මැජික් වලින් මිනිස්සු වශී කරන්න යන මීනු එක පාරටම දිශාට වශී වෙනවා. එදා ඉඳන් මීනුගෙ ජීවිතේ අරමුණ වෙන්නෙ දිශා. දිශාව ලබාගන්න එක නම් ලේසි වෙන්නෙ නෑ. දිශා මීනුට දෙන්නෙත් සුළු පටු දඬුවමක් නෙවෙයි. දිශාගෙ ඇස් දෙක දකින්න යන මීනුට තව පොඩ්ඩෙන් ඇහැක් නැතුව තමයි දිශාගෙ ක්ලිනික් එකෙන් එළියට එන්න වෙන්නේ...!! මැජික් සහ ෆුට්බෝල් අතරට මැදි වෙන මේ ආදර කතාවත් හරිම රසවත්. මැජික් තමන්ගෙ ජීවිතේ කරගත්තු මැජික් මීනු, එයාගෙ ආදරේ ලබාගන්න යන ගමනෙදි ෆුට්බෝල් ඒකට හරස් වෙනවා. ඉතින් මැජික් මීනුට ‍ෆුට්බෝල් තමන්ගෙ ජීවිතේ කර ගන්න වෙනවා.
මැජික් සහ ෆුට්බෝල් අතර දෝලනය වෙන මීනුගෙ ජීවිතේ සාර්ථක වෙන්නෙ මැජික් මීනු ද ෆුට්බෝල් මීනු ද කියල තීරණය කරන එක ටිකක් අමාරු වැඩක්. නැගී එන දක්ෂ නළු ජිතේන්ද්‍ර කුමාර්, ප්‍රවීණ නළු ජාවේද් ජාෆ්රි සහ ආරුෂී ෂර්මා මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් එක් වෙනවා. ඒ ‍ව‍ගේම නවක නළු රාජ් කුෂාල් "ලල්ලී" ලෙස විශිෂ්ට හාස්‍ය උත්පාදක චරිත නිරූපණයකින් දකින්න පුළුවන්. සමීර් සක්සේනාගේ අධ්‍යක්ෂණයෙන් සහ නීලෝත්පල් බෝරාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වන මෙය පවුලේ සැමට නැරඹිය හැකි ඉතාමත් ලස්සන නිර්මාණයක්.
 
සිංහල උපසිරැසි ගැන්වීම | රුවිනි තක්ෂිලා
 
Animation movie එකක් වෙන July 8 වෙනිදා Netflix හරහා release වුනු The sea beast කියන ලස්සන movie එක. Animation / Adventure / Comedy / Fantasy කාණ්ඩ වලට අයත් මේ movie එක අධ්‍යක්ෂණය කලේ Chris Williams. ඒ වගේම Karl Urban, Dan Stevens, Jared Harris වගේ විශිෂ්ට හඩ නළුවන් දායක වුනු මේ movie එකට 7.1/10ක IMDb අගයක් හිමි කරගෙන තියෙනවා.
ඇස් වල කඳුළු පුරවගෙන බලන්න පුළුවන් ලස්සන ආදර කතාවක් IMDB රේට් එක ගත්තොත් 8.8/10 තරම් ලොකු අගයක් අරන් තියෙනවා .
 
KGF 1 සහ KGF 2 වලින් පසුව කන්නඩ සිනමාවෙන් මුලු ඉන්දියාව පුරාම තිරගත වීම ආරම්භ කරපු චිත්රපටියක් තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ,ඉතින් චිත්රපටිය තමයි 777 Charlie,මේ චිත්රපටියේ ප්රධාන චරිත නිරූපනය කරන්නේ Kirik Party,Padde Huli,Avane Srimannarayana වැනි සාර්ථක චිත්රපටි අරගෙන ආපු Rakshit Shetty…ඉතින් මේ චිත්රපටියේ තවත් ප්රධාන චරිතයක් ඉන්නවා,ඉන්දියාව පුරාම රසික රසිකාවියන්ගේ සිත් දිනාගන්න මෙයාට පුලුවන් උනා…එයා තමයි Charlie…චාර්ලිගේ වැඩ ටිකත් ඔයාලට බලාගන්න පුලුවන් මේ චිත්රපටියෙන්…
   
hrror,comedy ඝනයට අයත් වෙන මේ චිත්‍රපටයේ ඔයාට නලු නිලියන් විදිහට karthik aryan,kiara advani, Tabu,rajpal yadav වැනි බොලිවුඩයේ ජනප්‍රිය නලු නිලියන් රැසක් රඟපාන චිත්‍රපටයක්.
 
