289 views
0

ඩොන්ග්-චුල්(Yoo-Gong) කියන්නෙ උතුරු කොරියාවේ හිටපු හොඳම ඔත්තු බැලීමේ නියෝජිතය. ඔහුගේ මෙහෙයුමක් අතර තුරදි, ඔහුගේ බිරිඳ සහ දුවව ඝාතනය කරනව.
එම ඝාතකයන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඔවුන්ව සොයා ඩොන්ග්-චුල් දකුණු කොරියාවට සංක්‍රමණය වෙනව.. ඝාතකයන් සොයා යන ඩොන්ග්-චුල් දකුණු කොරියාවේ සමාගමක සේවය කරනවා.. එම සමාගමේ සභාපතිව හඳුනා නොගත් ඝාතකයන් පිරිසක් විසින් මරා දමනු ලබනවා. එහිදී සභාපති මිය යාමට පෙර ඩොන්ග්-චුල්ට කණ්ණාඩියක් ලබා දෙනව. සභාපතිගේ ඝාතනයත් සමග වියරු වැටෙන ඩොන්ග්-චුල් සභාපතිගේ ඝාතකයන් පසු පස හබා යනවා.. එහිදී ඔහුට ඝාතකයන් සොයා ගැනීමට හැකිවේවිද. තම පවුලේ විනාශයට හේතු වූ පුද්ගලයන්ට ඔහු කුමක් කරයිද.. කණ්ණාඩියේ අභිරහස කුමක්ද? මේ සියල්ලටම පිළිතුරු ඔබට මේ දකුණු කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයෙන් සොයාගත හැකි වේවි.

 

උපසිරැසි ගැන්වීම | නුවන් අසේල ආරියරත්න

 

 

Add a review

Your email address will not be published. Required fields are marked *

Users Reviews

  1. darshana

    thanks bro for sub… and nice job

    9.0 rating

    thanks bro for sub… and nice job