Scam 1992: The Harshad Mehta Story [E04] Sinhala Subtitles | හර්ෂාද් කියන්නෙ බොරුකාරයෙක් [සිංහල උපසිරසි]
Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles
ඉන්දියානු මූල්‍යමය ඉතිහාසය තුළ සිද්ධ වුණූ ලොකුම වංචාව ගැන තමා මේ Tv Series එකෙන් කියවෙන්නේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණු එකක්. 1992 දී ඉන්දියාවේ Share Market එක සහ Money Market එක අතර සිද්ධ වෙච්ච හුවමාරු ගනුදෙනුවලින් එතෙක් සිද්ධ වුණු විශාලම චංචාව සිද්ධ වෙනවා.
මේ කතාවේ කතා නායකයා හර්ෂාද් මෙහෙතා කියන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක තරුණයෙක්, විශ්ව විද්‍යාල උපාධිදාරියෙක්, ඒත් ඉගෙන ගන්න කැමැත්තක තිබ්බ කෙනෙක් නෙමේ. Share Market එකෙන් ගොඩ ආපූ කෙනෙක්. ඔයාලා The Wolf of Wall Street බලලා තියෙනවා නම් ඒකේ මුල් සිදුවීම්වලයි මේකෙයි ලොකු වෙනසක් නෑ. මෙහෙම ගමන පටන් අවුරුදු 10 යන්න කලින් හර්ෂාද් 1992 දී ඉන්දියාවේ ඉහළම බදු ගෙවන්නා වෙනවා. ඒකාලෙදි එයාගේ වත්කම්වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4000ක්,උද්ධමනයත් එක්ක බැලුවොත් දැන් වෙද්දී කෝටි 20000ට වැඩියි. ඉතින් මොකද්ද මේ වෙච්ච වංචාව? කොච්චර ගාණක්ද? ඒක නම් කියන්න පුලුවන් තරමේ සරල දෙයක් නෙමේ. ටිකක් සංකීර්ණයි. ඒක බලලාම තමා දැන ගන්න වෙන්නේ. අනික මේක තනි පුද්ගලයෙකුට විතරක් කරන්න පුලුවන් තරමේ වංචාවකුත් නෙමේ.
Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles
මේ කතාව ආකාර 2කින් ඉන්දියාවේ පෙරළියක් කරපු කතාවක්. පළවෙනි එක මන් කියපු විදිහටම ඉන්දියාවේ ලොකුම මූල්‍ය වංචාව දෙවනි එක තමා මේ Series එක Release වෙන්නේ 2020 අවුරුද්දේ. ඒත් තවමත් ඉන්දියානූ ටෙලි සීරිස් එකකට හම්බ වුණ වැඩිම IMDb ratings තියෙන්නේ මේ කතාවට අවුරුදු 2ක් ගත වුණත්. IMDb පරිශීලකයන් 150,000කට ආසන්න මනාප වලින් 9.3 ක IMDb Rating Point එකක් තියාගෙන ඉන්නවා . මේ කතාව ලංකාවේ නම් වැඩිය ප්‍රසිද්ධ වුණේ නෑ මන් දන්න විදිහට. ඒත් මේකේ Intro Music එක නම් ඔයාලා ගොඩක් දෙනෙක් කොහේ දි හරි අහලා ඇති.
තහතරවෙනි කොටසින්…
හර්ෂාද්ගේ කොටස් වෙළදපොළේ සහ මුදල් වෙළදපොළේ ගනුදෙනු ගොඩක් සරුවට යන කාලේ තමා 1991 වසර. ඒවගේම හර්ෂද් අඩු වටිනාකමක් තියෙන සමාගම්වල කොටස් මිලට අරගෙන ඒවාගේ වටිනාකම 10 ගුණැයකින් විතර කොටස් වෙළදපොළ ඇතුලේ ස්ථාවරයක් හදනවා. මේ ස්ථාවරය නිසා 1992 වෙද්දී ඉන්දියාවේ වැඩිම අත්තිකාරම් බදු ගෙවන්න බවට පත් වෙනවා. මේ නිසා හර්ෂාද් කොටස් වෙළදපොළේ තනි ආධිපත්‍යක් ගොඩ නගා ගන්නවා. ඒවගෙම හර්ෂද්ගේ අලුත් උපාය මාර්ගික ක්‍රම නිසා බුල්ස්ලා කොටස් වෙලදපොළේ ලොකු ලාභයක් උපයනවා.
ඒවගේම දැන් තමා ඇත්තටම වංචාවත් සිදුවෙන්නේ. රාජ්‍ය බැංකුවලින් කිසිම සටහනක් නැතිව , ඇපයක් නැතුව ණය ගන්න හර්ෂාද් පටන් ගන්නවා. මේ ගැන දැන්ම එළිවුනේ නැතත්, හර්ෂද්ත් එක්ක කටයුතු කරන සමාගම් වල අක්‍රමිකතා කිහිපයක් හොයා ගන්න සුචිතාට හැකිවෙනවා. මේක නිසා හර්ෂාද්ගේ ගෙදරයි,ඔෆිස් එකයි වැටලීමකට ලක් වෙනවා ආදයම් බදු දෙපාර්තමේන්තුවෙ. මේ වැටලීමෙන් පස්සේ හර්ෂාද්ට මොනා වෙයිද?
Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2596 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදුන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2022-04-07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks a lot N. Piyumantha saho sub ekata
බොහෝම ස්තූතියි නදුන් සහෝ සබට