For Better Sri Lanka 🇱🇰 #TogetherStronger #SriLanka

The King’s Affection

ඔන්න යාළුවනේ මම ඔයාලට අලුත්ම අලුත් කොරියන් නාට්‍යක උපසිරැසි අරන් ආවා. මේ පාර මං ඔයාලට ගෙනාවේ Historical, Romance, Drama ඝනයට අයත් නාට්‍යක්. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ (11 වෙනිදා) තමයි මුල්ම කථාංගය විකාශනය වුණේ. ඉතින් මේ නාට්‍ය මේ වෙනකොටත් KBS2 නාලිකාව ඔස්සේ සඳුදා සහ අඟහරුවාදා දිනවල විකාශනය වෙමිනුයි තියෙන්නේ.(Original Network: KBS2, Netflix) කොටස් 20 කින් යුක්ත මේ නාට්‍යයේ මේ වෙද්දි අවසාන කොටස් ටික තමයි විකාශනය වෙමින් තියෙන්නේ.අවසන් කථාංගය මේ මස මැද භාගයේ (Dec-14 වෙනිදා) විකාශය වීමට නියමිතයි.එක් කොටසක් පැය 1 මිනිත්තු 10ක පමණ කාලයක් ධාවනය වෙනවා. මෙච්චර වෙලා මම ඔයාලට විස්තර කරපු නාට්‍යයේ නම තමයි "The King's Affection"එහෙම නැත්තම් ''Affection''.....කථාවේ නමෙන්ම ඔයාලට තේරෙනවා ඇතිනේ මේක මොනවගේ කථාවක්ද කියලා.
ඉතින් මම ඒ ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. "රාජකීය පවුල තුළ නිවුන් දරුවන් සිටීම පිළිකුල් සහගත දෙයක්." "ගැහැණු දරුවෙක් එක්ක ඉපදුණු කුමාරයෙක්...කවුද එහෙම කෙනෙක්ව ර‌ජෙක් විදිහට පිළිගන්නේ?" ඔය විදිහට තමයි කථාව පටන් ගන්නේ. කිරුළ හිමි කුමරිය විසින් නිවුන් දරු උපතක් සිදු කරනවා. එක සමාන පෙනුමැති ගැහැණු දරුවෙක් සහ පිරිමි දරුවෙක්.ඉතින් එකම කුස බෙදාගෙන එකම මොහොතක උපත ලද වරදට ගැහැණු දරුවා(කුමරිය) මරා දැමීමට මහරජතුමා විසින් අණ කරනවා. මහරජතුමාගේ තීරණයට අනුව දරුවා මරා දැමීමට කිරුළ හිමි කුමරියගේ පියා(දැරියගේ සීයා) කටයුතු කරද්දි තම ලෙයින් උපන් දරුවා මරා දැමීමට ඉඩ දීමට බල රහිත කිරුළ හිමි කුමරුට (දැරියගේ පියා) සිදුවෙනවා.කෙසේ හෝ කිරුළහිමි කුමරියේ කූට උපක්‍රමය නිසා පුංචි කුමරියගේ දිවිය රැකෙනවා.මාළිගාවෙන් පිටත දුකසේ හැදී වැ‌ඩෙන කුමරිය හදිසියේම මාළිගාවේ පෙනී සිටිනවා (මෙහෙකාරියක් ලෙස). තමා මෙන් පෙනුමැති මෙහෙකාර දැරිය දුටු කුමරු ඇය සමඟ මිතුරු වෙනවා.සියල්ල දැනගත් කිරුළ හිමි කුමරියගේ පියා දැරිය මරා දමන්න අණ කරනවා. මෙහිදී වැරදීමකින් දැරිය වෙනුවට කුමාරයා මිය යනවා.ඉතින් එතැන් පටන් කුමරුන් විදිහට පෙනී සිටීමට කුමරියට සිදුවෙනවා. මාළිගාවේදී ඇයට(මෙහෙකාරියක්ව සිටියදී) මුණ ගැහුණු ඇගේ ප්‍රථම ආදරය පවා අමතක කරන්න ඇයට සිදු වෙනවා.
