Uriyadi 2 (2019) Sinhala Subtitles | අරගලය ! [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් සුපුරුදු විදියට ඔයාලට තවත් ෆිලුමකට උපසිරැසිය අරගෙන ආවා මගේ 40 වෙනි නිර්මාණය විදියට. IMDb අගය 7.5ක් අරගෙන තියෙන 2019 අප්‍රේල් මස 05 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Action, Thriller ගණයට අයත් පැය 1කුත් විනාඩි 51ක් පුරා දිවෙන චිත්‍රපටයක්. Uriyadi (2016) පළමු චිත්‍රපටයේ මෙන්ම දෙවන චිත්‍රපටයද Vijay Kumar විසින් තමයි කතාව ලියල අධ්‍යක්ෂණය කරල රගපාන්නේ. පළමු චිත්‍රපටයත් IMDb අගය 8.1 අරගෙන තියෙනවා. ඉතින් පළමු චිත්‍රපටයෙන්ම ගත්ත සම්මාන කිහිපය පහතින් දැක්වෙනවා.
රාජ් ප්‍රකාශ් ලන්ඩනයේ වෙසෙන ඉන්දියානු සම්භවයක් ඇති ව්‍යවසායකයෙක්. මීට වසර 11 කට පෙර ඔහු එංගලන්තයේ පළිබෝධනාශක කම්හලක් විවෘත කිරීමට උත්සාහ කළ නමුත් එහෙත් එහි භයානක හා යල් පැන ගිය නිෂ්පාදන ක්‍රියාවලිය උපුටා දක්වමින් එරට රජය ඔහුට අවසර දුන්නේ නැහැ එම කර්මාන්තශාලාව විවෘත කරන්න. ඒ නිසා ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය තමිල් කුමාරන්ගේ සහාය ඇතිව ඔහු එම කර්මාන්ත ශාලාව තමිල්නාඩුවේ සෙන්ගතිර්මලෙයි දිස්ත්‍රික්කයේ විවෘත කළා. විදේශීය ප්‍රාග්ධනය උපයෝගී කරගනිමින් තමිල්නාඩුවේ අඩු වියදමකින් නිෂ්පාදනය කරන ලද පළිබෝධනාශක පසුව වෙනත් රටවලට අපනයනය කරන රාජ්ප්‍රකාශ් පැක්සිනෝ කර්මාන්ත ශාලාව ඉහළ ලාභ අනුපාතයකින් ක්‍රියාත්මක කරගෙන ගියා. කර්මාන්ත ශාලාව මීට වසරකට පෙර ගැටලුවකට මුහුණ දුන්නේ මෙම ඒ ඇන්ඩ් ටී පළිබෝධ නාශක භාවිතයෙන් වගා කරන ලද පලතුරු සහ එළවළු, විෂ සහිත අපද්‍රව්‍ය විශාල ලෙස අඩංගු බැවින් එය ගොවීන්ගේ ස්වසන ගැටළු ද ඇති කරන නිසා මෙම පළිබෝධ නාශක තහනම් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ අතර ඇමරිකා එක්සත් ජනපදය සහ බොහෝ යුරෝපීය රටවල්ද වහාම එය තහනම් කළා. ඉතින්, රාජ් ප්‍රකාශ් ඒ ඇන්ඩ් ටී පළිබෝධනාශක වල නම පැක්සිනෝ යන නමින් ඉන්දියාවේ විකිණීම ආරම්භ කළා. එහෙත්, හැබැයි ඒකෙන් ලැබෙන ලාභය ගැන ඔහු සෑහීමකට පත් නොවී ඉන්නකොට ඒ පැත්තෙම කන්දක් මත තියෙන තඹ ලෝපස් හොයාගන්නවා. රාජ් ප්‍රකාශ් වහාම මෙම තඹ ලෝපස් පතල් කර අපනයනය කරන්න තීරණය කරනවා. නමුත් එහෙ ඉන්න ජනතාව ඒකට කොහෙත්ම කැමති වෙන්නෙ නෑ. මෙම ප්‍රශ්නය තම දේශපාලන වාසි සඳහා ගසාකෑමට උත්සාහ කරන සෙන්ගතිර්මාලෙයි හි කුඩා කුල පදනම් කරගත් දේශපාලන පක්ෂයක් පවත්වාගෙන යන සෙන්ගයි කුමාර් ප්‍රාදේශීය ජනතාව තවදුරටත් මේ විරුද්ධතාවයට උසිගැන්නුවා. ඉදිරි මැතිවරණය උපුටා දක්වමින් තමිල් කුමාරන් රාජ් ප්‍රකාශ්ගෙන් ඉල්ලා සිටියේ රාජ් ප්‍රකාශ්ගේ තඹ පතලේ වැඩ කටයුත්ත ප්‍රමාද කරන ලෙස. බලාපොරොත්තු සුන් වූ රාජ් ප්‍රකාශ් රෙගුලාසි කඩ කර දැනටමත් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය පවත්වාගෙන යන කර්මාන්ත ශාලාවේ පළිබෝධනාශක නිෂ්පාදනය කිරීම දෙගුණ කිරීමට කටයුතු කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට MIC ගෑස් වායුව වා තලයට මුදා හැරලා ගමේ ඉන්න මිනිසුන්ගෙන් 255කට ආසන්න පිරිසක් මිය යනවා. තවත් පිරිසක් විවිධ ආබාධයන්ට පත්වෙනවා. ඉතින් මේ කාරණාවලට එරෙහිව එම කර්මාන්තශාලාවෙම සේවය කරන ලෙනින් විජේ මෙයට එරෙහිව ජනතාව පෙළගස්වලා මියගිය අයට යුක්තිය ඉෂ්ට කරල දෙන්න වෙහෙසෙනවා. දේශපාලකයන් එක්ක එකතුවෙලා ධනවතුන් සල්ලි බලයෙන් ජනතාව පීඩාවට පත් කරල ධනවතුන් වෙන්නෙ ඉන්දියාවේ විතරක්ම නෙමෙයි. ශ්‍රී ලංකාවෙත් මෙවැනි සිදුවීම් බහුලව සිදුවනවා නොවනුමානයි.
ඉතින් ලෙනින් විජේ තමන්ගෙ අසරණ මිනිසුන් වෙනුවෙන් කරන අරගලයෙන් ඔවුනට යුක්තිය ඉටුකරල දෙන්නෙ කොහොමද කියල බලමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper WEB-DL පිටපත සඳහා අදාළ වේ.
2258 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks
THanks bro
bohoma sthuthi sahooo jaya …..
Mata ganna ba sub..
Niyamay..film ekath supirima film ekak.baluvata passey me comment eks dannama awe.jayawewa
සුපිරි වැඩක් ජයවේවා …. උපසිරැසියට තුති
සබට තුති වේවා සහෝ…
බලන්න වටින එකක් වගේ.
දිගටම සබ් දෙමු ආ..
ජය!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලම එලම සහෝ..සබ් දෙනකන් බලන් හිටියේ..ජය වේවා !!! ගොඩාරියක් ස්තූති සබ් එකට දිගටම සබ් දෙන්න මේ වගේම සහෝ…
thnx bro..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ස්තුතියි සහෝ…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….
Sthuthi obata sub eka laba dunnata…