My First First Love

කොහොමද යාළුවනේ ඔන්න මම ඔයාලට අලුත් කතාවක Season 1වල සිංහල උපසිරැසි අරගෙන ආවා. ”MY FIRST FIRST LOVE” තමයි කතාවේ නම.ඒ වගේම “BECAUSE IT’S THE FIRST LOVE “කියන නමිනුත් මේ කතාව හඳුන්වනවා.MY FIRST FIRST LOVE Season 1 හා Season 2 වශයෙන් කොටස් 2කින් යුක්තය.මෙහි Season 1 2019 වර්ෂයේ අප්‍රේල් මාසයදීත් Season 2 එ් වසරේම ජූලි මාසයදීත් විකාශනය වී තිබෙනවා.සම්පූර්ණ කතා මාලාවම Season 1 හා Season 2 කොටස් 8 බැගින් කොටස් 16 කින් යුක්තයි.එක් කොටසක ධාවන කාලය මිනිත්තු 50 ක් පමණ වෙනවා.Youth, Romance, Friendship, Drama, Comedy ගණයට අයත් මේ කතාව ජුන් හ්යුන්-ජුන් විසින් නිර්මාණය කර ඇත. ඒ වගේම කතාව රචනා කර ති‌බෙන්නේ ලේඛක කිම් රන්.අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඕ ජින්-සේක්.මෙහි IMDb අගය දැනට 7.6 ක් පමණ වෙනවා.

කතාවේ ප්‍රධාන චරිත ගැන කිව්වොත් Tae-Oh Kang විසින් Choe Hun ගේ චරිතයත් Ji Soo විසින් Yun Tae-o ගේ චරිතයත් Chae-Yeon Jung විසින් Han Song-i ගේ චරිතයත් Jinyoung Jung විසින් Seo Do-hyeon ගේ චරිතයත් Choi Ri විසින් Oh Ga-rin ගේ චරිතයත් රඟ දක්වනවා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් කඩවසම් පෙනුමක් තියෙන යුන් ටේ-ඕට අවුරුදු 20 දි එයාගේ සීයගේ ගෙදර තනියම ජීවත් වෙන්න අවසර ලැ‌බෙනවා.‌මොහුට ඉන්නවා හැන්ග් සොං-යී,ඩෝ හියුන්,චෝ හුන් සහ ඕ ගාරින් කියලා යාළුවෝ හතර දෙනෙක්.තනියම ජීවත් වෙන සොං-යීගේ ‌ගෙදර උසාවියෙන් වෙන්දේසි කරනවා.ඒ නිසා ඇය පාරට වැටෙනවා.ඒ වගේම හුන්ව එයාගේ තාත්තා විසින් ගෙදරින් පන්නනවා.ඒ වගේම ගා රින් තනියම නිවාඩුවක් ගතකරන්න හොරෙන්ම ගෙදරින් පැනලා එනවා.ඔය විදිහට එක එක ප්‍රශ්න නිසා ගෙවල් වලින් පැනලා යන මේ තුන්කට්ටුව අන්තිමේදී ටේ ඕගේ ගෙදරට කඩන් පාත් වෙනවා.ඔන්න ඔහොම තමයි කතාව ගලා ගෙන යන්නේ.මේ අතරතුරේ සොං-යී ආදරය කරන්න පටන් ගන්නවා.”MY FIRST FIRST LOVE” කතාවේ පළවෙනි සීසන් එක් ඔය විදිහට තමයි ඉවර වෙන්නේ.සොං-යී ආදරයෙන් බැඳෙන්නේ කාත් එක්කද කියලා ඔයාලම කතාව බලලා හොයාගන්නකෝ.එහෙනම් ඊළග කොටසෙන් හමුවෙමු……..

Be the first to review “My First First Love”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.