Watch Trailer

Lanterns [S01 : E07] Sinhala Subtitles | අලුත් ලෝකයක් ! [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

හලෝ හැමෝටම මේ ගෙනත් තියෙන්නෙ ලැන්ටර්න් කතා සමගේ 7 වෙනි එපිසෝඩ් එක. මේකත් කලින් එපිසෝඩ් වගේම සුපිරිම එපිසෝඩ් එකක් කලින් එපිසෝඩ් බැලුවනන් ඔයා මේ වෙද්දි හැල් ජෝර්ඩ්න් මැරිලා ඉන්නෙ කියලා දන්නවා ඇති ඒ වගේම කලින් එපිසෝඩ් එකේ අන්තිමට මුද්දෙන් එයාගෙ ප්‍රොජෙක්ටර් එක ආපහු ගත්තා කියලත් බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සෙ වෙන සිදුවීම් ටික තමයි මේකෙ වෙන්නෙ හැල් මැරුවෙ කවුද කියලා හොයනවා වගේම මේකෙදි ඉස්සෙල්ලා එපිසෝඩ් වල තිබුනා තවත් ප්‍රශ්න කිහිපයකට උත්තර හම්බෙනවා.තව කියනවනන් අපිට මේකෙ අලුත් ග්‍රහලෝකයකුත් බලාගන්න පුළුවන් අපි ග්‍රීන් ලැන්ටර්න්ලා කියන්නෙ කවුද කියලා බලමු දැන් 

 

ග්‍රීන් ලැන්ටර්න්ලා (Green Lanterns) කියන්නේ මුළු විශ්වයේම ආරක්ෂාව බලන space police force එකක් වගේ පිරිසක්.

විශ්වයේ ඉන්න පැරණිම සහ බුද්ධිමත්ම කොට්ඨාසයක් වෙන "Guardians of the Universe" කියන අය තමයි මේ බලකාය නිර්මාණය කළේ. එයාලා මුළු විශ්වයම Sectors 3600 කට බෙදලා, එක Sector එකකට ග්‍රීන් ලැන්ටර්න්ලා දෙන්නා ගානේ දාලා මුළු විශ්වයේම නීතිය හා සාමය පවත්වාගෙන යනවා.

මොවුන්ගේ ප්‍රධානම බලය තියෙන්නේ එයාලා අඳින Green Power Ring එකේ. මේ මුද්ද ක්‍රියාත්මක වෙන්නේ එයාලගේ තියෙන අධිෂ්ඨාන ශක්තිය (Willpower) මත. මුද්ද දාගත්තම එයාලට හිතෙන් මවාගන්න ඕනෑම දෙයක් (ආයුධ, පලිහවල්, යානා වගේ ඕනෑම දෙයක්) කොළ පාට ශක්ති ප්‍රභවයක් විදිහට සැබෑ ලෝකයේ නිර්මාණය කරන්න පුළුවන්.

පෘථිවිය අයිති වෙන්නේ Sector 2814 ට. ඒ වගේම Hal Jordan, John Stewart, Guy Gardner, Kyle Rayner වගේ පෘථිවියෙන් ගිය සූපර් හීරෝස්ලා ගොඩක් දෙනෙක් මේ ග්‍රීන් ලැන්ටර්න් බලකායේ ප්‍රධාන සාමාජිකයෝ විදිහට වැඩ කරලා තියෙනවා

හරි එහෙනම් මේ සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකෙන් හමුවෙමු එතකන් ජය වේවා!

 

 

 

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
40
Downloads
25.2K
Readers' rating
No reviews yet

Write a review of Shathira Mayod →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

876 downloadsDownload Subtitles25 KB

4 comments

  1. HG

    බොහොම ස්තූතියි සහෝ! ♥️

    Reply
  2. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️

    Reply
  3. Sandaru

    Thanks

    Reply
  4. Omindu Senanayaka

    Thanks

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.