මේ චිත්‍රපටයට පාදක වන පොන්නියින් සෙල්වන් නව කතාව කල්කි ක්‍රිෂ්ණමූර්ති නම් ලේඛකයා විසින් සත්‍ය සිදුවීම් සහ ප්‍රබන්ධ මිශ්‍රණයෙන් නිර්මාණය කරන ලද්දක්. පොන්නියින් සෙල්වන් යන්නෙහි තේරුම පොන්නිගේ පුත්‍රයා යන්නයි. කල්කි මේ කතන්දරය ලියන්න කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවට ඇවිත් තියෙනවා. ඉතිහාසය ගවේෂණය කරමින් කෝවිල් වැනි පුරාණ ස්ථානවල සංචාරය කොට මේ සඳහා තොරතුරු එක් රැස් කොට තිබෙනවා. ලංකාවේ සොබාව, කඳු, ගුහා, කෝවිල් ගැන අධ්‍යයනය කර ඒ අනුව කතාව රචනා කරලා තියෙනවා. මේ කතාව මුලින්ම සතිපතා සඟරාවක එලි දැක්වුනේ. කල්කිගේ මේ කතන්දරය කියවන්නම සඟරාව මිලදී ගන්න සතියක් සතියක් ගානේ මිනිස්සු පොරකාලා තියෙනවා. අධික ඉල්ලුමක් තිබුණ මේ සඟරාවේ පිටපත් 7000ක් පමණ එක් මුද්‍රණයකදී විකිණී තිබෙනවා. කල්කි අවුරුදු 3ක් පමණ මේ කතාව සතියෙන් සතිය සඟරාවට රචනා කර තිබෙනවා. 1955දි මේ කතාන්දරය එකතු කර පොත් පහක් විදියට එලි දක්වනවා. මේ නව කතාව පිටු 2200ක් සහ කොටස් පහකට බෙදා තියෙන මේ කතාන්දරය තනි චිත්‍රපටයකට ගේන එක විශාල අභියෝගයක්. අවසානයේදි මේ කතාන්දරය කොටස් 2ක් විදිහට තිර පිටපත් ලියා නිර්මාණය කරන්න තීරණය කරනවා. මෙහි නිෂ්පාදන වැඩකටයුතු ආරම්භ කෙරුණේ 2019දී සිටයි.
 
මේක “Psychological thriller”එකක් එහෙමත් නැත්නම්  මනෝවිද්‍යාත්මක පැතිකඩ අලලා නිර්මාණය වුන ත්‍රාසජනක චිත්‍රපටයක්.  කතාව වෙන්නේ මෙහෙමයි, ජැක් හා ඇලිස් කියන්නෙ කැලිෆෝනියාවේ වික්ටර් නම් කම්පැනි ටවුන් එකේ ජීවත් වෙන ජෝඩුවක්. කතාවට අයිති කාල සීමාව ගැන හරියටම සදහන් වෙන්නෙ නැහැ. නමුත් මේක 1950-60 කාලයට සමාන තේමාවක් තමයි අදින පළදින විදිහ, විශේෂයෙන්ම වාහන වලින් දැකගන්න ලැබෙන්නෙ. මේ දෙන්නට අමතරව මේ අසල්වැසි කොටසේ තවත් හුග දෙනෙක් ඉන්නවා. මේ හැමෝම සැමියන් හා බිරින්දෑවරු. පිරිමි අය හැමදේම උදේට වික්ටරි ප්‍රොජෙක්ට් කියන රහසිගත මෙහෙයුමක වැඩ කරන්න යද්දී, ගැහැණු අයට පැවරෙන්නෙ ගෙදර වෙලාවට කෑම බීම හදන්න, ගෙදර පිරිසිදුවට තියාගන්න වගේම තමන්ගෙ සැමියන්ව හොදින් බලාගන්න එක. හැබැයි මේ අයට අඩුම තරමේ තමන්ගෙ සැමියන් කරන රස්සාව මොකක්ද කියලවත් දැනගන්න අවසර නැහැ.
ඉතිං ඔය සීමාව වරක් ‘මාග්‍රට්’ කියලා ගෑණු කෙනෙක් බිදිනවා. නිකන් නෙවෙයි එයාගෙ පුතා එක්ක. මේ නිසාම මාග්‍රට්ගෙ ලමයව අතුරුදහන් කරලා, එයා මේ ජන සමුහයට තර්ජනයක් වේවි කියලා හිතාගෙන එයා ගැන නිතරම විමසිල්ලෙන් ඉන්න පටන් ගන්නවා. මේ සීමා බිදිල්ල එතනින් නවතින්නෙ නැහැ. ඇලිස් කරන්නෙත් ඒ දේමයි. එයාටත් මාග්‍රට්ට වගෙ අමුතු හීන, අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. මේ ජන සමූහයටත් ඉන්නවා දොස්තර කෙනෙක්. එයත් පිරිමි කෙනෙක් නිසා ඇත්තම නොකියා කරන්නෙ බොරු රෝග විනිෂ්‍යයක් කරන එක. ඒත් ටිකෙන් ටික රහස් හෙළි වෙද්දී නිතරම වෙන්නෙ නොවිසඳූනු ප්‍රශ්න තව තවත් එකතු වෙන එක.
 
