Touch Your Heart

2019 වර්ෂයේ විකාශනය වුණු ලස්සනම ලස්සන කොරියානු කතාවක් තමයි මම අද ඔයගොල්ලන්ට ගෙනත් තියෙන්නේ.ගොඩක් කට්ටිය මේ කතා මාලාව ගොඩක් ආදරයෙන් වැළඳ ගෙන තිබුණා.කතාවේ නම තමයි Touch Your Heart.මේ කතාව tvN නාලිකාව ඔස්සේ තමයි විකාශනය කරලා තියෙන්නේ.දැනට IMDb දර්ශකයේ 7.7ක පමණ අගයක් මේ කතාවට හිමි වෙනවා.

මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Park Joon-hwa රචනා කරලා තියෙන්නේ Lee Myung-suk සහ Choi Bo Rim.කොටස් 16 කින් යුතු මේ කතාව මුලින්ම විකාශනය වෙලා තියෙන්නේ 2019 පෙබරවාරි 06 වෙනිදයි.සෑම සතිිිිියකම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම 21:30ට තමයි එරට වේලාවෙන් විකාශනය වෙලා තියෙන්නේ.Touch Your Heart දකුණු කොරියානු කතා මාලාව Romance,Law,Comedy ඝණයට අයත් වෙනවා.ප්‍රධාන පිරිමි චරිතය රඟපාන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්න Lee Dong-Wook .ඒ වගේම ප්‍රධාන කාන්තා චරිතය රඟපාන්නේ සුරූපී Yoo In na මේ කතාවේ Lee Dong Wook නීතිඥයකුගේ චරිතය රඟ දක්වනවා.

ඒ වගේම Yoo In na ජනප්‍රිය නිළියෙක් වන Oh Yoon Seo ගේ චරිතය රඟ දක්වනවා.මේ කතාවට අමතරව Lee Dong Wook, (Hotel king(2014), Blade man(2014), My girl(2005-2006), Scent of a woman(2011), Wook talk(2019-2020), Life(2018) , මේ වසරේ විකාශනය වූ The Tale Of Nine Tailed කතාමාලාවටද රංගනයෙන් දායක වෙලා තියෙනවා. Queen in hyun’s man(2012), My love from another star(2013-2014) මේ වසරේ විකාශනය වුණු The spy who loved යන කතාමාලාවට Yoo In na රංගනයෙන් දායක වී තිබෙනවා.

මීට අමතරව Lee Dong Wook සහ Yoo In Na දෙපළම 2016 වසරේ විකාශනය වුණු “Guardian: The Lonely And Great God” රූපවාහිනී නාට්‍ය මාලාවටද රංගනයෙන් දායක වුණා.Sang -Woo Lee, Sung Yoon Son, Oh Jeong -Se, Oh Eui -sik, Lee Joon-hyuk, Kyung -Hye Park, Hyung Tak Shin, Jang So Yeon සහ Hee- Jung Kim යන සෙසු රංගන ශිල්පීන්ද ”Touch Your Heart” කතා මාලාවට රංගනයෙන් දායක වී තිබෙනවා.

කතාව ගැන කෙටියෙන් කීවොත් ඔහ් යූන්-සේඕ ජනප්‍රිය නිළියක්. ඇයගේ සුන්දර පෙනුම නිසා ඇය ප්‍රසිද්ධ වුණත් ඇගේ රංගනය නරක ය. ජෙගුක් සමූහයේ දෙවන පුත්‍රයා සමග අපකීර්තියකට සම්බන්ධ වෙනවා. ඇගේ රංගන ජීවිතය වේගයෙන් පහත වැටෙනවා.අන්තිමේදි ජනප්‍රිය තිර රචකයෙකුගේ නාට්‍ය මාලාවක ප්‍රධාන කාන්තා චරිතයක් රඟපෑමේ අවස්ථාව ඇයට හිමිවෙනවා.නීතිඥ චරිතය රඟපෑමට අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට මාස 3කට ඇය ALWAYS නීති ආයතනයට යනවා. ක්වොන් ජුන්ග්-රොක් කියන නීතිඥයාගේලේකම් විදිහට වැඩ කරනවා.ක්වොන් ජුන්ග්-රොක් කියන්නේ සීතල හදවතක් තියෙන කෙනෙක්.ඉතින් මේ මෝඩ ඔහ් යූන්-සේඕයි සීතල ක්වොන් ජුන්ග්-රොකුයි කොහොම එකට වැඩ කරයිද මන්දා.කතාවේ ඉස්සරහට මරු මරු දේවල් සිද්ධ වෙනවා.ඒ ගැන දැනගන්න දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න.ඊළග කොටසෙන් හමුවෙමු …..ආයු‌බෝවන්!

Be the first to review “Touch Your Heart”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.