For Better Sri Lanka 🇱🇰 #TogetherStronger #SriLanka

849 views
+4

ආයුබෝවන් යාලුවො හැමෝටම !තවත් නොඉවසිල්ලෙන් බලා හිටිය අපූරු තෙලිඟු සිනමා සලරුවකට උපසිරැසි අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ උනේ.අද උදෑසන Netflix හරහා තමයි Shyam Singha Roy චිත්‍රපටයේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරුනේ.එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරන්න යමු කියන්න ගොඩක් දේවල් තියෙයි මොකද මේක මමත් එනකම් මග බලා උන්නු එකක්.
හොඳයි..කොරෝනා වසංගතය නිසා එල්ල වූ බලපෑමෙන් හරියටම වසරක් පස්සට ගිය ෆිල්ම් එක පසුගිය වසරේ දෙසැම්බර් 24 තමයි නිකුත් කෙරුනේ.චිත්‍රපටිය Drama | Historical | Romance | Thriller මේ කාණ්ඩවලට බෙදන්න පුලුවන් වගේම මේක Supernatural ෆිල්ම් එකක් කියන්නත් පුලුවන්.හොඳ ඇක්ෂන් සීන් කිහිපයකුත් දැකගන්න පුලුවන්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Rahul Snakrityan විසින්.ඉතින් මතකනේ තවත් Supernatural ෆිල්ම් එකක් වුනු Taxiwala ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලෙත් මෙයාම තමා.කතාව Rahul එක්ක Janga Satyadev එක්වෙලා තමයි ලියල තියෙන්නෙ.ඒ වගේම Mickey J. Meyer ගේ සංගීතයෙන් හැඩවුනු මෙය Venkat Boyanapalli නිෂ්පාදනය කල අතර Niharika Entertainment බැනරය හරහා තමයි ඉදිරිපත් කලේ.
තෙලිඟු සිනමා රසික බහුතරයක හද දිනූ ” තෙලිඟු සිනමාවේ නැචුරල් ස්ටාර් “ ලෙස නම් දරා සිටින Nani ප්‍රධාන නලුවා ලෙස මෙහි ද්විත්ව රංගනයක යෙදෙනවා.ඒ වාසු සහ ෂ්‍යාම් ලෙස.ප්‍රධාන නිලියන් ගත්තම තුන් දෙනෙක් රංගනයෙන් එක් වෙනවා.ඒ Sai Pallavi , Kriti Shetty සහ Madonna Sebasthiyan යන තිදෙනා.ඉතින් වඩාත්ම පරිණත නිලිය වෙන සායි පල්ලවී මේ තුන් දෙනාගෙනුත් ප්‍රධානතම තැන ලබා ගන්නකොට නැගී එන නිලි ක්‍රීති සහ මැඩෝනාත් අපූරු රංගනයක නියැලෙනවා.
 
 
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල අරියරත්න
                                               

Be the first to review “Shyam Singha Roy”

Your email address will not be published.

There are no reviews yet.