Unbroken
117 views
0
දෙවන ලෝක යුද්ධයේදී සිදුවූ මාරාන්තික ගුවන් අනතුරකින් පසු, ඔලිම්පික් ලුවී සැම්පෙරිනි ජපන් නාවික හමුදාවට හසු වී යුද සිර කඳවුරකට යැවීමට පෙර සෙසු කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සමඟ දින 47 ක වේදනාකාරී කාලයක් ගත කරයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | වජිර මාරමගේ
We Recommend
ඉන්දීය දේශපාලනයේ නොමැකෙන සලකුණක් වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේශපාලන ජීවිතය අළලා නිමැවුණු කලා කෘතියක් වන මෙය පාදක වන්නේ Sanjaya Baru ලේඛකයාගේ The Accidental Prime Minister: The Making and Unmaking of Manmohan Singh කියන කෘතිය ඇසුරෙන්.
90 දශකයේ අග භාගයේදී ආචාර්ය මන්මෝහන් සිං ව හඳුනා ගන්නා ඔහු එතුමාගේ දේශපාලන ගමනේ තීරණාත්මකම අවධියේදී ආචාර්ය සිං ව ඉතාමත් ළඟින් ඇසුරු කරනවා. එතුමාගේ නිල මාධ්‍ය උපදේශක ලෙසින් සේවය කරන ඔහු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ගේ ප්‍රතිරූපය කෙරෙහි කෙතරම් බලපානවාද යන්න මෙම චිත්‍රපටයේ අන්තර්ගතය තුළින් මනාව පැහැදිලි වෙනවා.
ලොව දෙවෙනි විශාලතම ජනගහණයක් ඉන්න විශාල රාජ්‍යයක අහම්බෙන් වගේ අගමැති තනතුරට පත් වෙන්න ලැබෙන එක ඇත්තටම වාසනාවන්ත දෙයක්. ඒත් ඒ වාසනාව තුළ ආචාර්ය සිං ට මුහුණ පාන්න වෙන අභියෝග නම් සුළුපටු නෑ. ලෝක දේශපාලනය ගැන උනන්දු අයට නම් මේක හොඳ අත්දැකීමක් වේවි.
මෙය ගිය වසරේ ජනවාරි 11 වන දින තිරගත වූ අතර පළමු දිනම බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඉන්දීය රුපියල් මිලියන 45 ක ආදායමක් වාර්තා කළා. සති දෙකක් තුල එය රුපියල් මිලියන 305 කට අධික වාර්තාගත ආදායමක් බවට පත් වුණා. එමෙන්ම ලොව පුරා ඉන්දීය රුපියල් මිලියන 948.5(ඇමරිකානු ඩොලර් මිලියන 13) ක ආදායමක් ලැබුවා. ආචාර්ය මන්මෝහන් සිං ලෙස සම්මානනීය නළු අනුපම් ඛේර්, මාධ්‍යවේදී සංජය බාරු ලෙස අක්ෂය ඛන්නා, සෝනියා ගාන්ධි මැතිණිය ලෙස සුසේන් බර්නර්ට් හා රාහුල් ගාන්ධි ලෙස අර්ජුන් මාථූර් මෙන්ම තවත් විශාල පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මෙහි වෙස් ගැන්වීම්(make-up) ඉතාමත් විශිෂ්ටයි කියලයි මට නම් හිතෙන්නෙ. විශ්වාස කරන්න පුළුවන්ද බලන්නකො චිත්‍රපටයේ ආචාර්ය සිං ඇත්තටම අනුපම් ඛේර් ම ද කියලා...
එහෙනම් ඔයාලත් බලන්නකො අපේ අල්ලපු රටේ එක්තරා පුරාවෘතයක් වුණු ආචාර්ය මන්මොහන් සිං ගේ නොකී කතාව.
සිංහල උපසිරැසි : රුවිනි තක්ෂිලා
1999 කාර්ගිල් යුද්ධයේදී සටන් කලාපයකට පියාසර කළ පළමු ඉන්දීය කාන්තා ගුවන් හමුදා නිලධාරිනිය බවට පත්වීමෙන් ඉතිහාසය නිර්මාණය කළ නිර්භීත තරුණ නිලධාරිනියකගේ ජීවිතයෙන්
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : දිලීප මදුෂාන්
කවු බෝයි කෙනෙකු ඇමරිකන් නාවික හමුදාවේ ස්නයිපර් බටයෙක් බවට පත් වී ඉරාකයේ මෙහෙයුම් වලට සම්බන්දවී යුද්දයේ යථාර්තය දැකගැනීම.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : කසුන් සම්පත්
There are no reviews yet.