පර්ල් කියන්නේ චිත්‍රපටි තරුවක් වෙන්න හීන දකින කෙල්ලෙක්. ඒත් එයාගෙ හීනෙට බාදාවක් තිබුනා. ඒ තමයි එයාගෙ පවුල. එයාගෙ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි එයාගෙ සැමියයි. එයාගෙ සැමිය හාවඩ් යුද්ධෙට ගිහින් ගෙදරින් පිට ඉන්නේ. තාත්ත අසනීප වෙලා එක්තැන් වෙලා. එයාගෙ අම්ම නම් හරිම තද කෙනෙක්. පර්ල්ට බුරුලක් දෙන්නෙම නෑ. ඉතින් පර්ල්ට සිද්ධ වෙලා තියෙන්නෙ තාත්තවත් බලාකියාගෙන එයාලට තියෙන ගොවිපලත් බලාගෙන ගෙදරට වෙලා ඉන්න. ඒත් පර්ල් කැමති වෙයිද එයාගෙ මේ කම්මැලි ජීවිතේට? පේන තරම් පර්ල් අහිංසක කෙනෙක්ද?
 
Action Comedy Drama කාණ්ඩයන්ට අයත් IMDb දර්ශකයෙ 7.3/10 ක අගයක් ගන්න සමත් වුන මේ ෆිල්ම් එකට සුපිරි මලයාලම් නලු Tivino Thomas එක්ක Kalyani Priyadarshan තමයි ප්‍රධාන චරිත වලින් සම්බන්ධ වෙන්නෙ , මීට අමතරව Shine Tom Chako , Jhony Antony , Chemban Vinod Jose , Binu Pappu , Lukman Lukku ඇතුලුනලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
 
ත්‍රාසජනක වැම්පයර් චිත්‍රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ Day Shift (2022) චිත්‍රපටිය. වැම්පයර් කතා සමහර අවස්ථා වලදී කම්මැලි වුනත්, මේ චිත්‍රපටිය දිගටම ආකර්ශණීය විදියට නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසාම හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මේ ලිපිය ලියන මො‍හොතේදී, IMDB 6.1, Rotten Tomatoes 58%, Metacritic 51%, Google Users 82% කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.
 
කතාව ගැන කිව්වොත් ,1891 දී ඉන්දියාවේ තිබ්බ එක්තරා ජාතියක් තමයි කමේරන්ලා කියන්නේ….ඉතින් සෑම ජාතියකින්ම පහත්ම ජාතිය ලෙස සැලකුවේ මේ කමේරන්ලව,කමේරන්ලට මේ විදියට සලකන නිසාම ඔවුන් තීරණය කරනවා බ්‍රිතාන්‍යය රජයට එරෙහිව නැගීසිටින්න,එහිදී තමයි බ්‍රිතාන්‍යය රජයේ නිලධාරියෙක්වෙන ශුද් සිං නම් කෙනෙක් කමේරන්ලගේ නායකයා වන ශම්ශේරට යෝජනාවක් ගේන්නේ…ඒක තමයි ඔවුන් සියල්ලම රජයට බාරවුනොත්,වෙනමම භූමියක් ලබාදීලා ඔවුන්ට නිදහසේ ජීවත්වෙන්න ඉඩලබාදෙනවා කියල…
මේකට කැමති වෙන ශම්ශේරා,ඔහුගේ මිනිසුන් සියල්ලම සමග බ්‍රිතාන්‍යය බලකොටුවට යනවා…ඒත් එතනදී වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්…බිර්තාන්‍යය රජය කමේරන්ලා සියල්ලන්වම සිරබාරයට ගෙන වහල්ලු විදියට බලකොටුවේ සිරකරගන්නවා…එතනින් එහාට මොකක් වෙයිද කියල දැනගන්න අරගෙන බලන්නකෝ එහෙනම් Shamshera ….

