MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසි (TV)පවිත් විජේසූරියපවුලේ සැමටවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Vinland Saga [S01: E15 & E16] Sinhala Subtitles | බල අරගල සහ ද්‍රෝහීකම්… [සිංහල උපසිරසි]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Vinland Saga Sinhala Subtitles
මහත්වරුනි, වින්ලෑන්ඩ් සාගා 15 සහ 16 කොටස් දෙකටයි මේ උපසිරසි අරගෙන ආවෙ. පසුගිය කොටස් ගැන බැලුවොත්, තෝර්කෙල්ගෙ අවදානමෙන් බේරෙන්න ආෂෙලැඩ් ඇතුළු පිරිසට පුලුවන් උනා. ඒ වේල්සයෙ සහයෝගය ඇතිවයි. ඉතින් වේල්සයෙ මෝගන්ග් රාජධානිය ඩෙන්මාර්කයෙ කුමරුට උදව් කරන්නෙ කිසිදාක වේල්සයෙ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න බෑ කියන කොන්දේසිය සමඟයි. කොහොමහරි මේ පිරිස බ්‍රිග්හෙනියොන් රාජධානියෙදි ස්වදේශිකයන්ගෙ ප්‍රහාරයක ලක්වෙනවා. ඉතින් ඒ කොටසෙදි අපිට අතිශය වැදගත් කාරණාවක් හෙළිඋනා මතක ඇතිනෙ. කවුද ආෂෙලැඩ් කියන්නෙ, ඔහුගෙ හැබෑම අරමුණ මොකක්ද කියල. ඒක මං මෙතන ආයෙ අමුතුවෙන් කියන්නෙ නෑ එහෙනම්.

බ්‍රිග්හෙනියොන් ප්‍රදේශයෙ උණුසුම පහව ගියාට පස්සෙ ආෂෙලැඩ් හිම කුණාටුව අස්සෙ එන්නෙ එකතරා ගමකට. ඉතින් මං හිතන්නෙ වින්ලෑන්ඩ් සාගා තුළ මෙතෙක් අපිට දැකගන්න ලැබුණු අමානුෂිකම සිදුවීම දැකගන්න ලැබුණා. මතක ඇතිනෙ ගමේ මිනිසුන්ට මොකද උනේ කියල? ඉතින් මීට වඩා වැඩියෙන් ලිපියෙ කතාවගැන සදහන් කරන්න බෑ. හැමෝම මේක කුතුහලය රැකගෙන බලන්න ඕනෙනෙ. එහෙනම් මේ කොටස් දෙකෙත් මොකද වෙන්නෙ කියල බලමු අපි…
ඉහත සිතියම බැලුවොත් ආෂෙලැඩ් ගෙ පිරිස මෝගන්ග් සිට බ්‍රිග්හෙනියොන් හරහා අර ඉහත කිව්ව ගම්මානයට ගමන් කරපු විදිහයි සදහන් වෙන්නෙ. මේ අතරෙ තෝර්කෙල් සිය හමුදාව සමඟ ග්ලෝස්ටර් වල රැඳිලා ඉන්නවා. ඉතින් මේ වෙනකොට ආෂෙලැඩ් ඔහුගෙ පිරිස සමඟ ඉහත ගම්මානයේ දවස් 10කට ආසන්න කාලයක් රැඳිලා ඉන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 238 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

All BT1

3 thoughts on “Vinland Saga [S01: E15 & E16] Sinhala Subtitles | බල අරගල සහ ද්‍රෝහීකම්… [සිංහල උපසිරසි]

  • Ishan Madusha

    බොහොම ස්තූතියි.

    Reply
  • thanks pavith bro…… ithru tikath oni…..

    Reply
  • Arusha herath

    Supiri… Gammk thama Saho..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *