Mismatched

සන්ධ්‍යා මෙනන්ගේ When Dimple Met Rishi නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු Mismatched වෙබ් කතා මාලාව පසුගිය වසරේ Netflix හරහා එළි දැක්වුණා. මෙහි ප්‍රධාන චරිත වන ඩිම්පල් සහ රිෂී ලෙස රංගනයෙන් දායක වන්නේ ජනප්‍රිය සමාජ ජාල නිළියක වන ප්‍රජක්තා කෝලි සමගින් නැගී එන නළු රෝහිත් සරෆ්. තවත් නවක රංගන ශල්පීන් රැසකගේ දායකත්වයෙන් නිර්මාණය වූ මෙම කතා මාලාවෙහි අධ්‍යක්ෂණය ආකර්ශ් කුරාණා සහ නිපුන් ධර්මාධිකාරී ගෙනි. ආදරණීය, දඟකාර, මෙන්ම ආවේගශීලී චරිත හා සිදුවීම් මත ගලා යන මේ කතාව තුළ අභියෝගාත්මක තරඟකාරීත්වය නිසා එකිනෙකා අතර ඇතිවන බැඳීම්, ගැටීම්, සිනහව, දුක, ආදී තාරුණ්‍යයේ සුන්දරත්වය අත්විඳීමට හැකියි.

රිෂී සින්ග් ෂෙකාවත් අලුත් කොලෙජ් එකකට එන්නෙ ඇත්ත වශයෙන්ම ඉගෙන ගන්න නෙවෙයි. කෙනෙක්ව හොයාගෙන. ආච්චි එක්ක හැදෙන රිෂී බලාපොරොත්තු වෙන්නෙ එයාගෙ අච්චි සහ සීයා ගත කළා වගේ ආදරණීය පවුල් ජීවිතයක්. ඒ නිසා පළමු දැක්මෙන්ම ඇති වුණ ආදරය හොයාගෙන රිෂී එනවා. ඔව්.. ඒ තමයි ඩිම්පල්. සරල කෙල්ලෙක් වෙන ඩිම්පල් ගෙ එකම අරමුණ මෘදුකාංග ඉංජිනේරුවරියක් වීම. ඇයගේ අරමුණ එක්ක රිෂී ගෙ ආදරය කොහොම ගැළැපෙයිද.. ඩිම්පල් රිෂීට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද.. නැතිනම් මේකත් එක නොගැළපීමක් ද..

Be the first to review “Mismatched”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.