 

 

 

ඉතිං මාවල් ෆෑන්ස්ලට මේක හරිම උද්‍යෝගිමත් කාලයක්,මොකද මෙච්චර කාලයක් අපේ සිත් ඇද බැඳගත්ත මාවල් ෆිල්ම්ස්,සීරීස් Phase 4 ඔස්සෙ ඇවිත් හමාරයි,Phase 4 එක ඉවර වෙන්න ඉස්සරහට එන්න තියෙන්නෙ I Am Groot,She Hulk ඒ වගේම Black Panther:Wakanda Forever යන චිත්‍රපට විතරයි.
ඉතිං ඊට පස්සෙ එන්න තියන Marvel Phase 5 එක ගැනත් Phase 6 එකේ කොටසක් ගැනත් මාවල් ස්ටූඩියෝස් සභාපති Kevin Feige විසින් නිලවශයෙන් නිවේදනය කළා.
 
Action / mystery කාණ්ඩයට අයිති වෙන මේ ෆිල්ම් එකට imdb දර්ශකයෙ 5.4 ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලු නිළියො හතර දෙනෙක් අපිට බලාගන්න පුලුවන්. ඒ තමයි arjun kapoor, tara sutaria,john abraham,disha patani කියන මෙ අය.
ඉතින් මේ ෆිල්ම් එකෙත් director ek villain(2014), malang, half girlfriend, ashique 2, Awarapan, hamari aduri kahani වගේ සුපිරිම ෆිල්ම් හදපු mohit suri කියන කෙනා තමයි.
 
 
බොස්ගෙන් සල්ලි හොරකම් කරන කිරන් සහ එයාගේ යාලුවෝ ටිකගේ යාලුවෙක් මෙයාලා ගනිපු සල්ලි ටික හොරකම් කරනවා. කොහොම හරි සල්ලි හොරකම් කරපු එක බොස්ට මාට්ටු වෙනවා. බොස්ගේ සල්ලි දෙන්න මෙයාලට දවසක කාලයක් හම්බ වෙනවා. පස්සේ මෙයාලට එරෙහි උන යාළුවා ඉන්න තැන හොයාගන්න ලැබෙනවා එතන ඉදන් මොකක්ද උනේ කියන එක බලන්න ආසද?
 
1970 ගණන්වල පන්ක් රොක් ව්‍යාපාරයේ කාලයේ ලන්ඩනය පසුබිම් කරගනිමින් ඇරඹෙන මෙම චිත්‍රපටය, කුඩා අවධියේම අවාසනාවන්ත ලෙස සිය මව අහිමි කරගැනීමෙන් අනතුරුව, විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වීමට සිහින මවමින් සිටින වන ඉස්ටෙලා මිලර් වටා කැරකෙයි. විලාසිතා නිර්මාණ ශිල්පය සදහා අසාමාන්‍ය හැකියාවක් සහිත ඇය විලාසිතා නිර්මාණ ශිල්පිණියක වීමට අපේක්ෂා කරයි. නමුත් දෛවය ඇගේ සිහින කිසිදා සැබෑ නොවන බවට වග බලා ගැනීමට අදහස් කරන බව පෙනේ. අවුරුදු 12, 10 දී ලන්ඩනයේදී සතයක් නොමැතිව අනාථ වූ ඉස්ටෙලා ඇගේ හොඳම මිතුරන් සහ අපරාධයේ හවුල්කරුවන් වන හොරේස් සහ ජැස්පර් නම් ලාබාල සොරුන් දෙදෙනෙකු සමඟ ලන්ඩන් නගරයේ වීදි දිගේ දිව යයි. කෙසේ වෙතත්, අහබු හමුවීමක් ඉස්ටෙලාට ඇතුලු වීමට වරම් ලබා දෙයි. මේ අතර ඇගේ අතීතයේ මුහුණදුන් පැරණි සිහිවටනයක් හදිසියේ යලි දකින්නට ලැබීමත් සමගින් ඇය ලන්ඩනයේ තමා වෙනුවෙන්ම ගොඩනගාගෙන ඇති පැවැත්ම ගැන ප්‍රශ්න කිරීමට පටන් ගන්නා අතර, එම අතීතය පිළිබද සිහිකැදවීම ඇයව පළිගැනීම සදහා වන මෙහෙයුමක නියැලුන කෘඑල්ලා ඩී විල් නමින් කුප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පිනිය බවට පත් වීමට මග පාදයි.
  සිංහල උපසිරැසි : Ruvindu Karunaratne
මාර්තු 9, 2021 - Nomadland: Chloé Zhao විසින් අධ්‍යක්ෂණය කරන ලදී.Frances McDormand, Gay DeForest, Patricia Grier, Linda May සමඟ වයස අවුරුදු හැටක ගැහැනියක්, මහා අවපාතයේ සියල්ල අහිමි වීමෙන් පසු, වෑන් රථවල වාසය කරන නවීන දින සංචාරකයෙකු ලෙස ජීවත් වන ඇමරිකානු බටහිර හරහා ගමනක ආරම්භයයි.
 
