215 views
0

චිත්‍ර‍පටිය ගැන පොඩ්ඩක් කිව්වොත් Nishikant Kamat විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටිය John Abraham,Diya Chalwad,Shruti Haasan,Nishikant Kamat, Sharad Kelkar රංඟනයෙන් දායක වෙනවා.
මේ චිත්‍ර‍පටියThe Man from Nowhere කියන කොරියානු චිත්‍ර‍පටියේ ප්‍ර‍ති නිර්මාණයක්. මෙය ඉන්දියාවට ගැලපෙන සේ නිර්මාණය කරන තියනවා මනාවටම. කබීර් කියන්නේ උගස් බඩු සාප්පුවක් කරන කෙනෙක්.මෙතැනට හැමදාම පොඩි ගැණු ළමයෙක් එනවා බඩු උගස් තියන්න.
ඇත්තටම මේ ළමයා හොරකම් කරපු බඩු තමයි ගෙනත් දෙන්නේ. කොහොම හරි කබීර් වගේම මේ ළමයා අතර බැදිමක් ඇති වෙනවා. මේ පොඩි ළමයා තනියම ඉන්නේ අම්මා එක්ක. අම්මාවත් මේ ළමයා ගැන බලන්නේ නැහැ. මේ ළමයාගේ අම්මා ඩ්‍ර‍ග්ස් වලට පුරුදු වෙලා ඉන්න කෙනෙක්. කොහොම හරි පොඩි සිදුවිමක් වෙලා මේ පොඩි ළමයාව පැහැරගන්නවා. කබීර් කියන්නේ කරදර වල පැටලෙන්නේ නැති කෙනෙක්. ඒකට හේතුවක් තියනවා. නමුත් මේ ළමයාව බේරගන්න කබීර් තීරණය කරනවා. ඒ එක්කම මේ කබීර් කියන්නේ කවුද කියලාත් ඇත්තටම චිත්‍ර‍පටිය මැදින් වගේ දැනගන්න පුලුවන් වේවි.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | නුවන් අසේල ආරියරත්න

Be the first to review “Rocky Handsome”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.