඉන්න පුලුවන් .
ඉතින් මම උපසිරැසි හදලා තියෙන මේ ෆිල්ම් එක ගැන කතාකළොත් මේ ෆිල්ම් එකේ සම්පූර්ණ නම The Dare (2019). මේ ෆිල්ම් එක Giles Alderson ගේ අධ්‍යක්ෂණයෙන් හා Julian Kostav නිෂ්පාදනයෙන් 2019 දෙසැම්බර් 19 වෙනිදා තමයි රිලීස් කරලා තියෙන්නෙ. Horror, Thriller හා Mystery Genres යටතේ ෆිල්ම් බලන අයට මේ ෆිල්ම් එක ගොඩාක් ගැළපෙයි. මේ ෆිල්ම් එකේ Main Characters ලා විදියට Bart Edwerds(Jay) / Richard Brake(Creadence) / Richard Short(Adam) / Alexandra Evans(Kat) / Robert Master(Dominic) රංගනයෙන් දායක වෙනවා.
ෆිල්ම් එකේ සාරාංශය විදියට ගත්තොත් කොල්ලෙක් තමන්ව අතරමං කරපු යාලුවන්ගෙන් පලි ගන්න විදිය ගැන තමයි කියවෙන්නෙ. කුඩා ළමයෙකුට තමන්ට ම කියලා යාලුවෝ ඉන්න එක ඔහුට හෝ ඇයට විශාල පිටුවහලක් . මොකද ඒවගේ ළමයි ගොඩක් දුරට සමාජය පිළිබද අත්දැකීම් ලබාගන්නෙ තමන්ගෙ යාලුවන්ගෙන්. නමුත් මේ කතාවේ එන Dominic ට ඒක වැරදෙනවා. තමන්ගෙ යාලුවගේ වියෝවෙන් පස්සෙ අලුත් යාලුවෝ හොයන Dominic ට Summer Camp එකකදි තමන්ගෙ සම වයස් මට්ටමේ පමණ සිටින පිරිසක් හමුවෙනවා. ඔවුන්ව දැන හදුනගෙන මිතුරු වීමට Dominic ට අවශ්‍ය වුවත් ඔහුට ඒ දෙය කිරීමට නං ඔවුන්ගෙ අභියෝගවලට මුහුණ දීමට සිදුවන බව ඔවුන් පවසයි. කෙසේනමුත් ඔවුන්ගෙ අභියෝග සියල්ලට ම මුහුණ දුන් Dominic අවසන් අභියෝගයේදී පරාජය වෙනවා. එමෙන්ම Dominic ට ඔහුගේ මිතුරු වීමට සිටි පිරිසද අහිමිවී යනවා .
අවුරුදු 20 ක් ම Dominic වැරදි මාර්ගයක ගමන් කරමින් තමන්ට වරද්දවූ ඒ මිතුරු නොවන මිතුරු පිරිස දඩයම් කරමින් ඔවුන්ගෙන් පළිගනියි. කෙසේනමුත් අවසානයේ එක් අයෙකු බෙරීමට සමත් වෙයි.
ඉතින් මෙතනින් එහාට කතාව ගැන කියන්න අවශ්‍ය නෑ. ඒක ඔයාලට බලලම රසවිදින්න පුලුවන් . Dominic කොහොමද ඔවුන්ව අල්ලා ගන්නේ, ඔවුන්ට ලබාදෙන ඒ කෲර වධ හිංසා , බේරී පලායන්නේ කවුරුන්ද යන සියල්ල ෆිල්ම් එක නැරඹීමෙන් දැන ගන්න පුලුවන්.
ඉතින් තවත් එක් විශේෂ කරුණක් කියන්න තියෙනවා. මොකද ඒක තමයි විශේෂ ම එක. මේක තමා මගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම . ඉතින් වැරදි තියෙන්නට පුලුවන්. නමුත් බුද්ධිමත් සිනෙමා විචාරකයන් විදියට ඔයාලට ඒ වැරදි අඩුපාඩු මගහරවාගෙන උපසිරැසි එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් කියලා හිතෙනවා. ඉතින් මේ ෆිල්ම් එකේම උපසිරැසි නිර්මාණය කරන්න තීරණය කරේ ලංකාවේ කිසිම සිංහල උපසිරැසි පිටුවක මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි තිබ්බෙ නැති නිසා. එහෙනම් උපසිරැසි Download කර ෆිල්ම් එක නරඹලා රසවිදින්න. බුදු සරණයි.
මැරෙනවා කියන්නෙ මොකක්ද?එක විදිහකට කිව්වොත් නිදහස් වීමක්.අපේ ලෝකයේ සැගවිලා තියන් නපුරට එරෙහිව සටන් කිරීමේ නිදහස කියල්ත් මේ චිත්‍රපටයේ විදිහට කියන්නත් පුලුවන්.මේ චිත්‍රපටයේ වෙන්නේ '6 underground' කියලා හදුන්වන කන්ඩායමක් මේ ලෝකෙ තියන නරක දේ ට එරෙහිව සටන් කරන එක.මේකෙ ප්‍රදාන චරිතේ 'one' කියලා හදුන්වන කෙනෙක්.මෙයා තමයි මේ කන්ඩායමේ නායකයා. ඔහුගේ එකම උත්සහය තමන්ගේ කන්ඩායමත් එක්ක නපුර නැතිකරලා දාන එක....
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම: Pramod Ravishanka
There are no reviews yet.