තම පරම්පරාව අරගෙන යන්න. තම පුතාට ලේලියක් සොයාදී පිරිමි දරුවෙක් පතන තාත්තා. ඔහුගේ ප්‍රාර්ථනය ඉෂ්ට නොවී ගැහැණු ළමයෙක් උපදිනවා. කතාව බලන්න මීට වැඩිය කියන්න යන්නේ නැහැ.
 
මෙක්සිකෝවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි යාලුවෝ පස් දෙනාට මෝරෙකුගෙන් වෙන අකරතැබ්බයක් තමයි තියෙන්නේ. හොද Thriller movie එකක් හැමෝටම බලන්න ආරාධනා කරනවා.
 
පොන්නිගේ පලිගැනීම. නීතිය හරියට ක්‍රියාත්මක නොවන අවස්ථාවක නීතිය අතට ගැනීම.
   
JANA GANA MANA (2022) malayalam , ඉතින් මේ වෙද්දි IMDb දර්ශකයේ 8.5/ 10 ක අගයක් ලබාගෙන තියෙන Drama කාණ්ඩයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනාමාවෙ තවත් එක විශිටයෙක් වෙන Prithviraj Sukumaran සමග Suraj Venjanamoodu , Mamtha Mohandas , Sri divya , Shari , ඇතුලු නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

 

 

2019 අවුරුද්දේ මේ නමින්ම ආපු තෙලිගු චිත්‍රපටියේ රී මේක් එකක්. අධ්‍යක්ශනය කරන්නේ තෙලිගු චිත්‍රපටිය අධ්‍යක්ශනය කරපු Gowtam Tinnanuri මයි. රංගනයෙන් Shahid Kapoor, Mrunal Thakur සහ Pankaj Kapoor දායක වෙනවා.

 

හරි එහෙනම් කතාව වෙන්නෙ මේකයි,කයිලා කියන්නේ තමන්ගේ මල්ලි වතුරේ ගිලිලා මැරුන ඒ නිසා මානසිකව ආබාධ වෙලා ඉන්න අම්මෙක් ඉන්න,එයාලගෙන් ප්‍රයෝජනගන්න අසහනකාරී මිනිහෙක්ට මැදිවෙලා ප්‍රශ්න දාහක පැටලිලා ඉන්න පාසල් යෑමත් අතරමඟ නවත්තලා නිකම් ජොබ් එකක් කරන අහිංසක කෙල්ලෙක්. අයිසැක් කියන්නෙත් පරිගණක වැඩවලට හොඳ දක්ෂතාවක් තියෙන පරණ බඩු එකතු කරන කොල්ලෙක්.දෙන්නා හොඳ යාළුවෝ. දවසක් හදාගන්න පොඩි බඩුවක් අයිසැක් ළඟට අරගෙන යද්දි කයිලා දකිනවා පරණ කාලේ ගේම් එකක බෑග් එකේ පිටකවරේ ගේම් එක දිනුවොත් බර ගානක් හම්බ වෙනව කියලා දලා තියෙනවා.කතාකරන්න නම්බරේකුත් තියෙනවා.
නිකමටකෝල් එකත් අරගෙන බලද්දි නම්බරේත් තාම වැඩ,ගේම් එක තියෙන්නෙ කැසට් පටයක් ඇතුළේ,ඒ සීඩී හොයාගන්න කලින් කාලේ.කොහොමහරි කෙල්ල ඒක අරගෙන ගිහිල්ලා ඒ ගේම් එක සෙල්ලම් කරන්න පටන් ගන්නවා.පළවෙනි ලෙවල් එක ඉවර වෙන්නෙ කෙල්ලටවත් හිතාගන්න බැරි භයානක අත්භූත සිද්ධිදාමකට මූණ දෙන්න වෙලා,ඒකෙන් කයිලා තේරුම් ගන්නවා මේ ගේම් එක නිකන්ම ගේම් එකක් නෙවෙයි තමන්ගේ ජීවිතයත් උගස් තියලා කරන්න ඕන සෙල්ලම් කියලා.ඊට පස්සේ කයිලා මේකට මූණ දෙන්නෙ කොහොමද?,මොකකක්ද ? මේ ගේම් එකේ සැඟවුණ දේ කියලා බලන්න ඔයාල මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා.
 
