Trouble (2024) Sinhala Subtitles | TV එකක් හයිකරලා දෙන්න ගිහින් වෙච්චි දෙයක් ! [සිංහල උපසිරසි සමඟ]
Trouble (2024) Sinhala Subtitles
ආයුබෝවන්, ඇත්තමයි කාලෙකට පස්සේ මම ඇමරිකානු ඇරෙන්න බලපු හොඳම රසවින්දනයක් එක්ක තිබුනු වෙනත් විදේශීය භාෂා චිත්‍රපටිය තමයි මේ “Trouble” කියන ස්වීඩන් චිත්‍රපටිය. Netflix වලින් එළියට ආපු මේක සරල මනුස්සයෙකුගේ ජීවිතය උඩුයටිකුරු කරන සිද්ධියක් වටා ගෙතුණු කතාවක්.
කොනී, විද්‍යුත් උපකරණ අලෙවි සහායකයෙකු විදියට වැඩ කරන සාමාන්‍ය මනුස්සයෙක්. මෙයාගේ හිටපු බිරිඳ ගුවන් නියමුවෙක් එක්ක විවාහ වෙලා සාර්ථක ජීවිතයක් ගත කරමින් ඉන්නේ. මෙයාගේ චූටී දුවත් ඒ ගෙදර තමයි ඉන්නේ. ඒත් කොනීට දුවව බලන්න බිරිඳ නිතරම වගේ ඉඩ දෙනවා. මේ පොඩි කෙල්ල තමයි කොනීගේ ජීවිතේ තියෙන එකම සතුට. මෙයාගේ රැකියාවත් එච්චර සාර්ථක නෑ. ජීවිතෙත් එහෙමමයි.
දවසක් කොනී
LED TV එකක් සවි කරන්න ගෙදරකට යනවා. ඒත් ඒ ගෙදරදි වෙන්නේ නම් හිතාගන්නවත් බැරි අවාසනාවන්ත දෙයක්. ඒ සිද්ධියත් එක්කම කොනීගේ මුළු ජීවිතේම තිබුණටත් වඩා කනපිට පෙරලෙනවා. නිකන්ම නිකන් හිරේ වැටෙනවා. නඩුවක් අහලා හිර දඬුවමකුත් හම්බවෙනවා.දුවගෙන් ඈත් වෙන එක ගැන හිතද්දි කොනීට දැඩි කම්පාවක් දැනෙනවා. ඒත් මිනිහා දන්නවා තමන් නිරපරාදේ හිරේ වැටුණ බව. ඒක ඔප්පු කරන්න මෙයා දැඩි උත්සාහයක් ගන්නවා. ඒත් ඒක ලේසි වෙන්නේ නෑ. මොකද පොලිසියේ දූෂණයි, අපරාධ කල්ලි එක්ක තියෙන කුමන්ත්‍රණයි නිසා…
ඔයාලව මෙතන මම කොහෙවත් spoil කිරීමක් කරේ නෑ කියලා හිතනවා. මේ කතාව බලන්න වෙනසකටත් එක්ක. ඇත්තටම නියමයි. මම කියනවට බලන්න. විනෝදාත්මක ගතියකුත් පිරිලා තියනවා.
Trouble (2024) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1970 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
thanks bro sub ekata
Yeh Kali Kali Anekhin Season 02
thank you brother
Irenas Vow (2023)
The Instigators (2024)
The Firing Squad (2024)
The Count Of Monte-Cristo (2024)
Carry On (2024)
puluwan welawak thiboth mewatath sub danna thank you
ස්තූතියි සහෝ එකදිගටම සුපිරි සබ් දෙනවට……
ජයවේවා……
A Legend චීන ෆිල්ම් එකක්