Rating: 7.4/10. From 7 votes.
Please wait...
The Bikeriders (2023) Sinhala Subtitles
කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ ආයෙත් ඔයාලා හමුවට එන්න හිතුවේ මේ වසරේදි මඟ හැරුණු තවත් අපූරු සිනමාපටයකට උපසිරැසි අරගෙනයි.
සමහරවිට දැනටමත් කට්ටිය මේක බලලා තියෙන්නත් පුළුවන්.ඒ වගේම නොබලපු පිරිසකුත් ඇති.ඉතිං බලපු නොබලපු ඔයාලා හැමෝම වෙනුවෙන් මම මේ වසර මැද භාගයේදි නිකුත්වනු ” The Bikeriders ” සිනමාපටය උපසිරැසි අරගෙන ආවා.
හොදයි චිත්‍රපටිය පැත්තට ටිකක් හැරුනොත් මේ සිනමාපටය නිර්මාණය කරන්න පාදක වෙලා තියෙන්නෙ ඇමරිකානු ඡායාරූප මාධ්‍යවේදියෙක් වන Danny Lyon විසින් මේ නමින්ම රචිත කෘතියයි.ඇත්තටම ඔහු මේක නිර්මාණය කරලා තියෙන්නෙ 1968 දී. ඒ වගේම මේ සිනමාපටයට පාදක වෙලා තියෙන්නෙත් අදාල කාළ වකවානුවමයි.හොදයි ඇත්තටම මේ අනුසාරයෙන් සිනමාපටයක් හදන්න අදහස ඇවිත් තියෙන්නෙ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන Jeff Nichols ට. ඔහු තමා ” Take Shelter ( 2011 ) , Mud ( 2012 ) ” ආදී සිනමාපට නිර්මාණය කලෙත්.
ඒ වගේම මේ සිනමාටයේ රංගනයෙන් දායක වෙන්නෙත් ගොඩක් ප්‍රසිද්ධ රංගන ශිල්පීන්.ඒ අය අතර Tom Hardy, Austin Butler, Jodie Comer, Norman Reedus හා Mike Faist ” යන අය ප්‍රධාන තැනක් ගන්නවා.විනාඩි 116 ක් පුරා දිවෙනා මේ සනිමාපටයට Imdb දර්ශකයේ ලකුණු 6.7/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ ලකුණු 80% ක් වැනි ඉහල අගයකුත් හිමි වෙලා තියෙනවා.
ඒ වගේම මේ සිනමාපටයේ කතාව පැත්තට ටිකක් හැරුනොත් මේකෙ කතාව ගලා යන්නෙ කැතීගේ ( Jodie Comer ) ගේ කෝණයෙන්.ඇය ඡායාරූප මාධ්‍යවේදියෙක් වෙන ( Mike Faist ) ට වැන්ඩල්නම් යතුරුපැදි ධාවකයන්ගෙන් සැදුම්ලත් සමාජය ගැන කරනා සාකච්ඡාව ඔස්සේ තමා මේ සිනමාපටයේ කතාව ගලා යන්නෙ.එතනදි ඇය ඒ සමාජයට සම්බන්ධ වූ ආකාරයත්, ඉන් අනතුරුව ඇයට මුහුණ දීමට සිදුවන සිදුවීම් ජාලයත් මේ සිනමාපටයේ රූපයට නැගී තිබෙනවා.ඇත්තටම මේ කතාවේ අවසානය ටිකක් සංවේදියි.ඒ වගේම හරිම ලස්සන අපූරු කතාවක්.එහෙනම් ඒ අපූරු කතාව බලන්න ඔයාලට ආරධනා කරමින් මම මෙතනින් නවතිනවා.
එහෙනම් ඔයාලට සුභම සුභ දවසක් වේවා.
The Bikeriders (2023) Sinhala Subtitles
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා ලබා දී ඇත
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1126 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you for subtitles
බොහෝම ස්තුතියි සහෝදරයා
බොහෝම ස්තූතියි කසුන් සහෝ ඔයාගේ වෙලාව අරං මේ ෆිල්ම්එකට සිංහල සබ් ගෙනාවට……
මේකෙ ලස්සන ස්ටෝරියක් තියෙන්නේ….
ස්තූතියි……………