මැජික් වලින් මිනිස්සු වශී කරන්න යන මීනු එක පාරටම දිශාට වශී වෙනවා. එදා ඉඳන් මීනුගෙ ජීවිතේ අරමුණ වෙන්නෙ දිශා. දිශාව ලබාගන්න එක නම් ලේසි වෙන්නෙ නෑ. දිශා මීනුට දෙන්නෙත් සුළු පටු දඬුවමක් නෙවෙයි. දිශාගෙ ඇස් දෙක දකින්න යන මීනුට තව පොඩ්ඩෙන් ඇහැක් නැතුව තමයි දිශාගෙ ක්ලිනික් එකෙන් එළියට එන්න වෙන්නේ...!! මැජික් සහ ෆුට්බෝල් අතරට මැදි වෙන මේ ආදර කතාවත් හරිම රසවත්. මැජික් තමන්ගෙ ජීවිතේ කරගත්තු මැජික් මීනු, එයාගෙ ආදරේ ලබාගන්න යන ගමනෙදි ෆුට්බෝල් ඒකට හරස් වෙනවා. ඉතින් මැජික් මීනුට ‍ෆුට්බෝල් තමන්ගෙ ජීවිතේ කර ගන්න වෙනවා.
මැජික් සහ ෆුට්බෝල් අතර දෝලනය වෙන මීනුගෙ ජීවිතේ සාර්ථක වෙන්නෙ මැජික් මීනු ද ෆුට්බෝල් මීනු ද කියල තීරණය කරන එක ටිකක් අමාරු වැඩක්. නැගී එන දක්ෂ නළු ජිතේන්ද්‍ර කුමාර්, ප්‍රවීණ නළු ජාවේද් ජාෆ්රි සහ ආරුෂී ෂර්මා මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් එක් වෙනවා. ඒ ‍ව‍ගේම නවක නළු රාජ් කුෂාල් "ලල්ලී" ලෙස විශිෂ්ට හාස්‍ය උත්පාදක චරිත නිරූපණයකින් දකින්න පුළුවන්. සමීර් සක්සේනාගේ අධ්‍යක්ෂණයෙන් සහ නීලෝත්පල් බෝරාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වන මෙය පවුලේ සැමට නැරඹිය හැකි ඉතාමත් ලස්සන නිර්මාණයක්.
 
සිංහල උපසිරැසි ගැන්වීම | රුවිනි තක්ෂිලා
 
KGF 1 සහ KGF 2 වලින් පසුව කන්නඩ සිනමාවෙන් මුලු ඉන්දියාව පුරාම තිරගත වීම ආරම්භ කරපු චිත්රපටියක් තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ,ඉතින් චිත්රපටිය තමයි 777 Charlie,මේ චිත්රපටියේ ප්රධාන චරිත නිරූපනය කරන්නේ Kirik Party,Padde Huli,Avane Srimannarayana වැනි සාර්ථක චිත්රපටි අරගෙන ආපු Rakshit Shetty…ඉතින් මේ චිත්රපටියේ තවත් ප්රධාන චරිතයක් ඉන්නවා,ඉන්දියාව පුරාම රසික රසිකාවියන්ගේ සිත් දිනාගන්න මෙයාට පුලුවන් උනා…එයා තමයි Charlie…චාර්ලිගේ වැඩ ටිකත් ඔයාලට බලාගන්න පුලුවන් මේ චිත්රපටියෙන්…
   

Showing 1–30 of 440 results