මේ විදිහට උස්මහත් වන ඔවුන් හදිසියේම මුණගැහෙනවා....ඉතින් ඔවුන්ගේ නැවත හමුවීම කෙබඳු වේවිද? ඔවුන්ගේ ආදරය නැවතත් දළු දමාවිද?කුමරුගේ (කුමරියගේ) රහස හෙළිවේවිද? ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා................. Lee Hwi(ප්‍රධාන නිළිය) ලෙස Park Eun-Bin, Jung Ji-Woon(ප්‍රධාන නළුවා) ලෙස Ro Woon(SF9), Lee Hyun කුමරු ලෙස Nam Yoon-Soo, Kim Ga-On( Lee Hwiගේ ආරක්ෂකයා) ලෙස Choi Byung-chan, Shin So-On (අමාත්‍ය ශින්ගේ දියණිය) ලෙස Bae Yoon-Kyoung, No Ha-Kyung (Lee Hwiගේ බිසව) ලෙස Jung Chae-Yeon (ඔයාලා කවුරුත් දන්න MY First First Love කථාවේ "හැන් සොං-යී")......... Lee Hwiගේ පවුල - King Hyejong( Lee Hwiගේ පියා) ලෙස Lee Pil Mo, Lee Hwiගේ මව ලෙස Han Chae-Ah,Han Ki-Jae(Lee Hwiගේ සීයා) ලෙස Yoon Je-Moon.......... Lee Hwiගේ හිතවතුන් - Kim උසාවි ආර්යාව ලෙස Baek Hyun-joo, නපුංසක Hong ලෙස Ko Kyu-Pil, ආරක්ෂක Yoon ලෙස Kim Jae-Chul, Yang Moon-Soo(රාජකීය උපදේශක) ලෙස Kim In-Kwon, Park Beom-Du(රාජකීය උපදේශක) ලෙස Rho Sang-Bo, Choi Man-Dal ලෙස Kim Min-Seok......... Jung Ji-Woonගේ පවුල - Jung Seok-Jo(Jung Ji-Woonගේ පියා) ලෙස Bae Soo-Bin, මව ලෙස Park Eun-Hae........ Jung Ji-Woonගේ හිතවතුන් - Bang Jil-Geum ලෙස Jang Se-Hyun, Bang Young-Ji ලෙස Lee Soo-Min, Byulgam Koo ලෙස Heo Jeong-Min........ රාජකීය පවුල - Lee Hwiගේ මිත්තණිය ලෙස Lee Il-Hwa, Jehyun කුමරු ලෙස Cha Sung-Jae, රැජින( Jehyun කුමරුගේ මව) ලෙස Soo Yeo-Eun, Wonsan කුමරු(Lee Hyun කුමරුගේ සහෝදරයා) ලෙස Kim Taek, Changwoon (Lee Hwiගේ මාමා) ලෙස Kim Seo-Ha........ රාජකීය උසාවිය - Shin Young-Soo (අමාත්‍ය ශින්) ලෙස Park Won-Sang, No Hak-Soo (Lee Hwiගේ මාමණ්ඩි) ලෙස Jung Jae-Sung, Chungchungun(අමාත්‍ය) ලෙස Son Jong-Hak.......... වෙනත් - Lee Hwi(ළමා) ලෙස Choi Myung-Bin, Jung Ji-Woon(ළමා) ලෙස Ko Woo-Rim. මේ නාට්‍යය මේ වෙනකොටත් බොහෝ දෙනා ආදරයෙන් වැළඳගෙන අවසන්.(මමද ඇතුළුව).... මම හිතනවා ඔයාලත් මේ නාට්‍යට ගොඩාක් කැමති වේවි කියලා. ස්තූතියි!....නැවත හමුවෙමු.....!!

Add a review

Your email address will not be published.

  1. Pradeep

    Good

    10.0 rating
  2. WWTN Weerasinghe

    it is very beautiful story. i would like to watch that.

    9.0 rating
  3. Nishu

    Where are other subtitles

    10.0 rating