4K views
+2

Red Notice බලන්න ගොඩක් දෙනා ආසාවෙන් බලා හිටියනේ.මොකද මේකෙ ඉන්නෙ ලෝකෙ ජනප්‍රියම නලු , නිලි තිදෙනෙක්.ඒ තමයි Dwayne Johnson , Ryan Reynolds , Gal Gadot තුන් දෙනා.ඉතින් මේ තුන් දෙනා ඉන්න Action Comedy කාණ්ඩයේ චිත්‍රපටයක් තමයි මේක.
ඒ වගේම මේක අද Netflix රිලීස් වෙන්න කලින් මෙ මාසෙ 5 වෙනිදා ඉතාම සීමිත සිනමාශාල නිකුත් කිරීමක් කරල තියෙනවා.ඒවගේම මේක ඇමරිකන් ඩොලර් මිලියන 200 ක වියදමක් දරල තමයි හදල තියෙන්නෙ.Netflix ල වැඩිම වියදමක් දරල හදපු ෆිල්ම් එක විදියට තමයි වාර්තා වෙන්නේ.
තව මේක Dwayne Johnson ගෙ 2018 ආව Central Intelligent , 2019 ආව Skyscraper කියන ෆිල්ම් දෙකට පස්සෙ අධ්‍යක්ෂක Rawson Marshall Thurber එක්ක දෙන්න එකට වැඩ කරන්න සෙට් වුනු තුන්වෙනි අවස්තාව.
IMDB දර්ශකය තුල 7 ක අගයක් වගේම ගූගල් පරිශීලකයන්ගෙ ප්‍රතිචාර 92%ක් මේකට හිමි වෙලා තියෙනවා.හොද Entertaining ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්.
ඉතින් ඔන්න මේකෙ වෙන්නේ ලොකු හොරකමක් තමයි, ඒ තමයි ක්ලියෝපැට්‍රාගේ බිත්තර තුන, ඒ මොනාද කියලා ඔයාලට කතාව බලද්දි දැනගන්න පුළුවන්, ඉතින් දැන් මේ බිත්තර තුන හොරකම් කරන එක නෝලන් බූත් අරමුණක් කරගෙන තියෙන්නේ, ඉතින් එයාට ඒ තුන හොරකම් කරන්න පුළුවන් වෙයිද ජෝන් හාර්ට්ලි කියන පොලිස්කාරයා ඉද්දි? මට බෑ මේක ගැන වැඩිය කියන්න, මොකද අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු.
 
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල අරියරත්න, සදුනි අමා
                                                     
 

Add a review

Your email address will not be published. Required fields are marked *

Users Reviews

  1. Achintha

    Good

    6.0 rating

    Good