KGF Chapter 1 කතාව ගැන කිව්වොත් රොකි එහෙමත් නැත්නම් රාජා ක්‍රිෂ්නාප්පා කියන්නේ දිළිදු පවුලක ළමයෙක්.පොඩි කාලේදිම රොකිට ඉන්නේ අම්මා විතරයි. නමුත් අම්මාත් රොකිට අවුරුදු 7 – 8ක් වෙද්දිම අහිමිවෙනවා..රොකිගේ අම්මා නැතිවෙද්දි රොකිගෙන් පොරොන්දුවක් අරගන්නවා.. දැනට කොහොම ජිවත් උනත් ඔයා මැරෙද්දි පෝසත් මිනිහෙක් වෙලා තමයි මැරෙන්න ඕනි කියලා… රොකිත් අම්මාට අවසන් පොරොන්දුව දෙනවා ඔහු ධනවත් පුද්ගලයෙක් වෙනවා කියලා… රොකි එදා පටන් හැම මොහොතක්ම අම්මාට උන පොරොන්දුව ඉටු කරන්න පුලුවන් ක්‍ර‍ම හෙව්වා… රොකීගේ ඒ ගමන කොහොම වේවිද කියලා බලන්න වෙන්නේ KGF Chapter 1 චිත්‍ර‍පටිය නරඔලාම තමයි…
K.G.F: Chapter  1 චිත්‍රපටිය අවසන් උනේ,රොකී ගරුඩව මරපු තැනින්,ඊට පස්සේ අපිට එතනදී දැකගන්න ලැබෙනවා,ඉන්දියාවෙ අගමැතිනිය රොකීට විරුද්ධව යුධ ප්‍රකාශ කරනවා,ඉතින් K.G.F: Chapter 2 චිත්‍රපටිය අපිට බලාගන්න ලැබෙන්නේ හරියටම එතන ඉදන්,ඉතින් K.G.F: Chapter 1 එකේ තිබ්බ ඒ ගැම්ම K.G.F: Chapter 2 චිත්‍රපටියෙන් දෙගුණ තෙගුණ වෙන්නම දීලා තියෙනවා කියලනම් කියන්න ඕනි…
“ඝනී” කියන්නෙ අප්‍රේල් 8 වන දා තිරගත වූ අලුත්ම තෙලුගු චිත්‍රපටයක්.. වරුණ් තේජ්ගේ ප්‍රධාන රංගනය. Sport Drama කියන කැටගරියෙන් තමා අපිට බලන්න වෙන්නෙ. බොක්සිං වලල්ලේ වීරයෙක් ගැන තමා කතාවේ කියවෙන්නෙ.. Kiran Korrapati ගේ නිර්මාණයක් වන මෙය S.Thaman ගේ සංගීත අධ්‍යක්ෂණයක්.
ජේ.කේ. රෝලින්ගේ හැරී පොටර් සම්බන්ධ අලුත්ම නිර්මාණය Fantastic Beasts: The Secrets Of Dumbledore නමින් 2022 අප්‍රේල් මාසේ 8 වෙනිදා ලොව පුරා ප්‍රදර්ශනය වුණා. මේකත් මායා ලෝකෙටම අයිති කතාවක් විදිහට තමා නිර්මාණය වෙන්නේ. කතා කාලය වෙන්නේ හැරීට කලින් ඒ කියන්නේ ඩම්බෙල්ඩෝගේ තරුණ කාලය ගැන.
ඔයාලට මතක ඇති 2018 දි ආපු Fantastic Beasts: The Crimes Of Grindelwald චිත්‍රපටිය අවසානෙදි මුළු කතා මාලාවෙම කැපිලා පෙනුන චරිතයන් වෙච්ච ක්‍රීඩන්ස් කියන කොල්ලට ග්‍රින්ඩෙල්වෝල්ඩ් කතාකරන්නේ ඔරේලියස් ඩම්බල්ඩෝ කියලා.. එතනදි ග්‍රින්ඩෙල්වෝල්ඩ් කියනවා ක්‍රීඩන්ස් කියන්නෙ ඇත්තටම ඩම්බල්ඩෝගේ පවුලේ සාමාජිකයෙක්, ක්‍රීඩන්ස්ගේ ඇත්තම නම ඔරේලියස් ඩම්බල්ඩෝ කියලා.. අන්න ඒ හන්දා අපිට ප්‍රශ්නයක් එනවා මේ එකපාරටම ආපු ඩම්බල්ඩෝ තුන්වෙනි චිත්‍රපටියෙදි ප්‍රධාන මාතෘකාවක් වෙයිද කියලා.
සාමාන්‍යයෙන් Fantastic Beasts චිත්‍රපටි වල එකටම රිලීස් කරපු මාතෘකා වල සැගවිච් දේවල් තියෙනවා.. ඒ කියන්නෙ චිත්‍රපටියෙදි වෙන දේවල් ගැන කලින්ම අපිට ඉගි දෙනවා Title එකෙන්.
   
ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වූ එක්සත් ජනපද මාර්ෂල් මේසන් පොලාර්ඩ් ගැනයි කතාව තියෙන්නේ. මේක ක්‍රියාදාම චිත්‍රපටයක්.
   
ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Channing Tatum, Sandra Bullock, Bradd Pitt සහ Daniel Redcliff (හැරී පොටර් ෆිල්ම් එකේ හැරී) ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්..ඇ.ඩොලර් මිලියන 75ක වියදමින් නිෂ්පාදනය කරලා මේ වෙනකොට ඇ.ඩොලර් මිලියන 160කට අධික ආදායමක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.. ෆිල්ම් එක Adventure/Action ගණයට අයත් වෙන්නේ.. ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක…
 
මෙය V. Vijayendra Prasad සමඟ චිත්‍රපටය රචනා කළ S. S. Rajamouli  විසින් අධ්‍යක්ෂණය කරන ලද Action | Drama ගනයට අයත් ප්‍රබන්ධ චිත්‍රපටයක්.චිත්‍රපටයේ ප්‍රධාන වශයෙන් N. T. Rama Rao Jr., Ram Charan, Ajay Devgn, Alia Bhatt, Shriya Saran, Samuthirakani, Ray Stevenson, Alison Doody, සහ Olivia Morris රංගනයෙන් දායකත්වය සපයනවා.මෙය ඇමරිකානු ඩොලර් මිලියන 150 ක් වැනි ඉහළ Box Office ආදායමක්ද ලබාගෙන තියෙනවා.මේ වසරේ මාර්තු 22 තිරගත ව මේ වන විට 8.4 ක් වැනි ඉහල IMdb අගයක් ලබාගෙන තිබෙන මෙය අති විශිෂ්ට සිනමා නිර්මාණයක් බව නොඅනුමානය
 
ෆිල්ම් එක කල්තියා නිකුත්වෙන්න තිබුනත් කොරෝනා පෙන්ඩමික් එකත් එක්ක ටික ටික පස්සට ගිහින් අන්තිමට 2022 මාර්තු 4වෙනිදා ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය පටන්ගත්තා. අධ්‍යක්ෂණය කරන්නේ Matt Reeves. Mattට පුලුවන් වෙනවා බැට්මෑන් කියන චරිතය වෙනම ලෙවල් එකකට ගේන්න. ඒකට Cinematography කරපු Greig Fraserගෙන් ලොකු සහයෝගයක් ලැබිලා තියෙනවා කියලා ෆිල්ම් එක බලද්දී තේරෙනවා. මියුසික් ටිකෙත් වෙනම රහක් තියෙනවා, ඒකට ගෞරවය Michael Giacchinoට ලැබෙනවා.ෆිල්ම් එක බෙදහරින්නේ Warner Bros.Pictures හරහා.

 

 

 

Showing 1–30 of 416 results