Pixie Hollow Games (2011) | හිතේ හයිය තියෙනවනම් දිනන්න බැරි මොනවද? [සිංහල උපසිරැසි සමග]
හොඳයි, බයිස්කෝප් වෙබ් අඩවියට මම හදපු පලමුවන උපසිරැසිය තමා මේ ඇනිමේෂන් ෆිල්ම් එක, Pixie Hollow Games. මේ චිත්‍රපටිය 2011 වසරේදී නිකුත් උන එකක්. ඩිස්නිලගේ වැඩක් තමා, මේක වැටෙන්නේ Tinker Bell කථා මාලාවට. විකිපීඩියා වලට අනුකුලව දැනට Tinker Bell කථා මාලාවේ චිත්‍රපට 5 නිකුත් වෙලා තියෙනවා. ඒ තමා…
1 .Tinker Bell (2008)
2 .Tinker Bell and the Lost Treasure (2009)
3. Tinker Bell and the Great Fairy Rescue (2010)
4. Pixie Hollow Games (2011)
5 .Secret of the Wings (2012)
තව චිත්‍රපට 2ක් එන්නත් තියෙනවා. ඒ,
6.The Pirate Fairy (2014)
7.Legend of the NeverBeast (2015)
මේ උඩින්ම තියෙන, දැනට නිකුත්වෙලා තියෙන, චිත්‍රපට 5න් 3ක්ම, ඒ කියන්නේ Tinker Bell and the Lost Treasure, Tinker Bell and the Great Fairy Rescue සහ Secret of the Wings (2යි, 3යි සහ 5යි ) බයිස්කෝප් වෙබ් අඩවියේ තියෙනවා. මේකෙන් 4වෙනි කතාව කෙටි චිත්‍රපටියක්(Short Film). ඉතින් මම හිතුව අපේ කස්ටියට මේ චිත්‍රපටියට අදාළ උපසිරසි හදල දුන්නොත් හොඳා කියලා. imdb දර්ශකයේ මේ ෆිල්ම් එක 6.5ක් අරන් තියෙනවා. මේ ෆිල්ම් එක කරලා තියෙන්නේ බ්‍රැඩ්ලි රේමන්ඩ් (Bradley Raymond) කියන නිෂ්පාදක වරයා. ජෙෆ්රි හොවර්ඩ්ස් (Jeffrey M. Howard) තමා කතාව ලියල තියෙන්නේ. ජෙෆ්රිට සපෝර්ට් එකට ඩේවිඩ් ස්ටේන්බර්ග් කියන කෙනත් ඉඳලතියෙනවා.
මේ ෆිල්ම් එක ගැන කිවුවොත් මේක හදන්න ඉඳල තියෙන්නේ සුරංගනාවියෝ කට්ටියම දාල, ඔලිම්පික් තරඟ වගේ සෙල්ලම් ටිකකුත් දාල ටිකක් ලොකු ෆිල්ම් එකක් හැටියට. එත් හිතෙන හැටියට නිෂ්පාදක කට්ටියම එහෙම ෆිල්ම් එක ගහන එක නතර කරවලා මෙන්න මේ දැන් තියෙන කෙටි චිත්‍රපටිය හදල තියෙනවා. ෆිල්ම් එක දුවන්නේනම් විනාඩි 21යි.
මේ කතාව ගොඩ නැගෙන්නේ “රොසිටා” කියන සුරංගනාවියි, අලුතින් එක්කහුවෙන “ක්ලෝයි” කියන සුරංගනාවියෙකුයි අතරේ. එගොලෝ අයිති වෙන්න උයන් සුරංගනාවියන්ට. ඒගොල්ලෝ හැම දාම වගේ පැරදිලා තිබිලා තියෙන්නේ. ක්ලෝයි හදන්නේ කොහොම හරි දිනන්න. දිනලා උයන් සුරංගනාවියෙක් වෙන්න. හැමදාම සෙල්ලම්වලින් කට්ටිපැනපු රෝසිටාට තමා මෙදා පාර තරඟවලට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. එත් රොසිටා කැමති නෑ ඇඟේ කුණු ගාගන්න වැඩ කරන්න. කොහොම කොහොම හරි තරඟවලට මුහුණ දීල මේගොල්ලෝ එනවා අවසන් හතර දෙනාට. ඒගොල්ලොන්ට තියෙන ප්‍රධාන තරඟකරුවා තමා අකුණු වලට ඉන්න සුරංගනාවියන් කට්ටිය. ඉතින් එහෙනම් මේ ෆිල්ම් එක බලලම තේරුම් ගන්න පුළුවන් ඒගොල්ලෝ තරඟ දිනන්නේ කොහොමද, රෝසිටාගේ කුණුවලට ඇති බයට කොහොම වෙයිද, අන්තීමට මොනවා වෙයිද කියලා. හරිනේ, එහෙනං අපි ගිහිං එන්නම්. ආයෙත් හම්බවෙමු.
SInhala Subtitles
-- Count 3718 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/pradeep.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් නිශාන්ත” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnx 😀
බොහොම ස්තුතියි !!!
thanks for the effort. well done …….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
thanks sub ekata, Tinker Bell And The Pirate Fairy (2014) mekath denna puluwan nam
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
good…. good…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks Bro…
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ…
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
බොහොම ස්තුතියි සහො ජය 😀
පළවෙනි සබ් එකට මගේ උණුසුම් සුභ පැතුම් ප්‍රදීපයෝ.
චුට්ටං එකක් නිසා අනිව බාගෙන බලනව.
අර පළවෙනි එකට අපෙන් සබ් කරල නැද්ද.
ඒකටත් සබ් දියං කොල්ලො පුළුවන්නම්.
ජයවේවා.බොහෝ……………………………………………………………………….. ස්තූතියි…!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
Thanks… 1 එකටත් සබ් දෙන්න.
Thanks bro
Thanks
එල එල පළමු නිර්මාණයට සුබපැතුම් …දිගට දෙමු සහෝ ..ජයවේවා
ela kiri macho
පළමු නිර්මාණයට සුබ පතනවා,දිගටම සබ් දෙන්න,thanks
palaveni sub ekata jaya….
එල එල
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…….
නියමයි නියමයි.
මාත් පටං ගත්තේ 11කින්.
ඔහොම යමු.
ජයවේවා!
ela ela. mulma ekata suba pathanawa… digatama sub demu
Thanks macho sub ekata.. mea movie eke animation nam Patta….
thank u bro
නියමයි සහෝ
digatama subs denna saho
niyamayi saho
Thanks
සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි. තව තවත් සබ් කරන්‍නට ශක්‍තිය හා වාසනාව ලැබේවායි පතමි.
තවත් අලුත් සහෝ කෙනෙක් නියමයි ජය!!! අර මේකේ මුලින්ම ආපු එකටත් සබ් දෙන්න උත්සාහයක් ගමු නේද වැඩේ අහවරයිනෙ එතකොට
jaya wewa baiscope akka join una aluth yalluwata
unusum suba pathum sahota
wow,, maru 😀
සුභ පැතුම් දිගටම සබ් දෙන්න Tinker Bell (2008)ටත් සබ් දෙමුද ?
all the best machan palamu wadeyta meyeke palamu aketh subs damu ne wadey iwarane ethakota
elazz thnxzz