මේ කතාව ලියල තියෙන්නෙ සුප්‍රසිද්ධ Dark කතාමාලාව ලියපු Baran bo Odar සහ Jantje Friese දෙන්නා විසින්. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් කතාමාලාව ලියපු Baran bo Odar ම තමයි.
ලන්ඩන් වල ඉඳන් නිව්යෝර්ක් බලා සංක්‍රමණිකයන් පිරිසක් රැගෙන පිටත් වන Kerberos කියන වාෂ්ප නව්කාවක්,මේ නැවෙන් විවිධ පන්ති යටතේ සංක්‍රමණිකයන් රාශියක් රැගෙන යනවා,ඒ අතරින් විශේෂ චරිත කීපයක්ම වෙනවා,ක‍ථාවෙ පෙන්වන හැටියට ඒ චරිත වටා මොකක් හෝ අභිරහසක් තියනවා කියන කරුණ අපිට කතාවෙදි ටිකක් පැහැදිලිව පේනවා,සහ මේ නැවේ බොහොමයකටම Prometheus නැව ගැන ගුප්ත විදිහක අවධානයක් තමා තියෙන්නෙ.
ඒ ගමන අතරමගදි මීට මාස 4 කට කලින් අතුරුදහන් වෙච්ච Prometheus කියන මේ නව්කාවෙන් ඛණ්ඩාංක සහිත පණිවිඩයක් ලැබෙනවා..

Showing all 3 results